(තිළිණි ද සිල්වා)
පිළිකා රෝගීන් සඳහා වන එන්නත් ප‍්‍රමිතියෙන් තොර හා වැඩි මිලකට රුසියාවෙන් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි ලබා දීමට ලබන 9 වැනිදා වත්මන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින්නැයි එම කොමිසම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් සභාපතිවරයාට අද (5) නොතීසි නිකුත් කළේය.
එසේම එම එන්නත් ගෙන්වීම සිද්ධිය සිදුවී ඇතැයි කියන 2015 ‐ 2018 වකවානුවේ සිටි සභාපතිවරයාට ද එදිනම ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කෙරිණි.
ඒ අනුව මොවුන් දෙදෙනාටම ලබන 9 වැනිදා පෙරවරු 9.30 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කෙරිණි.
ජනාධිපති කොමිසමේ පැමිණිලි විභාග කටයුතු අද (5) පෙරවරු 9.30 ට ආරම්භ වූ අතර පිළිකා රෝගීන් සඳහා වන එන්නත් ප‍්‍රමිතියෙන් තොර හා වැඩි මිලකට රුසියාවෙන් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ල වැඩිදුර විභාගයේ දී සාක්කි දුන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධවේදී ගෝපි ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතා කියා සිටියේ එම බෙහෙත් ගෙන්වීම සම්බන්ධයෙන් ඇගයීම් වාර්තාව ලබා දුන් මහාචාර්ය අසිත ද සිල්වා මහතා පසුව අධිකාරියේ සභාපතිවරයා වශයෙන් පත් වූ බවය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කියා සිටියේ මෙම පැමිණිල්ල පිළිබඳ විභාගයේ දී අදාළ ඖෂධ වර්ගය සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවය.
එබැවින් සාක්කි විභාගයේදී වෙනත් ඖෂධ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම හෝ සඳහන් කිරීම මෙම විභාග කටයුතු වෙනතකට යොමු කිරීමක් බැවින් එසේ විභාග කටයුතු වෙනත් මඟකට යොමු කිරීමෙන් වළකින්නැයිද කොමිසමේ සභාපතිවරයා සාක්කිකරු වෙත අවවාද කරන ලදී.
COMMENTS
මේ තරම් ජරා ලෙසට මුදල් හම්බකරන්නේ හැමදාම ඉන්න බලාගෙනද ? රාජපක්ෂලා නම් කමක් නැහැලු ඔවුන් හැමදාම ඉන්නවාලු නමුත් අනෙක් මිනිසුන් ?
ඒ මාරක බෙහෙත ශ්‍රී ලංකාවට ගෙනෙන්න සියලුම වැඩ කලේ රාජිත බව කව්රුත් දන්නවා. අපේ රටේ අහිංසකයින්ට එන්නත් කරලා තමයි ඒ බෙහෙත මිනිස් සිරුරට බලපාන්නේ කෙසේද කියලා පරික්ෂා කරලා තියෙන්නේ... ඉතින් මිනිහව අල්ලගන්නේ නැතිව මොනවද මේ වහෙන් ඔරෝ කතා. ඒ වගේම තමයි... මේවගේ ගොන් ඇමතිලාට ඡන්දය දෙන මිනිසුන්ගේ මොලයත් පරීක්ෂා කළ යුතුයි. තව එකක්.. මේ සිද්ධිය වෙනත් රටක සිදුවුණා නම්..මිනී මැරීමට උත්සාහ කිරීම සහ මිනීමැරීමට සහයෝගය දීම යටතේ ඔය බෙහෙත ගෙනාපු ඇමතිට විරුද්ධව නඩු පැවරිය හැකියි. එහෙම වුණා නම් ජනාධිපතිතුමාගේ එල්ලුම් ගස් ප්‍රොජෙක්ට් එකේ පළවෙනියා කරලා අපායටම යවන්න තිබුණා ඔය ඇමතියාව....
ඔය එන්නත ගෙන්නන්න බැහැයි කිව්ව නිසා තමයි හිටපු සභාපති මහාචාර්ය ක්‍රිෂාන්ත වීරසූරිය කියන ලොවම පිළිගත්තු විද්වතා ගෙදර යවලා ප්‍රසිද්ධියේ ඖෂධ සමාගම් එක්ක වැඩකරන පුද්ගලයෙක් නියම අධිකාරියේ සභාපති කළේ. අනේ අපේ සුවපති රාජිත තුමා...
පහත් තැනින් යයි ගලා ජලේ.
සුවපතිට තව සම්මාන දෙමු