සිඩ්නි නුවරදීය (එන්.ඩී.ටීවි)
වැඩියෙන් ජලය පානය කිරීමේ වරදට, ඕස්ට්‍රේලියාවේ වියළි ශුෂ්ක ප්‍රදේශවල නිදැල්ලේ ජීවත් වන ඔටුවන් 10,000 ක් මරා දැමීමට ඕස්ට්‍රේලියානු රජය ඊයේ (8) තීරණය කළේය.
ඒ අනුව, ඔටුවන් මරා දැමීමේ පස් දින වැඩසටහනක් ආරම්භවුණු අතර, ඒ සඳහා හෙලිකොප්ටර් යානා යෙදවිණි.
ඔටුවන් මරා දැමීමට ඕස්ට්‍රේලියා රජය තීරණය කළේ ‘කැන්යිප්’ ඇබොරිජින්ල් ප්‍රජාව කළ ඉල්ලීමකට අනුවය.
ඇබොරිජින්ල් යනු ඕස්ට්‍රේලියාවේ මුල් පදිංචිකරුවන් හෙවත් එරට ස්වදේශික වැසියෝය.
ඔටුවනට ජලය නොමැතිව දින ගණනක් සිටිය හැකි වුවද විශාල ජල ප්‍රමාණයක් එකවර පානය කරති.
වියළි කාලගුණයත්, පැතිර යන ළැව් ගිනි තත්ත්වයත් හේතුවෙන් කැන්යිප් ඇබොරිජින්ල් වැසියන් ජීවත්වන පළාතේ ජලාශ සහ පොකුණුවල ජලය තවත් අඩු වී ඇත.
වනසතුන් බොහෝ දෙනකු මේ වන විට ජලය නොමැතිව මියගොස් ඇතැයිද පැවැසේ.
මධ්‍යම සහ බටහිර ඕස්ට්‍රේලියාවේත්, උතුරු පළාත්වලත්, දකුණු ඕස්ට්‍රේලියාවේත්, ක්වීන්ස්ලන්ඞ් ප්‍රාන්තයේත් ශුෂ්ක කාන්තාරබද ප්‍රදේශවලත් ඔටුවෝ නිදැල්ලේ වාසය කරති.
මේ අතර, ලැව් ගිනිවලට කොටුවීමෙන් මියගොස් ඇතැයි පැවැසෙන ඕස්ට්‍රේලියාවට පමණක් ආවේණික සතුන් ගණන මිලියන 480 ක් බවද ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත.


COMMENTS
මෙහෙමත් පව්කාර තීරණයක් ........!
මෙම සියලු කාළගුණික විපර්යාස වලට හේතුව නිර්මාණය කළ සතුන්ට බීමට පවා ජලය නැති තත්වයක් ඇතිකළ සහ මිහිපිට ඉතිරිව ඇති ස්වල්පයක් වූ ජල ප්‍රමාණයත් දූෂණය කළ මිනිසාට දඬුවම් නැත්තේ ඇයි? ඇබොර්ජින්වරුන්ට ජීවත්වීමට පරිසරය, බීමට ජලය අහිමිකළේ සුදු ජාතිකයන් මිස ඔටුවන් නොවේ.
ලංකාවේ වගා පාලුකරන ඉත්තෑවන් දඬු ලේනුන් වගේ සතුන් දඩයමට නීති හදන්න. කිසිම ගහක් කොලක් වවන්න දෙන්නේ නැහැ. සමහර පළාත්වල මුවන්ගෙනුත් කරදර තියෙනවා.
මහා ලොකුවට සංවර්ධිතයි කියන රටවල් දෙන විසදීම් පේනවනේ. ගල් යුගයටත් වැඩිය අන්තයි. ඉතින් අපේ රටවල් ගැන කවර කතාද.
අපට බීමට ජලය අහිමි කරමින් වැසි වනාන්තර විනශ කරන දේශීය ඔටුවන් වැඩි දෙනෙක් අපව පාලනය කිරීම සඳහා වරින්වර පත්කරනු ලබති.
කැකිල්ලේ නඩු තීන්දු වගේ. පුදුම අපරාධයක්. අහිංසක සත්තු මැරුවම ඒවත් තව ටික දවසකින් පල දෙයි.
අය්යෝ මේ මොන සහ ගහන අපරාධයක් ද ?? මේ කුහක මිනිස් වර්ගයා මේ මිහිතලයෙන් වද වෙලා යන දවස ට මේ ලෝකය ට යහපත උදා වේවි.
ඔටුවන් ඕස්ට්‍රේලියාවේ ස්වාභාවිකව හැදුනු සත්තු නෙමෙයි. ඕස්ට්‍රේලියාව බ්‍රිතාන්‍ය විසින් ජනපදීකරණයේදී ප්‍රවාහනය සඳහා ඔටුවන් ගෙන තිබෙනවා. ඕස්ට්‍රේලියානු පරිසරය ඔටුවන්ට හොදින් ගැලපෙන නිසාත් ඕස්ට්‍රේලියාවේදී ඔටුවන්ට විලෝපිතයන් නැති නිසාත් ඕස්ට්‍රේලියාවේ ඔටුමස් පරිභෝජනය නොවන නිසත් ඔටුවන් සීඝ්‍රයෙන් පැතිරලා තියනවා. මිනිසා විසින් ඕස්ට්‍රේලියානු පරිසරයට හදුන්වා දුන් ඔටු ගහනය ස්වභාවිකව පාලනය නොවන නිසා ඔටු ගහණය පාලනය කරන්න මිනිසාටම මැදිහත් වෙන්න සිද්ධ වෙලා තියනවා.
මෙවන් ක්‍රියාමාර්ග ගන්නවනම් ඔය රටවල් ගිනිගන්න එක සාධාරණයි.
මේ කරන අපරාද වලට ගින්න තවත් වැඩි වෙනවා ... එකේ කතා දෙකක් නැහැ.
මොවූන්ට තේරෙන්නේ නැතිද එකවර ජලය වැඩිපුර බිව්වත් එකයි, දවස් කීපයක් ටික ටික බිව්වත් එකයි. අනෙක මොවූන්ගේ රටට මේ සත්තු අවශ්‍ය නැති නම් මැදපෙරදිග රටවලට දෙන්න තිබුන, මෙහෙම වැඩක් කරනවට වඩා.
ඒ උනාට පෙරහරේ යන ඇතා ගැන සත්ව හිංසනය කියලා කෑ ගහනවා.
ගින්නත් ඔටුවන් මැරීමත් අතර සම්බන්දයක් නෑ. එත් සැමවිටම පාලන බලය තියන කෙනා පාලනය මෙහෙයවනවා. අපි මනංකල්පිත දෙවිකෙනෙක් අග්ත්තොත් අපි ඔටුවා අතර තියන සම්බන්දය වගේ.
හෙණ ගහන අපරාධයක්.
ඔටුවෝ ටිකක් ලංකාවට ගෙන්නමුකෝ අපගේ සංචාරක ව්‍යාපාරයට.
ඔයිට වඩා හොඳයි ඔය සතුන් අවශ්‍ය රටවලට බෙදන එක.
අනේ මෙහෙම හෙන ගහන අපරාධයක්... මේ අය මිනිස්සුද? නැත්නම් තිරිසන්නුද? යකෝ මෙච්චර ලෝකේ මහා ලොකුවට කෑගහන පරිසර සංවිධාන තියෙනවා. ලැව්ගින්න නිවන්නවත් මේ අහිංසක සත්තු ආරක්ෂා කරන්නවත් මේ කිසිම පරිසර සංවිධානයක් ඉදිරිපත් වෙන්නේ නැත්ද? ලෝකේ කිසිම රටක් මේ ලැව්ගින්න නිවන්න උදව් කරන්නේ නැත්ද? අනේ අර ඩයිනෝසර්ලා වඳවෙලා ගියා වගේම උල්කාපාත වර්ෂාවක් වැහැලා හරි කමක් නැහැ... මේ ලෝකෙන් මිනිස්සු වඳවෙලා යනවානම් දෙවියන්ට ස්තුති වෙනවා...