(ටී.කේ.ජී.කපිල )
කොකේන් ගිල දමා ලංකාවට ආ කෙන්යානු ජාතික කාන්තාවගේ ආමාශය තුළ වූ ගුලි කීපයක් පුපුරා යෑමෙන් අසාධ්‍ය තත්වයට පත්ව මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.
කෙන්යාවේ නයිරෝබි සිට ඉතියෝපියාවේ අඩිස් අබාබා වෙතින් කොකේන් මිලට ගෙන ඒවා උපත් පාලන කොපු තුළට බහා ගුලි ලෙස සකස් කර ගිල දමා ඇත.
පසුව ඇය කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ එතැන් සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබිණි.
සැකකාරිය රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමකින් යුතු කොකේන් ගුලි 100 ක් පමණ ගිල දමා ඇති බව ස්කෑන් පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇත.
ගුවන්තොටුපළ නිලධාරීන්ට විසින් ඇය අත්අඩංගුවට ගැනීමත් සමඟ මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති තිබිණි.
35 හැවිරිදි වියේ පසුවන සැකකාරිය ගිල දමා ආ කොකේන් ගුලි වලින් දැනට ගුලි 19 ක් පිටතට ගත් බව වෛද්‍යවරු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd