
(නිමල කොඩිතුවක්කු)
ගෝලීය ශ්‍රී ලාංකික තරුණ බලකායේ මූලිකත්වයෙන් මට්ටක්කුලිය කාක දූපත වෙරළ උද්‍යානයේ ඉදි කරන ලද බුදු මැඳුරක් නිරාවරණය කෙරිණි.
දිවුල්වැව අරියදේව හිමියන්ගේ අනුශාසකත්වය පරිදි මහර බන්ධනාගාර අධිකාරියේ ජගත් චන්දන වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කරන ලදී.
හිටපු සිවිල් ආරක්ෂක බලකා ප්‍රධානී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඇතුළු සිවිල් ආරක්ෂක බළකාය විසින් බළකාය විසින් මව්බිම වෙනුවෙන් ඉටුකරන ලද සේවය අගය කරමින් මෙම බුදු මැදුර පරිත්‍යාග කළ බව ගෝලීය ලාංකික තරුණ බලකායේ බළකායේ සභාපති නුවන් දඹගේ මහතා පැවසීය.
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වන රවීන්ද්‍ර ලේකම්වසම්, ලක්මාල් හිරාන් පවිත්‍ර සේනානායක ඇතුළු පිරිසක් මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇත.
ගෝලීය ලාංකික තරුණ සංවිධානය මෙයට පෙරද මෙරට සමාජ සුබසාධන ව්‍යාපෘති රැසකට අනුග්‍රහය දක්වා ඇත.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.