(අජන්ත කුමාර අගලකඩ)
අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් බතික්, අභ්‍යන්තර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ කාර්යාලයේදී ඉකුත් අඟහරුවාදා (06)රැස්වූ අවස්ථාවේ ඇතිවූ සංවාදයක් අතර තුරදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ.
දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවේ ක්‍රියාකලාපය විවේචනය කරමින් ඉකුත් දා කළ ප්‍රකාශය සුදුසු නොවන බව මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වු රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු ප්‍රකාශ කර ඇත
ආණ්ඩුවේ සිටිමින් එවැනි ප්‍රකාශ කිරීම අනුමත කළ නොහැකි බව ඔවුන් ප්‍රකාශ කර ඇති අතර ,ඊට පිළිතුරු දී ඇති දයාසිරි ජයසේකර මහතා තමා අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව පවසා ඇත .
තමාට රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වි පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ හැකි බව ද ජයසේකර මහතා එහිදී ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ .
එහෙත් ඔහු අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි එම සාකච්ඡාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එදින පස්වරුවේ පැවති පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇතැයි වාර්තා වෙි.

COMMENTS
එහෙම වුණත්, අපිට නම් කිසිම වෙනසක් දැනෙන එකක් නැහැ...
අවුරුදු 03කින් විතර ඔය ඔක්කොම අත්හරින්න වෙයි..
ඔයාලා දේශපාලනයට ආවේ රට වෙනුවෙන්. අර පැත්තෙන් මේ පැත්තට පැන්නේ රට වෙනුවෙන්... පාර්ලිමේන්තු ආවේ රට වෙනුවෙන්... අමාත්‍යාංශයක් බාර ගත්තේ රට වෙනුවෙන්. ඉතිං ඇයි මේ ආඩපාලි. රට වෙනුවෙන් ඉවසගන්න බැරිද?
ඇති වෙන්න පින් කරගෙන වගේ..!!! කොහෙද යන්න හිතන් ඉන්නේ..? තව්තිසාද? නැතිනම් අකනිටා බඹලොවටද?
තෙපර බබා ඉන්නේ නැතුව ශ්‍රීලනිප තිස්ගාණම අයින් වෙලා තමන්ගේ අනන්‍යතාවය රැකගත්තා නම් නේද නම්බුව...? දැන් මිනිස්සුන්ට පොහොට්ටුව එපාවෙලා විකල්ප හොයනවා. එකම අවුල ආණ්ඩුවෙන් ගියොත් ලොක්කාට පාස්කු කේස් එක අදිනවා.. කමිටු නිර්දේශ ක්‍රියාත්මක වේවි...!!!
ජයසේකර මහත්තයෝ... වෙහෙසෙන්න එපා වැඩිය. ඔබට ඉල්ලා අස්වෙන්න නිදහස තියෙනවා..!!!
සෙට්වෙන ගාණකට ආවොත් පවුලම අතාරිනවා ශුවර්...
සිත නිවන කතා...ලංකාවෙ දේශපාලකයො කවද්ද සියල්ල අතහැරියෙ...ටික දවසකින් ජනතා ඉල්ලීම කියල ආයිත් එයි...:)
මෙයා මොකකට හරි එන්න යන පාටක් පේනවා. ඇත්ත වහගන්න වගේ යන්නේ.
දේශපාලනේට ඇවිල්ලා කෝටිගණන් හම්බ කරපුවා මේ අය ළඟ තියෙනවා. ඉතින් කාටද බය?
සෑහෙන කාලෙක ඉඳන් ගොරවන්නේ... වහින පාටක් නෑ.
නරි හූ කිව්වට කමක් නැත්තං යන්න එපා. බාහිර රෙද්ද ගැලවුණාට කමක් නැතිනම් අභ්‍යන්තර රෙද්දයි අමුඩෙයි දෙකම ගැලවෙනකම්ම ඉන්න. නරි එදාට හූ කියන්නේ නැතුව, අපි හූ කිව්ව වෙලාවේ ඔයා ගියා නම් අමුඩේ හරි බේරගන්න තිබුණනේ කියයි.
කාට අවශ්‍ය නම්ද?
ඔයා මොනා අත හැරියත් නැතත් අපි ඔයාලා ඔක්කෝම අත අරිනවා තව අවුරුදු 3 කින්.
මේගෙල්ලො මේක අතඅරිනවනම් ෂුවර් එකටම තව එකක් අල්ලගන්න බලාගෙන තමයි.
ලංකාවේ බිහිකළ අකාර්යක්ෂම ඇමැති මණ්ඩලයක්... ජනතාවට...!
දේශපාලුවන් කවද්ද ඇත්තක් කිව්වේ..? සදහටම බලයේ ඉන්න පුලුවන් නම් වෙන සැපක් කොහෙන්ද?
ඉවසීම ඉතා හොඳයි..
තව ටික කාලයක් ඉවසන්න. අපි ඔක්කොම අත්හරින තැනට වැඩ සිද්ද කරලා දෙන්නම්. ඔයාලා ඒවා ගැන වදවෙන්න ඕනෑ නෑ.
දැන්ම නැව ගිලෙනවද? මීයන්නේ පනින්නේ?
කියන්න ලෙහෙසියි. එහෙට මෙහෙට තමුන්ගේ වාසියට පැවැත්මට, තණ්හාවට පැනපු කෙනානේ... අපි නොදන්නවා නෙවෙයි.. දේශපාලුවන්ගේ හැටි.... කයිවාරු විතරයි..
කන්න දෙනවා නම්.. බොන්න දෙනවා නම්... මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ..?