IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කටුනායකට ආ යානයක් මත්තලට

(ටී.කේ.ජී.කපිල)

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පවතින දැඩි වර්ෂාව සහිත කාළගුණික තත්වය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කර තිබේ.

අද (24) උදෑසන 8.50 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානය මත්තල ගුවන් තොටුපළ වෙත උදෑසන 9.30 ට ගොඩ බස්වා ඇත.

 



අදහස් (16)

කටුනායකට ආ යානයක් මත්තලට

sisira Thursday, 24 October 2019 04:56 AM

වී ගබඩා කරන්න නේද එක ගන්නවා කිවේ? පලාලි වලට යවන්න බැරිද..?

:       68       337

HafeelThursday, 24 October 2019 06:36 AM

එයා නියෝග කලේ නැතිලු. එයා දන්නවත් නැතිලු. රවීට හැදිච්ච රෝගය දැන් මෙයාටත් බෝවෙලා.

:       88       546

sagara Thursday, 24 October 2019 05:16 AM

ඇයි මේ මිනිස්සුන්ට මෙතනින් යන්න ඉඩ දෙන්නේ නැත්තේ?

:       0       65

NimalThursday, 24 October 2019 06:50 AM

කටුනායකින් යන්න තියෙන එක මොන පිස්සුවකටද මත්තල යන්නේ? ඒ අහළ පහළ ඉන්න අයටනම් නම් ප්‍රශ්නයක් නෑ.

:       3       22

winsonThursday, 24 October 2019 07:07 AM

කාටවත් එළියට යන්නේ දෙන්නේ නැහැනේ.

:       2       18

දනා Thursday, 24 October 2019 05:30 AM

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපල (වරායට) යැව්වා නම් හරිනේ...

:       43       107

kap Thursday, 24 October 2019 06:10 AM

මාසෙකට වරක් ප්ලේන් එකක් එනවා , එකත් කටුනායකට වැස්සොත් විතරයි. ඕක හැදුවේ අනාගතේ වෙනුවෙන් නම්, ඇයි ඕක හදන කාළෙම බිස්නස් ප්ලැන් එකක් හැදුවේ නැත්තේ. වැරැද්ද කරලා දැන් ඊලග ආණ්ඩුවට බන කියනවා. හොද වෙලාවට ඔකේ කාර්ගෝ වෙයාර් හවුස් එකේ වී ගබඩා කරේ.

:       703       54

සේනThursday, 24 October 2019 06:42 AM

ඕනෑම රටක අවම වශයෙන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ දෙකක්වත් තිබිය යුතුය. ප්‍රධාන ගුවන්තොටුපළේ කිසිවම් ගැටලුවකදී ගුවන් යානා බැස්සවීම සඳහා අනෙක භාවිතා කළ හැක. නැත්නම් ආසන්නතම රටේ ගොඩ බස්සවා ඒ සඳහා විශාල මුදලක් ගෙවිය යුතුය. මත්තල හැදූ නායකයා ගෙදර යන විට එය රැගෙන ගියේ නැත. එය ජාතික සම්පතක් ලෙස රැක ගැනීම හා දියුණු කිරීම සෑම රජයකම වගකීමකි. පුරවැසියෙක් ලෙස සිතන්න. කැපුවත් කොළපාට ලෙස සිතුවොත් නිකම්ම හිස් පුද්ගලයෙකු වනු ඇත.

:       5       1313

kamalThursday, 24 October 2019 10:37 AM

ගරු සේන මහත්මයා, හදිස්සියකදී විතරක් ගුවන්යානා බස්සවන්න කෝටිප්‍රකෝටි ගණනක් වියදම් කරලා පරම්පරා ගණනාවක් ණයකරුවන් කරලා දියුණු වුණු රටක් තියෙනවද කියා සොයා බලන්න. මේ වගේ ඉසිලීමට බැරි වියදම් සහිත කරයුත්තකදී ඉතා වැදගත් ව්‍යාපාර සැලැස්මක් සැදීම දියුණු රටවල සිරිතයි. මේ ගුවන් තොටුපොළත්, වරායත් දෙකම නිකම්ම නිකම් සුදු අලියන් බව දැන් පැහැදිලියි. මේවාගේ ඇස්බැන්දුම් වලට රටේ ජනතාව රවටා ඔවුන්ගේ ඡන්දය හොරකම් කිරීම බොහොම 3 වැනි කොලේ රටවල නිතර දෙවේලේ කෙරෙන දෙයක්... ඔබත් අහුවුණු කෙනෙක්...

:       226       24

shanikaThursday, 24 October 2019 07:03 AM

වී ගබඩා කරලා දැන් පේනවනේ අගමැතිටත් උත්තර දෙන්න වෙලා තියෙනවා.

:       4       21

Hafeel Thursday, 24 October 2019 06:39 AM

මත්තල ගුවන් තොටුපොල දැන් හරියට වේදිකා දෙකක් තියන ප්‍රධාන දුම්රිය ස්ථානයක් වගේ. තවත් දුම්රියක් එම දුම්රිය ස්ථානයෙන් ගමන් කරනතුරු දෙවැනි වේදිකාවේ නවත්තලා තියනවා වගේ තමයි මේ මත්තලත්.

:       210       32

ලක්සිරි Thursday, 24 October 2019 07:17 AM

ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍රී ලන්කන් එයාර් ලයින් එකට විතරනේ. වැස්සට කටුනායක බෙදාගන්න බැරි ගැටලුව තියෙන්නේ? අනෙක් එයාර්ලයින් වලට නම් ඒ ප්‍රශ්නේ නැහැ. පේනවනේ දක්ෂතාවයේ තරම? වැඩ බැරි ටාසන්ලා....

:       20       55

kapThursday, 24 October 2019 10:28 AM

නෑ හලෝ. සමහර ප්ලේන්වල වැස්ස වෙලාවේ බාන කොට ඒ අවස්ථාවේ තියෙන හුළඟ දිසාව, වේගය අනුව තමයි බාන්න ඉඩ දෙන්නේ. හුළඟේ දිසාව ඉතා සුළු මොහොතකින් වෙනස් වෙන සුළු නම්, ප්ලේන් එකට බාන්න දෙන්නේ නැහැ. කැරකිලා ඉඳලා නැවත එන්න කියනවා. තෙල් අඩුනම් ළඟම තියෙන ගුවන් තොටුපලට යවනවා. මෙතන වෙන්නේ එ්කයි. නැතුව ශ්‍රී ලන්කන් එකේ නියමුවන්ගේ වැරද්දක් නෙමෙයි. නොදන්නා දේ කතා නොකර සිටින්න. කියවන " වින්ඩ් ශියර් " කියන දේ ගැන...

:       4       20

susantha Thursday, 24 October 2019 10:44 AM

ශ්‍රී ලන්කන් එකේ දුවන්නේ අඩුම තෙල් ප්‍රමාණයකින්.. මුදල් ඉතුරු කරගන්න. හදිසියකදී හෝ ගුවන් ගමන් පථයක් ලබාගන්න බැරිවුණොත් ඒ ගොල්ලන්ට වැඩි වෙලාවක් ගුවනේ ඉන්න බැහැ. ඉන්ධන අඩු නිසා... කොහෙට හරි හැකි ඉක්මණට බාන්නවෙනවා. මේකයි රහස...

:       9       1

kapThursday, 24 October 2019 11:41 AM

තෙල් අඩුවෙන් දුවන්නේ නැහැ. නියමිත ප්‍රමාණේ කොහොමත් අරන් යන්නේ. කාගෝ වැඩිනම් තෙල් අඩුවෙන් ගන්නේ? කොහොමත් කටුනායකට ළඟ එයාපෝර්ට් 2 ක් තියෙන නිසා....මත්තල නැත්නම් චෙන්නායි. මේක හැම කොමෂල් ගුවන් සමාගමක්ම කරන දෙයක්.

:       0       4

anura Thursday, 24 October 2019 12:12 PM

ඉන්දියන් සාගරයේ වී ඇටය යයි විරුදාවලි ලත් ගුවන් තොටුපලට යානාවක් බාලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28497 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18198 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 10980 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 681 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 202 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site