විශේෂයෙන්, 'ඔමික්‍රෝන්' විකෘතිය ඉලක්ක කරගෙන, එය අඩපණ කිරීමට, ඇමෙරිකාවේ ෆයිසර් සමාගම සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම නිපදවන යවත්කාලීන කරන ලද 'ෆයිසර්' එන්නත ඇණවුම් කිරීමට බටහිර රටවල් මේ වනවිටත් පියවර ගෙන ඇත.
පළමුවෙන් එම යවත්කාලීන කරන ලද 'ෆයිසර්' එන්නත ඇණවුම් කර ඇත්තේ යුරෝපා සංගමයයි. ඒ, යුරෝපා සංගමයේ රටවල් සදහාය. මේ වනවිට 'ඔමික්‍රෝන්' විකෘතිය යුරෝපා රටවල බහුලව ව්‍යාප්ත වෙයි.
'ඔමික්‍රෝන්' වේගයෙන් ව්‍යාප්ත වුණත්, සංකූලතා අවම වුවත්, එය කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නත්වල කාර්යක්ෂමතාව අඩු කරන බව සොයා ගෙන තිබේ.
රටවල් බොහොමයක් 'ෆයිසර්' එන්නත යොදා ගනිමින් බූස්ටර් එන්නත් ලබා දීම සිදු කරන්නේ ද මේ නිසාය.
'ඔමික්‍රෝන්' කරළියට පැමිණි අවස්ථාවේදී ම ෆයිසර් සමාගම කියා සිටියේ දින 100 ක් ඇතුළත ඔමික්‍රෝන් පමණක් නොව ඉදිරියේ දී බිහිවනු ඇතැයි විශ්වාස කෙරෙන කොවිඩ් 19 විකෘති ඉලක්ක කර ගනිමින් යවත්කාලීන කළ විශේෂ එන්නතක් නිපදවන බවය.
ඒ අනුව පසුගිය නොවැම්බර් 25 වැනිදා පර්යේෂණ මට්ටමේ එන්නතක් නිපදවීමට 'ෆයිසර්' සමාගම කටයුතු කළේය.
එම එන්නත සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර තිබේ. එන්නත මහා පරිමාණයෙන් නිපදවීම අද හෙට සිදුවනු ඇතැයි පැවැසෙයි.
යුරෝපා සංගමය යුරෝපා රටවල් සදහා ඇණවුම් කර ඇත්තේ මෙම යවත්කාලීන කළ 'ෆයිසර්' එන්නතය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 30
130
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඔමික්‍රෝන් අඩපණ කරන්න විශේෂ ෆයිසර් එන්නතක්
යෝගා Friday, 17 December 2021 07:15 PM
එහෙනම් අපි විතරක් මොකටද පරණ ෆයිසර් වලින් බූස්ටර් ගහන්නේ
ravin Friday, 17 December 2021 07:19 PM
අපේ අයියලා ටික රවුම් කර කර ගැරිල්ල වගේ...