IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


ඔමික්‍රෝන් ගැන තවත් වාර්තාවක් හෙට

(සුජිත් හේවාජුලිගේ)

ඔමික්‍රෝන්  සැර කොරෝනා ආසාදිතයන්   සම්බන්ධයෙන් තවත් පරීක්ෂණ වාර්තාවක් අද  (15) නිකුත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ   සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බාරදුන් කොවිඩ්  ආසාදිතයන්ගේ ජෛව පටල සාම්පල 182ක් සම්බන්ධයෙන්  පැවැත්වූ ජාන අනුක්‍රමණ පරීක්ෂණවල  ප්‍රතිඵල අද මෙලෙස නිකුත් කෙරෙන බවයි.

ලැබී ඇති සාම්පලවලින්  බහුතරයක්  කටුනායක ගුවන්තොටුපොළ  පර්යේෂණාගාරවලින් ලැබුණු ඒවා වෙයි.

මෙම වාර්තාව ජීවන්දර මහතා  විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට අද මෙසේ බාර දෙනු ඇත.

ඔමික්‍රෝන්  ආසාදිතයෝ හතළිස් දෙනෙක් පමණ මේ වනවිට මෙරටින් සොයා ගෙන සිටිති. 

එම සියලු ආසාදිතයන් හඳුනාගනු ලැබූවේද  ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ   සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශය විසිනි.

කෙසේ වෙතත් මෙරට තවමත් සුලභව පැතිර පවතින්නේ ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.



අදහස් (2)

ඔමික්‍රෝන් ගැන තවත් වාර්තාවක් හෙට

Jude Jayamaha Friday, 14 January 2022 08:28 PM

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෛරස්වීදි අංශය මගින් ඔමික්‍රෝන් රෝගීන් තුන්දෙනෙක් දෙසැම්බර් මස හඳුනාගන්නා ලදී

:       0       0

Mama Friday, 14 January 2022 09:17 PM

සාම්පල 182 න් බහුතරය කටුනායක ගුවන්තොටුපලින් ලබා ගෙන ඇති බැවින් 50-60 % ක් වත් ඔමික්‍රෝන් ආසාධිතයින් බවට තහවුරු වීමට ඉඩ ඇත. එනම් එම ගණන 100 ක් වත් විය හැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 567 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 493 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 422 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site