( ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕමානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද 29 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ගුවන් මගීන් පිරිස රැගත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 4.30 ට ඕමානයේ මස්කට් නුවර ගුවන් තොටුපළෙන් පිටත්වී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මේ බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා මෙන්ම ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ද සනාථ කළේය .
කටුනායක ගුවන් තොටුපළ වෙත මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසු , පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කෙරුණි .
මේ අතර ඊයේ 28 දින රාත්‍රී 9.30 ට හොංකොං හි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 26 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd