(අංජුල මහික වීරරත්න)
“මහදැනමුත්තා” ඇරඹූ මිරිජ්ජවිල ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා දහයක්වත් නැතැයි ද, අක්කර 1200ක් වන බිංගිරිය වෙළෙඳ කලාපයෙන් පසු උතුරු නැගෙනහිර ඇතුළු රට පුරා වෙළෙඳ කලාප ඉදි කරන බව ද, ඔක්තෝබර් 26 වෙනිදා ගෙදර ගියා නම් රටේ දැන් සිදුවන සංවර්ධන කටයුතු කිසිවක් ජනතාවට ලැබෙන්නේ නැතැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බිංගිරියේදී අද (04) පැවැසීය.
හය වැනි පරාක්‍රමභාහු රජුගෙන් පසු රට සහලින් ස්වයන්පෝෂිත කළ තමා කෘෂිකර්මයට කැමති නැතැයි දෙඩවීමේ පදනම කුමක් දැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කීය.
ඩි.එස්.සේනානායක සහ ජේ.ආර්.ජයවර්ධන යුගයේදී එම කාර්ය ආරම්භ කෙරුණු බවද අග්‍රාමාත්‍යවරයා කීවේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකාවේ විශාලතම කර්මාන්තපුරය ලෙස ඉදිවන බිංගිරිය කර්මාන්තපුරයේ වැඩ ඇරඹීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
අදියර තුනක් යටතේ මෙම කර්මාන්ත පුරය ඉදිකෙරේ.තුන්වන අදියරේ වැඩ සම්පුර්ණ වූ පසුව බිංගිරිය ශ්‍රී ලංකාවේ විශාලතම කර්මාන්තපුරය බවට පත් වනු ඇත.
පළමු අදියරයට තේ අක්කර 164ක්ද,දෙවන අදියරයට තේ අක්කර 284ක් ද තුන්වන අදියරයට තේ අක්කර 550ක් ද සංවර්ධනය කොට කර්මාන්තපුරයකට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ස්ථාපිත කිරීමට නියමිතව ඇත.
බිංගිරිය කර්මාන්තපුරයේ වැඩ ඇරඹීමේ උත්සවය සඳහා මැති ඇමතිවරු, විදේශ තානාපතිවරු ආයෝජකයෝ ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි





2025 දෙසැම්බර් මස 04
262
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
401
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඔක්තෝබර් 26 ගියානම් ජනතාවට මොකුත් නෑ
Nuwan Monday, 04 March 2019 01:39 PM
පාර්ලිමන්ට් ජෝක්ස් 3 වන කොටස.
RaveendraMonday, 04 March 2019 02:23 PM
Nuwan මයා වෙත, ඔබ විසින් මෙසේ පැවසුවත් අප නම් සිටියේ "ඇගේ ලේ නැතුව සාංකාවෙන් බලාගත් අත බලාගෙන" මේ ගොයියා ඉන්දියාවේ කෝවිලකට ගිය වෙලාවේම රහත් ඵල ලැබුවද කියලා මොකද සද්දයක් නැති නිසා.. එහෙම වුණානම් මොනතරම් අපරාධයක්ද? මුළු ලෝකෙටම ඉන්න එකම එක උගත් අපට පමණක් නොව මේ මුළු තුන් ලෝකෙටම මහා පාඩුවක්නේ... කෙසේවෙතත් හොඳ වෙලාවට එසේ රහත්ඵල නොලබාම නැවත මෙහෙටම ආපු එක කොච්චර හොඳද...? එසේ නොපැමිණියා නම් අද මෙසේ විහිළු කතාවක්වත් අහන්න බැහැනේ...
සිරිබිරිස්Tuesday, 05 March 2019 07:32 AM
නුවන් මහතානෙනි නොතේරුම් කමට අහන්නේ කර්මාන්ත පුරයක් ඇරඹීම විහිලුවක්ද කියන්න
sirisena Monday, 04 March 2019 09:52 PM
2015 ජනවාරි 8 වෙනිදට පස්සේ අපි විශාල වැඩ කොටසක් කළා. නමුත් අපිට පේනවා ලංකාවේ ඉන්නවා මිනිස්සු ලිං ගෙම්බෝ වගේ ලෝකයක් දැකලම නැති, දැක්කත් ඉරිසියාකරන පිරිසක් අපිට ඔය මිනිස්සුන්ගේ මෝඩ අදහස් වෙනස් කරන්න බැහැ. මේ රජය කරගෙන ආපු වැඩපිළිවෙල ඉදිරියටම යනවා කාටවත් ඒක නවත්වන්න බැහැ. මොන පක්ෂයෙන්ද කියන එක වැඩක් නැහැ අනෙක තමුන්ගේ රටට, රටේ මිස්සුන්ට යහපතක් වෙනවානම් තව මොනවද.
VajiraTuesday, 05 March 2019 04:24 AM
මේ ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වුන තරමේ සංවර්ධනයක් සිදු වුනේ නෑ. එත් රට උකස් කරලා ණය අරන් ගුවන්යානා එන්නේ නැති ගුවන් තොටුපොල, කර්මාන්තශාලා නැති ආයෝජන කලාප, වල් වැදුන ක්‍රිකට් ක්‍රීඩාංගන, පාලුවට ගිය ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා හදනවට වඩා නොහදා ඉන්න එක තමා හොද.
NuwanTuesday, 05 March 2019 10:15 AM
මේ අයගෙන් අහන්නේ හිටපු මහා බැංකු අධිපති මෙතුමා පත්කළේ යාලු කමට ඒ වගේම ඔහු වංචාව කරලා හැංගෙනකොට පාර්ලිමේන්තුවේදී කිව්වා මහේන්ද්‍ර ගියේ මගුල් ගෙදරක කියල නමුත් අව්රුදු 4 වෙනවා සද්දයක් නැහැ. මහා ලොකුවට සිංගප්පුරුවක් කරනවා කියනවා බැරි වෙලාවත් සිංගප්පුරුවේ ඔහොම වංචාවක් කරලා ඊට සම්බන්ද උනොත් මොකද වෙන්නේ කියල දන්නවද? ලංකාවේ දේශපාලුවන් පස්සේ යන වහල් සමාජයක් බිහිවෙලා තියෙන්නේ ඕක ආපස්සට හරවන්න බැහැ. මෙතන එක එක දේශපාලුවන්ගේ ඉඩෝරෙට වැටුණු වැහි බින්දුවට සන්තෝස වෙනවා වගේ මානසිකත්වයක් තියෙන අයට මේවා මසුරන්. නමුත් නිල් කොළ රතු හෝ වෙන කිසිම දෙසප්ලුවන්ගේ පක්ෂයක් පස්සේ නොයන සාමාන්‍ය බුද්දියෙන් සත්‍ය දකින දකින කෙනෙකුට මේ කරන්නේ මොනවද පේනවා.
sirimal Monday, 04 March 2019 01:41 PM
ගජමිතුරු සන්ධානය එක්ක වැඩ කරන එකෙන් සුගතියක් ලැබෙන්නේ නැති බව තවම තේරුම් ගිහිල්ලා නැති හැඩයි.
Lankaputha Monday, 04 March 2019 01:53 PM
වොක්ස්වැගන් වැඩේ මම කළා.. ටයර් ෆැක්ටරිය මම දැම්මා. මේක විතරයි මග ඇරුණේ...
RaveendraMonday, 04 March 2019 02:30 PM
ඇත්තෙන්ම අපිත් මේ මග බලබල හිටියේ මේ වැඩේ කොයි වෙලේ පටන් ගනියිද කියලා ඇඟිලි ගැන ගැන.. බලන්න කොච්චර ගාම්භීර උත්සවයක්ද කියලා. මේ ගොයියට නම් සල්ලි වකාරෙට තියන නිසා හොඳයි. මොකද මේ උත්සවයට ඔක්කොම මුදල් හාදයාගේ ගෙදරින් ගෙනත් වියදම් කරන නිසා අඩුවක් පෙනෙන්නට නැහැ. එ්ත් ඉතින් ඉන්න නිවට නිලධාරින් එහෙම මෙය ගෙදරින් ගෙනත් මහජන සේවය කරන බව දැනදැනම හරි හරියට නාස්තිය නේද? නැද්ද මෙයා..
de silva Monday, 04 March 2019 01:57 PM
අපි ඕවට මෙදා පාරනම් රැවටෙන්නේ නැහැ. වේදිකාවේ පලු යන්න බැනලා... මගුල් ගෙදර ගිහින් බඩ පැලෙන්න කාලා එනවා...
Sunil milano Monday, 04 March 2019 02:06 PM
ගියානම් තමයි මොනවත් තියෙන්නේ, දැන් මොනවත් නැහැ තමයි.
Rane Monday, 04 March 2019 02:31 PM
අම්ම මුත්තා කාලේවත් මෙහෙම සංවර්ධනයක් දැකලා නැහැ නේද?
dutugamunu 1 Monday, 04 March 2019 02:34 PM
මම කෘෂිකර්ම උපධිධාරියෙක්... මගේ දැනුමේ හැටියට බිංගිරියේ තේ වවන්න පුලුවන්... හැබැයි ආර්ථිකව වාසිද කියන එක ප්‍රශ්නයක්. මම දන්නේ නැහැ මේක හරි ප්‍රවෘත්තියක්ද කියලා...
Sanath KandyTuesday, 05 March 2019 04:16 AM
එක මුද්‍රණ දෝෂයක්. යටතේ කියන වචනයේ තේ වෙනම මුද්‍රණය වෙලා. කල්පනාවෙන් කියවන්න.
Not a SlaveTuesday, 05 March 2019 04:17 AM
තේ කියලා දාල තියෙන්නේ වැරදිලා . බිංගිරියේ තේ නැහැ.
VajiraTuesday, 05 March 2019 07:17 AM
මොන උපාධිය තිබුනත් වැඩක් නෑනේ බුද්ධිය නැතිනම්. අකුරු විතරක් නෙවෙයි තේරුමත් එක්කම සිහි බුද්ධියෙන් කියවන්න. නැතිනම් පාට කන්නාඩිය ගලවලා කියවන්න.
BamunuarachchiTuesday, 05 March 2019 02:10 PM
උපාදිය තිබෙනවා කියන්නේ බුද්ධිමත් කියන එක නොවෙයි, උගත් කීවාට කමක් නැත. බුද්ධිමත්කමයි උගත්කමයි දෙකක්. එක විශ්ව විද්‍යාලයේදී කියල දුන්නාද? අපිට නම් පාසලේ දීම කියල දුන්න.
BamunuarachchiTuesday, 05 March 2019 05:15 PM
උගතෙක් බුද්ධිමතෙක් "මම උපාධිදාරියෙක්" කියාගෙන එලිබහින්නේ නැත. අපිට වැදගත් ඔබේ අදහස මිස උපාධිය නොවයි. හැබැයි පලකල අදහස 5 වෙනි පන්තියට වඩා බාලයි.
Aris Monday, 04 March 2019 02:37 PM
කියමන හරි, මහදැනමුත්තා කියන්නේ 2015 ඉඳලා ගත්තු තීන්දු තීරණ නිසා වෙන්න ඇති. හැබැයි ඒ හැම දෙයක්ම ඔබතුමාට වාසිදායක වුණා.
kule Monday, 04 March 2019 03:06 PM
ඔය කියන විදියට අද රට සංවර්ධනය වෙලා ජනතාවට මෙහෙම අමාරුනම් තව ඉදිරියට රනිල්ගේ විදියට රට සංවර්ධනය උනොත් කොහොමට හිටීවිද.
Sumith Monday, 04 March 2019 04:00 PM
හිටියා කියලා ජනතාව දන්නේ නැහැ.
ඇණයා Monday, 04 March 2019 06:54 PM
අදියරයට තේ අක්කර 164ක් අදියර යටතේ අක්කර 164ක් බිංගිරියේ තේ වගා කරන්න බෑ නේද?
Bandara Monday, 04 March 2019 07:22 PM
නින්දෙන් නැගිටලා
BamunuarachchiMonday, 04 March 2019 10:36 PM
කෝ රැකියා දශ ලක්ෂය, කෝ ෆොක්ස්වැගන් කාර් ෆැක්ටේරිය? ඔය කාර් ෆැක්ටෙරියෙන් කී දෙනෙකුට රැකියා ලැබෙනවාද? රටේ මිනිහෙකුට රැකියාවක් ලැබෙන කිසිම කර්මාන්තයක් පටන්ගත්තාද? ලබන අවුරුද්දේ ඡන්දය මෙයා දැනුයි ආයෝජන කලාප ඇති කොරන්න යන්නේ.
ranilTuesday, 05 March 2019 07:30 AM
ඕව කරන්න පුලුවන් ඔයාලා වගේ හෑම දේටම විරුද්දවෙවී, නහයෙන් අඩන කුහක අය නැත්නම්. මෙච්චර කල් රට කාල තවමත් රට අවුලවන්න යන්නෙ
BamunuarachchiTuesday, 05 March 2019 08:23 AM
හැමදාම කීවේ රැකියා දෙනවා සංවර්දනය කොරනවා කියලා නමුත් පටන්ගන්නකොටම කලේ බැංකුව කොල්ලකාලා සල්ලි බෙදා ගත්ත එකයි.
සමන් Monday, 04 March 2019 11:21 PM
එතකොට දැන් පිටරටින් හාල් ගේන්නේ නැද්ද? කඩවල් වල තියෙන පිටරට හාල් ??
sarath Tuesday, 05 March 2019 01:36 AM
මේ අය දන්නේ නැහැ ලංකාවේ බහුතර කොම්පැනි වලට පඩි ගෙවා ගන්නවත් විදියක් නැහැ කියලා. මේ අයගේ ආර්ථික දැනුම. ඔක්කොම බංකොලොත් වෙලා
Kalani withanage Tuesday, 05 March 2019 01:47 AM
අපි අසා සිටින්නම් - මේවා රසවත් කතා. නිදහස ලැබිලා - හැත්තෑ එකකුත් ගෙවිලා - අනේ මගේ හැරමිටියත් ගෙවිලා - අපි බලා සිටින්නම්
gamaya Tuesday, 05 March 2019 03:03 AM
රොහාන් පලියවත්ත මහත්මයා මෙම ක්‍රියාවට සම්බන්ද වීම තුලින්ම සාර්ථක වීමක පෙරනිමිත්තකි, නමුත් වයඹ පළාතේ තේ වගා කලනොහැක, පොල් වගා කල හැක.
ranga Tuesday, 05 March 2019 03:29 AM
ගියත් හිටියත් අපිට නම් කිසිදු වෙනසක් නැහැ
jayasekara Tuesday, 05 March 2019 03:42 AM
26 පස්සේ දැන් මිනිස්සුන්ට හතර මහා නිධානෙ පහලවෙලාද?
dasa Tuesday, 05 March 2019 03:50 AM
බිංගිරියේ තේ වගා කරලා නුවර එළියේ වරායක් හදමු. එතකොට 2020 ත් ගොඩ
dasaTuesday, 05 March 2019 01:10 PM
මම කියපු දේට අකමැති කට්ටියට ඕනනම් නුවර එළියේ පොල් වවන්න පුළුවන්.
Bandula. Tuesday, 05 March 2019 04:23 AM
අනේ මෙහෙමත් නාඩගම්, මහා බැංකුවේ විනාසෙට අද කවුරුත් නැහැ, ඒත් පැරකුම් රජවරු මුදල් වංචා කලේ නැහැනේ, මේ පහුගිය අවරුදු 4ම ජනතාව කාපු පැරකුම් යුගය හොදට මතක තියනවනේ.
Bandula. Tuesday, 05 March 2019 04:34 AM
අනේ ඔක්තෝබර් නෙමෙයි දැන් ගියත් අපිටනම් කමක් නැහැ ඉතුරු ටිකත් නැති කරන්නේ නැතුව. ඔය 225 ම ගියත් ඒක ලොකුදෙයක්.
ඉරිසියාව සහ වැරදි සෙවීම Tuesday, 05 March 2019 06:00 AM
"අධියරයට තේ අක්කර 164ක්ද" යන්න නිවරදිකරන්න ."යටතේ" කටුනායක , බියගම ඇදුම් මසන අපනයන කර්මාන්ත දැමීම ගැන ඔබ විරුද්දද ? UNP තිබුනොත් තව මාස කීපයකින් බින්ගිරිය වැඩට රටේ දරුවන් යෑමට ඔබ විරුද්දද ? ඉවසා බලන්න. 1977 පසු කටුනායක ඉඩම් මිල අධික විය. රැකියා බොහෝය. එලෙසම බිංගිරියේ නවාතැන් හදන්න. කෑම දීමට හෝටල් හදන්න. ට්‍රිවිල් රැකියා වලට වඩා මේවා ජනප්‍රිය වේවි. කුඩු නැති වේවි. මෙහි රූපවල සිටින රොහාන් පලියවත්ත මහත්මයා කවුද ? මෙම ක්‍රියාවට ඔහු සම්බන්ද වීම තුලින් වත් ඔබ තේරුම් ගන්න.
දක්ස රනිල් සමග රොහාන් පල්ලෙවත්ත Tuesday, 05 March 2019 06:43 AM
1975 දී වියෙට්නාම් යුද්දය අවසන් විය. කෙටි කලකින් ඔවුන් ඇමෙරිකාව, යුරෝපය සමග එක්ව කර්මාන්ත 350 දමා ඇත. අප කරන්නේ කුමක්ද? බිස්කට් කකා උපවාස කිරීම.
Deepal Nirosh Tuesday, 05 March 2019 10:36 AM
ඔක්තෝබර් 26 තමුන් ගෙදර ගියානම් මුකුත් නෑ තමා, හැබැයි ජනතාවට තමුන් මනාප රජයක් පත් කර ගන්න මැතිවරණයක් මෙලහට ලැබිල 20ත් නැහැ, ඒ මදිදි?
Bamunuarachchi Tuesday, 05 March 2019 02:06 PM
ඔක්තෝබර් 26 ඔබලා තොලොංචි වෙලා ගියානම් අපිට ඒ හොඳටෝම ඇති වෙන මොකවත් ඕනේ නැත.