IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඓතිහාසික නාලන්දා ගෙඩිගේ ප්‍රතිමා ගෘහයේ ජල කාන්දුවක්

 

(ඉන්දික අරුණ කුමාර)
 
ඓතිහාසික නාලන්දා ගෙඩි ගෙයි ප්‍රතිමා ගෘහයේ ජල කාන්දුවක් හටගෙන තිබේ.

කලක් තිස්සේ පවතින වැසි සහිත කාලගුණය හමුවේ ප්‍රතිමා ගෘහය ඉදිකර ඇති ගල් කුට්ටි අතරින් මේ දිනවල ජලය අභ්‍යන්තරයට කාන්දු වෙමින් පවතියි.
 
පල්ලව රජ සම්ප්‍රදායට අයත් ලංකාවේ එකම පුරාවිද්‍යාත්මක ස්ථානය වන නාලන්දා ගෙඩි ගෙය බෝවතැන්න ජලාශය හේතුවෙන් පැවැති ස්ථානයේම යළි ගොඩනගන ලද්දකි. අටවන සියවසේ දී ඉදිකරන ලද නාලන්දා ගෙඩිගෙය 1985 වසරේ එවකට කතානායක ඊ.ඇල්. සේනානායක මහතා විසින් විවෘත කර තිබේ.
 
ඉතිහාස ගත කරුණු වලට අනුව බෝවතැන්න ජලාශය ඉදිවීමත් සමග නාලන්දා ගෙඩි ගෙය ජලයෙන් යටවීම වැළැක්වීම  සඳහා  ගෙඩිගෙය පවතින ස්ථානයේම  එහි පාදම උස්කර ඒ මත ගෙඩිගෙය යළි ඉදිකර ඇත.
 
පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහනුවර කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ජයතිස්ස බණ්ඩාර දිසානායක මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ ජල කාන්දුව සම්බන්ධයෙන් සිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති බවයි.ප්‍රතිමා ගෘහය ඉදිකිරිමේ දී ගල් සම්බන්ධ කිරීම සදහා යොදාගෙන ඇති බදාම විශේෂයේ දුර්වලතාවක් හේතුවෙන් මෙම ජල කාන්දුව ඇති වී ඇති බවත් පවත්නා වර්ෂා තත්ත්වය හමුවේ අලුත්වැඩියා කටයුතු ප්‍රමාද වී ඇති බවත් හෙතෙම කියා සිටියේය.
 
වර්ෂා තත්ත්වය හමුවේ උවද නාලන්දා ගෙඩිගේ අලුත්වැඩියා කටයුතු  ක්‍රමානුකුළව මේ වන විට සිදුකිරීම ආරම්භ කර ඇති බව කියා සිටි දිසානායක මහතා අවධාරණය කර සිටියේ ඉතා කඩිනමින් ජල කාන්දුවට විසදුම් ලබාදෙන බවයි.



අදහස් (1)

ඓතිහාසික නාලන්දා ගෙඩිගේ ප්‍රතිමා ගෘහයේ ජල කාන්දුවක්

Rata Perata Tuesday, 12 January 2021 07:28 AM

මේවා ගැන දාන්න එපා. රජය දැනගත්තොත් ඩෝසර් කරලා දායි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site