IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඖෂධ හිඟකමින් මාලිගාවත්තේ රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානයේ ගැටලු

(බිඟුන් මේනක ගමගේ)
 
මාළිගාවත්ත වකුගඩු මධ්‍යස්ථානයේ ඖෂධයක හිඟකම නිසා රුධිර කාන්දුපෙරණ රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටිතැයි එහි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.
 
අවශ්‍ය තොග නොමැතිවීමෙන් මෙසේ හිඟව ඇත්තේ රුධිර කාන්දුපෙරණය සඳහා භාවිත කරන රසායනික දියරයක් යැයි මාළිගාවත්ත වකුගඩු මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් ‘ලංකාදීප’ යට අද  (1) පැවැසීය. 

රුධිර කාන්දුපෙරණයේදී රෝගීන්ගේ රුධිරය පිරිසිදු වන්නේ යන්ත්‍රයට සවි කරන මෙම රසායනික දියරය මගින් යැයි එම ප්‍රකාශකයා කීය.

මාළිගාවත්ත වකුගඩු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයාගෙන් මේ ගැන විමසීමට අවස්ථා ගණනාවකදීම උත්සාහ කළ ද ඔහු දුරකථනයට සම්බන්ධ කරගත නොහැකි වූ අතර එහි රුධිර කාන්දුපෙරණ අංශයේ නිලධාරින් පැවැසුවේ අදහස් ප්‍රකාශ නොකරන හැටියට අධ්‍යක්ෂවරයාගෙන් තමන්ට උපදෙස් ලැබී ඇති බවය.

අදාළ ඖෂධය සපයන සමාගමෙන් සැපයුම් නතර කිරීම නිසා මෙම තත්ත්වය මතුව ඇතැයි ඔහු කීය.

මේ නිසා ඇතැම් අවස්ථාවල රෝගීන් පෞද්ගලික මට්ටමින් බාහිරව අදාළ ඖෂධය මිලදී ගෙන සිය රුධිර කාන්දුපෙරණයට කටයුතු කර ඇතැයි පැවැසේ.

බාහිරෙන් මිලට ගැනීමේදී අදාළ ඖෂධය රුපියල් දෙදහසක් පමණ වන අතර මේ වනවිට පෞද්ගලික අංශයේ ඇතැම් රෝහල් හා සමාගම්වලින් එම ඖෂධය අලෙවි නොකිරීම නිසා වකුගඩු රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත.



අදහස් (0)

ඖෂධ හිඟකමින් මාලිගාවත්තේ රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානයේ ගැටලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 737 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site