
(සුජිත් හේවාජුලිගේ )
ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් තිදෙනෙකු හඳුනාගෙන ඇතැයි වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වයිරස රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ පැවසීය.
ඒ අනුව මෙරටින් මෙතෙක් හමුවී ඇති ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව හතක් දක්වා ඉහළ යනු ඇත.
අලුතින් හමුවූ මෙම ආසාදිතයන් තිදෙනාගෙන් එක් ආසාදිතයකු ටැන්සානියාවේ සිටි පැමිණි අයෙකු වන අතර අනෙක් දෙදෙනා සුඩානයේ සිට පැමිණි අය වෙති.
අවුරුදු 33,35 සහ 47 යන වයස්වල පසුවන මෙම ආසාදිතයින් පසුගිය 16 සහ 20 වනදා මෙරටට පැමිණ ඇතැයි තොරතුරු අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඔමික්‍රොන් යනු කොරෝනා එන්නත්වලට පවා ප්‍රතිචාර නොදක්වන වයිරස ප්‍රභේදයක් ලෙස වෛද්‍ය විශේෂඥයෝ සඳහන් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ටික දවසේත් ෂොප්න් කරමු...