
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
තම වගාවන්ට රසායනික පොහොර ලබා දෙන ලෙස ඉල්ලමින් එත්තාල ප්‍රදේශයේ ගොවිහු අද (23) විරෝධතාවයක නිරත වුහ.
මෙසේ විරෝධතාවයේ නිරත වුයේ ඒත්තාල ප්‍ර දේශයේ එළවළු හා පළතුරු වගාවන් වල නිරත වන ගොවින් පිරිසකි.
මෙම විරෝධතාවය සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය විසින් සංවිධානය කර තිබුනී.
විරෝධතාවයට එක්වි සිටි සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනයේ අජීත් ගිහාන් මහතා පවසා සිටියේ මෙවැන්නකී.
“ආණ්ඩුව මේ වෙද්දි ගොවියාව අසරණ කර තිබේනවා .පාලකයෝ ජනතාවගේ වගාවන් පිළිබදව කිසිම ලෙසකින් සොයා බැලිමකින් තොරව පොහොර නවතා තබා තිබෙනවා .
මේ කල්පිටියේ වගා බිම් සියල්ල වැලි සහිත බිමක් මේ බිමට කාබනික විතරක් හරියන්නේ රසායනික මිශ්‍රණයත් සමගයි මෙය එක්විය යුත්තේ.





COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.