IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කච්චිමඩුව ජලාශය වාන්දමයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශය නැවතත් වාන්දැමීම හේතුවෙන්, කුඹුරු අක්කර 50කට අධික ප්‍රමාණයක පවතින ගොයම් පැළ ජලයෙන් යටවී විනාශ වෙමින් පවතින බව ගොවීහු පවසති.
 
කච්චිමඩුව ජලාශයේ වාන් ජලය කිරල් ඔයට ගලායාම හේතුවෙන් එයද පිටාර ගැලීමට ලක්ව ඇතැයිද, මේ හේතුවෙන් දින 10ක් පමණ වන ලපටි ගොයම් පැළ කුණු වී මැරී යාමේ අවදානමට ලක්ව ඇතැයිද ඔවුහු කියාසිටිති.
 
මේ පිළිබඳව අදහස් දැක්වූ ජයන්ත රෝෂාන් මහතා පවසා සිටියේ මෙවැන්නකි.
 
“කොට්ටුකච්චිය වම් ඉවුරේ, නවදැල්ල කොටසේ අක්කර 50 ක් විතර  දින 5කට වැඩියෙන් කච්චිමඩුව ජලාශයේ වාන් ජලයෙන් යට වෙලා. අපිට කලින් වගාකරන්න කියලා දැනුම්දීලා තිබෙන නිසා අපි වගා කළා. නමුත් මේ වන විට අපේ කුඹුරුවල ගොයම් පැළ කුණුවෙන්න අරගෙන. අක්කරයක් වගා කරන්න අපිට බිත්තර වී වලටත් එක්ක රුපියල් 40,000 කට වඩා වැඩියෙන් වැයවෙලා” යැයි කීය.
 
මේ පිළිබඳව අදහස් දක්වමින් සිටි කේ. පී. නිශාන්ත මහතා මෙසේ පැවසීය.
 
“මේ ජලය බැහැලා යන්න විදිහක් නැත්තේ ගල්කුලමේ ඉදල මුරියාකුලමට යන්න තිබෙන මාර්ගයේ බෝක්කු කිහිපයම සම්පූර්ණයෙන් වසා දමා තිබෙන නිසායි. මේනිසා ජලය බැසයන්න නිසි ක්‍රමයක් නැති වෙලා” යැයිද සඳහන් කළේය.
 
පුත්තලම ප්‍රාදේශීය ඉංජිනේරු දිලිප හෙට්ටිආරච්චි මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වීය.
 
“ ජලයෙන් පිරුණු කුඹුරු කොටසක් බලන්න මම ගියා. එහි ගැටලුවක් ඇති බව පෙනුනා. කිරල් ඔයේ ස්ථාන කිහිපයක් අවහිර කරලා. ජලය ගලායාම වළක්වා ඇතැයි කියන ස්ථාන සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නවා” යැයිද කීය.



අදහස් (0)

කච්චිමඩුව ජලාශය වාන්දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 35 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site