
(යොහාන් භාසුර)
සෞඛ්‍ය අමාත්‍යංශයට ඖෂධ ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 16.3 ක් හෙවත් රුපියල් කෝටි 350 ට ආසන්න මුදලක් මහා භාණ්ඩාගාරයෙන් මුදාහැරි බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම ඩොලර් මිලියන 16.3 න් ඩොලර් මිලියන 11 ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ද, ඩොලර් මිලියන 5.3 ක් ඖෂධ නිෂ්පාදන සංස්ථාවට ද, මුදාහැර ඇති බවත් රට තුළ ඖෂධ හිඟයක් ඇතිවීමට ඉඩනොදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපපක්‍ෂ මහතා දුන් උපදෙස් අනුව මෙසේ ඩොලර් මුදාහැර ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
රට තුළ මේ වන විට ඇතැම් ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟයක් පවතින බවට සෞඛ්‍ය වෘත්තීය සමිති ඇතුළු බොහෝ දෙනෙක් චෝදනා කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටහිර බෙහෙත් ගෙන්වන්න ඕනෑ තරම් ඩොලර් තියෙනවා. දේශීය බෙහෙතක් හදන්න කිසිම වුවමනාවක් නැහැ.