
(රොෂාන් ගුණරත්න)
ලෝරී එවන්ස් (නොදැවී 53), අෂාන් ප්‍රියංජන් (නොදැවී 47) සහ කේයිස් අහ්මඞ්ගේ (නොදැවී 50) වේගවත් පිතිහරඹය හමුවේ හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 20 වැනි තරගය කඩුලු 6 කින් ජයගැනීමට කොළඹ කිංග්ස් පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 204 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කිංග්ස් පිල ඕවර 18.5 කදී කඩුලු 4 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල වයිකිංග් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 203 ක් රැස්කළේය.
ඇන්ජලෝ පෙරේරා පන්දු 51 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 74 ක් රැස්කළ අතර නිරෝෂන් දික්වැල්ල පන්දු 40 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 65 ක් රැස්කිරීමට සමත්විය.
දඹුල්ල වයිකිංග් - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 203
(සමිට් පතෙල් 26, නිරෝෂන් දික්වැල්ල 65, ඇන්ජලෝ පෙරේරා නොදැවී 74, දසුන් ශානක නොදැවී 28, කේයිස් අහ්මඞ් 23/2)
කොළඹ කිංග්ස් - ඕවර 18.5 කදී කඩුලු 4 ක් දැවී 205
(ලෝරී එවන්ස් නොදැවී 53, අෂාන් ප්‍රියංජන් නොදැවී 47, තික්ෂිල ද සිල්වා 31, කේයිස් අහ්මඞ්ගේ නොදැවී 50

වැඩි විස්තර සදහා www.kelimandala.lk වෙත පිවිසෙන්න.
COMMENTS