(ටී.කේ.ජී.කපිල )
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පිවිසීම සදහා නව මහා මාර්ගයක් අද (14) දින උදෑසන 9.00 ට විවෘත කරනු ලැබීය .
මං තීරු දෙක බැගින් , දෙපසට ගමන් කළ හැකි මං තීරු හතරකින් යුත් මෙම මාර්ගය මීටර් 600 ක දිගකින් යුක්ත වේ. මෙම මහා මාර්ගය ඉදිකිරීම සදහා රුපියල් මිලියන 600 ක් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම වැය කර තිබේ. මෙම මහා මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාස 03 ක් වැනි කෙටි කාළයක් තුළ ඉදිකරනු ලැබ ඇත.
මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා මෙසේ පැවසීය .
ගුවන් තොටුපළ ඉදිරිපිට දැනට තියෙන මහා මාර්ගය ඔස්සේ දිනකට රථ වාහන 26,000 ක් පමණ ගමන් ගනිමින් තිබෙනවා . ඒ නිසා දිනපතා ගුවන් තොටුපළ ආශ්‍රිත ප්‍රදේශයේ විශාල වාහන තදබදයක් පවතිනවා . එම වාහන තදබදය අවම කිරීමටත් මෙම මහා මාර්ගය පිළියමක් .
මෙම අවස්ථාවට සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , එම සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි , එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අරුණ වරුෂහැන්දි , සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මසේන , සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ගුවන් සේවා ) සුනිල් ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු විශාල සම්භාවනීය අමුත්තන් පිරිසක් ද සහභාගී වී සිටියහ .

COMMENTS
ඇමති / මන්ත්‍රී කිසි කෙනෙක් නැතිව නිලධාරීන් පිරිසක් පමණක් සහභාගි වී කරනු ලබන විවෘත කිරීමක් මගේ මේ ජීවිතේට අහන්න ලැබුණාමයි. හරි පුදුමයි.
මාර්ගයේ දිග මීටර් 600යි, වියදම රුපියල් මිලියන 600යි. මොනවයින්ද දන්නෙ නැහැ ඕක හදල තියෙන්නෙ. තාරවලින් නම් වෙන්න බැහැ.
දෙයි හාමුදුරුවනේ දැන් දේශපාලුවන්ගේ වැඩේ නිළධාරි පටන් අරන්, අනේ ලැජ්ජාවක් නැති හැටි පාරක් අරින්න එකතු වෙලා ඉන්න සෙට් එකක්. ඔයිට හොද නැද්ද ඔය පාර හදන කොට දාපු බැරියර් ටික අයින් කරද්දිම පාර විවෘත වෙන්න දුන්නා නම්... ඔය සෙට් එකට කන්තෝරු වල රටට වැඩක්වෙන දෙයක් කරගෙන ඉන්න තිබුනා.
කොවිඩ් හැදෙයි කියලා බයේ...
ඕක අලුතෙන් හදපු පාරක් නොවේ... තිබෙන පාරකට තාර ටිකක් දමල ,