අනීෂා මානගේ
කොකේන් භාවිතා කරන ආණ්ඩුවක් සමඟ කොකේන් නැති කළ නොහැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා කියයි.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසූයේ අද (19) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී මාධ්‍යවේදින් විමසූ ගැටළු වලට පිළිතුරු ලබා දෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීවේය.
කොකේන් භාවිතා කරන අය කැබිනට් එකේ ඉන්නවා නම් ඒක ප්‍රසිද්ධියේ කියන්න ඕනෑ. පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොටම චෝදනා කරන්න බැහැ. කැබිනට් මණ්ඩලයේ ඉන්න සියලුම දෙනාට චෝදනා ඉදිරිපත් කරල තිබෙනවා. ඒ අය දැනගන්න ඕන කැබිනට් මණ්ඩලය බේරගන්න. කෝකේන් ගහන ආණ්ඩුවක් එක්ක කොහොමද කොකේන් නැති කරන්නේ.
මේ වකවානුවේදී සිදුවන ඇතැම් සිදුවීම් 89 -90 කාලයේදී වුණ සිදුවීම් වගෙයි. ඒ කාලයෙත් ඇවිත් උස්සගෙන ගිහින් අතුරුදන් කළා. දැනුත් ඒ වගේ අතුරුදන් කරල තිබෙනවා. ආණ්ඩුව මේවට වග කියන්න ඕන. මේවායින් මිදෙන්න ඒ අයට බැහැ. රජය වගකීම බාරගත යුතුයි.
පළාත් සභා මැතිවරණය වහාම පැවැත්විය යුතුයි. එහෙමත් නැතිනම් පාර්ලිමේන්තු මැතිවරණය තියන්න ඕන. ජනාධිපතිවරණයටත් අපි සූදානම්. ඕනෑම මැතිවරණයකට අපි සූදානම්.
COMMENTS
මහත්මයෝ ප්‍රශ්නෙකට තිබෙන්නේ අලුතෙන් ආණ්ඩුවක් හැදුවත් එකේ පක්ෂ පාට නාම පුවරු වෙනස් වුනත් එකෙන් බාගයක්ම ඇමතිකම් ගන්නේ මේ ටිකමනේ
අපිත් බලාපොරොත්තු වෙන්නේ මැතිවරණයක්. කවුරු දිනුවත් එය ජනතාවගේ කැමැත්තයි.
වීපක්ෂයත් ආණ්ඩුවේ කොටසක් .
කතාව ඇත්ත.
එතකොට 2009 -2015 ඇතුලතදී අතුරුදන් වුනේ මිනිසුන් නොවේද ? ඔබ මැරිලා ඉපදුනාද? ...නැතිනම් ජනතාව මැරිලා ඉපදුනාද ?
රටේ නායකයා එතනෝල් කුඩු රජෙක්ව එදා මහා පාරේ බදාගත් එක අමතක වෙන්නේ කාටද ? ඒකනිසා මමනම් කියන්නේ කටවහගෙන ඉන්නවනම් තමයි හොඳ කියලයි ..
ද සිල්වා මයා ඒසේ සිදුවන්නේ ජනතාව මේටික බලයට පත් කරන නිසානේ. සමහරවිට මහින්ද මහතාත් මොවුනට අකමැති ඇති නමුත් ඇමතිකම් දෙන්න වෙනවා. කෙනෙකුට ඇමතිකමක් නොදුන්නොත් ඔහු විපක්ෂයට යනවා. ඔහු පමණක් නොවෙයි පසුපස විපක්ෂයට යන ජනතාවකුත් ඉන්නවා.
දෙලක්ෂ පනස් දාහක වැඩිපුර ජනතාවගේ කැමැත්ත නිසා තව පනස්හත් ලක්ෂයක් විඳවනවා. අන්න එතනයි වැරැද්ද.
එතකොට ඒකාලේ සුදු වැන්වලින් ඇවිත් අරන්ගියේ ආදරේට වෙන්න ඇතිනේද? අර දුවල ගිහින් ලංසව බදාගත්තේ කුඩු උවදුරෙන් කොකේන් උවදුර නැති කරන්න වෙන්න ඇති. අනේ මේ කිතුලට නැගපු එකාටත් උත්තරයක් තිබුනලු නේද?
රටට මත්ද්‍රව්‍ය පුරුදු කරේ මහ රජතුමා ඔබගේ කාලයේ තමයි ඊට පෙර නොතිබුනා නොවේ සුළු වශයෙන් නමුත් ඔබගේ කාලය තුළ මහාපරිමාණයෙන් මත්ද්‍රව්‍ය කාරයෝ ව්‍යාප්ත වුනා. උන්ගේ සල්ලිවලින් තමයි ඔගොල්ලන් යහතින් වැජඹුණේ මහා පරිමාණ කුඩු ව්‍යාපාරිකයෝ ලගින්ම ඇසුරු කළා මුළු රටම දන්නවා දැන් බයිලා ගහන්නේ නැතුව ඉන්න. රටට නියම ආදරයක් කරන මිනිස්සු බාල වැඩ කරන්නෑ වෙස් මූණ දාගෙන සිංහ හම පොරවා ගෙන ඔබ කරන රඟපෑම හරිම තාත්විකයි ගරු මැදමුලනේ රජතුමනි
මේක ඇත්තටම රට ආණ්ඩු කරපු එකෙක්ද
ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමනි ..... ඔබ තුමා සමහරවිට " නාමල් රාජපක්ෂ " කියල කෙනෙක් අඳුරනවද ..? අන්න එයා තමයි පසුගිය ආණ්ඩු කාලයේදී තම යහළු, යෙහෙලියන් එකතු කරගෙන සාදයන් පැවැත්වුවේ.
"එයා තමයි පසුගිය ආණ්ඩු කාලයේදී තම යහළු, යෙහෙලියන් එකතු කරගෙන සාදයන් පැවැත්වුවේ" තම යහළු, යෙහෙලියන් එකතු කරගෙන සාදයන් පැවැත්වීම නීතියෙන් තහනම් බව එයා දැනගෙන සිටින්නේ නැතුව ඇති. මමත් දැන ගත්තේ ඔබකීවාට පසු. සාදයන් පැවැත්වීම නීතියෙන් තහනම් වන්නේ මොන නීතිය යටතේද කියා කියන්න පුළුවන් නම් වඩාත් කැමතිය. අනේද කියන්නේ
මේක බ්‍රහ්මන කතාවක්නේ නාමල් පමණක් නොවෙයි වයසට ගිය අපිත් සෑම සෙනසුරාදාවකම සවස ගැහැණු පිරිමි එකතු වී ඔර්ගනිස්ට් ගෙන්නාගෙන මියුසික් සමග සාද පවත් වනවා එක එක සාමාජිකයාගේ ගෙදර? දැන් ටික වෙලාවකට ප්‍රථම මැස්සජේ එක ආවා කාගේ ගෙදරද ලබන සෙනසුරාදා සාදය තියන්නේ කියලා. සාද පවත් වීම නාමල් රාජපක්ෂට තහනම් ද?
හරියට හොරකම් කල ආණ්ඩුවක හොර කම නතර කරන්න බැරි වුනා වගේ
නාමල්ගේ ලම්බෝගිනි එහෙම දැක්කේ නැද්ද ? තමන්ට තමන් ගැනම ලජ්ජා හිතෙන්නේ නැද්ද පදනමක් නැති කටකතා විස්වාස කිරීම ගැන. අපිට ඇසු පමණින්ම දේවල් පිළිගන්න එපා කියන පණිවිඩය දුන්නේ අපේ ගුරුවරු.
පසුගිය කාලයේ පහල වුන නායකයන්ගෙන් කුඩුජාවාරම්, පාතාලේ ක්‍රියාකාරකම්, අල්ලස් දුෂණ මැඩ පවත්වන්න ශක්තියක්, හැකියාවක් තිබුන එකම නායකයා ඔබතුමා බව අවිවාදයෙන් පිළිගන්න ඕනේ. කොටි ත්‍රස්තයන් නැත්තටම නැති කරපු ඔබතුමාට අවශ්‍යතාවයක් තිබුනා නම් මේ ටික නැති කරන්න 2009- 2015 දක්වා කාලය හොඳටෝම ඇති. නමුත් ඔබතුම ඒවා කලේ නැහැ, දැන් ඔය මොනවා කිවත් ඔබතුමාට බලයට ඒමට අසීරු වාතාවරණයක් තිබෙන්නේ. අනිත් පැත්තෙන් බලනකොට ඔබතුම අලුතෙන් පත්වුනත් මේවා කරාවී කියල අපි කොහොමද 100% විශ්වාස කරන්නේ