IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කටුනායක ගුවන්තොටුපලට ජාත්‍යන්තර සහතිකයක්


(තිළිණි ද සිල්වා)

ජාත්‍යන්තර ගුවන්තොටුපල කවුන්සිලය (Airports Council International) විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල කොව්ඩ් අවදානම මත ආරක්ෂිතව පවත්වාගෙන යා හැකි  පහසුකම් වලින් සමන්විත බවට තත්ත්ව සහතිකය ලබා දී ඇති බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන  රාජ්‍ය ඇමැති ඩී වී චානක මහතා පැවසීය.

ලෝකයේ ජත්‍යන්තර ගුවන් තොටුපළවල් 1200 අතුරින් රටවල් 196ක් මෙවැනි සහතිකයක් හිමිකර තිබෙන බවත්, ඒ අතරට ශ්‍රි ලංකාව පැමිණ තිබීම විශේසත්වයක් බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
 
ජාත්‍යන්තර ගුවන්තොටුපල කවුන්සිලය මෙරට කටුනායක ගුවන්තොටුපළ පවිත්‍රතාවය, විෂබීජ හරණය, දුරස්තභාවය, සේවක ආරක්ෂාව, ප්‍රමාණවත් ඉඩපහසුකම්, ගුවන් මගී අවශ්‍යතාවයන්, වැනි කරුණු පිළිබදව අධ්‍යයනය කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.

 

එසේම මගී පර්යන්ත තුලදී ලබා දෙන සේවාවන් හි සෞඛ්‍ය ආරක්ෂාව හා ගුණාත්මක භාවය හා ක්‍රියා දාමයන් පිළිබදව සැළකිලිමත් වී ඇතැයි ද හෙතෙම පෙන්වාදේ.

මගී පර්යන්තට ඇතුලුවීම හා පිටවීම ආරක්ෂක අංශ හා කටයුතු කිරීම,ආගමන විගමන  අංශ, ගිමන්හල්, ප්‍රභූ පර්යන්ත හා අමුත්තන් පැමිණෙන ආදි ස්ථානයන්හි සෞඛ්‍ය ආරක්ෂාව සැළකිල්ලට ගෙන ඔහු වැඩිදුරටත් කීවේය.
 
ජාත්‍යන්තර ගුවන්තොටුපල කවුන්සිලය ලෝක ගුවන්තොටුපල බලධාරීන්ගේ ගෝලීය වෙළඳ නියෝජිතයෙකි. රජයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ගුවන්තොටුපලවල අවශ්‍යතා නියෝජනය කරයි, ගුවන්තොටුපල සඳහා ප්‍රමිති, ප්‍රතිපත්ති සහ නිර්දේශිත භාවිතයන් සංවර්ධනය කරන අතර එය ලොව පුරා ප්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා තොරතුරු සහ පුහුණු අවස්ථා සපයයි.



අදහස් (0)

කටුනායක ගුවන්තොටුපලට ජාත්‍යන්තර සහතිකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 112 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site