IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 8 තෙක් අපේක්ෂකයින්ගේ වියදම කෝටි 169 ක්

(බිඟුන් මේනක ගමගේ) 

ජනාධිපතිවරණ අපේක්ෂකයන් සිය ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඉකුත් ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 8 දක්වා කාලය තුළ රුපියල් කෝටි 169 ක් වැය කර ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් රුපියල් කෝටි 91 ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් රුපියල් කෝටි 70  ක් හා ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් රුපියල් කෝටි 5.7 ක් මෙලෙස වියදම් කර ඇතැයි එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.

ජනසත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි රුපියල් ලක්ෂ 60 ක් ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක ජනරාල් මහේෂ් සේනානායක මහතා රුපියල් ලක්ෂ 20 ක් වශයෙන් මෙම පිරිවැය දරා ඇත.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මැතිවරණ මූල්‍යකරණ අංශය විසින් මෙම ප්‍රචාරණ වියදම්වලට අදාළ වාර්තා සකස් කරනු ලැබී යැයි ද මංජුල ගජනායක මහතා කීවේය.

මෙම ප්‍රචාරණ වැය ඇස්තමේන්තුගත කිරීම්වලට අනුව නොවැම්බර් 6 වැනිදා සිට 8 වැනිදා දක්වා දින දෙකක කාලයේදී රුපියල් කෝටි 27 ක් වාර්තා වීම විශේෂත්වයක් යැයි ද ඒ අනුව ජනාධිපතිවරණ ප්‍රචාරණයේ අවසන් දින කීපයේ වියදම් වේගයෙන් ඉහළ යනු ඇතැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 8 තෙක් අපේක්ෂකයින්ගේ වියදම කෝටි 169 ක්

රවින් Monday, 11 November 2019 02:03 PM

මෙහෙම වියදම් කරලා බලයට ආපුගමන් ආපහු වියදම පියවා ගන්න ක්‍රම හා විදි හොයනවා. කාටද පිස්සු? ඡන්දය දෙන අපිද? ඡන්දය ලබාගන්න පොරකන කට්ටියද?

:       0       0

Rohana Monday, 11 November 2019 04:37 PM

මෙන්න මේවා තමයි සැබෑ ආයෝජන. වෙනසකට තියෙන්නේ දිනන කෙනාටයි ඔක්කොම ප්‍රතිලාභ ගලාගෙන එන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site