IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


කංජිපානිගේ පියාගේ නඩුවේ විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි පොලිසියට නියෝග

(ඩී.ජී.සුගතපාල)
 
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින, කංජිපානි ඉම්රාන්ගේ පියා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත්, විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙසත් පොලිසියට නියෝග කර, වැඩිදුර විභාගය සැප්තැම්බර් 2 දින දක්වා කල් තැබීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා   අද(24) නියෝග කළේය.
 
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවකු වන කන්ජිපානි ඉම්රාන් නමැති සිරකරුට කෑම බඳුනක සඟවා ජංගම දුරකතන දෙකක් සහ චාජර් දෙකක් දීමට තැත්කිරීම සම්බන්ධයෙන් එම පියාද ඇතුළුව සැකකරුවන් 6දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි.
 
කන්ජිපානි ඉම්රාන්ගේ පියාවන මොහොමඩ් ඉම්රාන් මොහොමඩ් නසීම්, මොහොමඩ් නසිම් අබ්දුල් ෆාසිස්, මොහොමඩ් කුකුබ්දින් මොහොමඩ් වසිම්දීන්,  මොහොමඩ් ඉස්තිකාර් මොහොමඩ් සෆ්රාස්, මොහොමඩ් ඉල්හාම් මොහොමඩ් අෆ්රිඩින්, මොහොමඩ් සරූක් මොහොමඩ් ෆායිස් යන සැකකරුවන් හය දෙනාට එරෙහිව මෙම නඩුව පවරා ඇත..
 
ඉකුත් සැප්තැම්බර් 12 දින පවත්වන ලද ‘සිරකරු සුබ සාධක  දිනය’ නිමිත්තෙන් ඕනෑම අයෙකුට රැඳවියන් බැලීමට අවස්ථාව ලබාදී තිබු අතර ඒ අනුව කන්ජිපානිගේ පියා, සහෝදරයා සහ ඇතුලු සැකකාර ඥාතීන් සිව්දෙනා ද කෑම බඳුනක්ද රැගෙන පැමිණ සිටියහ. බන්ධනාගාර නිලධාරීන් විසින් එය පරීක්ෂා කිරීමේදි  බඳුන  පතුලේ සූක්ෂමව සඟවා තිබූ ජංගම දුරකතන දෙකක්, සිම්පත් දෙකක් සහ චාජර් දෙකක් සොයාගන්නා ලදී.
 
පොලිසිය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකරුවන්ට දෙන ලද ජංගම දුරකතන දෙකේ සිම් පත්වල අයිතිකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවය. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ කන්ජිපානි ඉම්රාන්ගේ පියා පිහි ඇනුමකට ලක්ව මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවය.
 
සියලු කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා විමර්ශන අවසන්කර  වැඩිදුර ප්‍රගතිය ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කොට නඩු විභාගය සැප්තැම්බර් 2 දින දක්වා කල් තබන ලදි. 
 
රත්ගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරිකෂක දේවසිංහ මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලද අතර සැකකරුවන් වෙනුවෙන්  නීතිඥ ප්‍රදීප් මදනායක මහතා පෙනී සිටියේය.



අදහස් (0)

කංජිපානිගේ පියාගේ නඩුවේ විමර්ශන කඩිනමින් අවසන් කරන්නැයි පොලිසියට නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 103 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 943 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2549 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site