IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඒඩ්ස් තුරන් කරන්න ගෝලීයව ගත් ක්‍රියාමාර්ග අඩපණ වෙමින් යයි

එච්.අයි.වී. ආශ්‍රිත මරණ ගණන 770,000 ක් දක්වා අඩු වී ඇති නමුත් අරමුදල් නොලැබීම හේතුවෙන් රෝගය තුරන් කිරීමට ගෝලීයව ගෙන ඇති ක්‍රියාමාර්ග අඩපණ වෙමින් තිබෙන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි. 

2010 වසර හා සැසඳීමේදී එච්.අයි.වී. ආශ්‍රිත මරණ ගණන 33% කින් අඩු වී ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි. 

ලොව පුරා මිලියන 37.9 ක් එච්.අයි.වී. ආසාදනය ඇතිව ජීවත්වන බවත් ඔවුන්ගෙන් ඒ.ආර්.ටී. චිකිත්සාව සඳහා ප්‍රවේශ වීමේ පහසුකම් සහ හැකියාව ඇත්තේ මිලියන 23.3කට පමණක් බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ ‘එච්.අයි.වී./ඒඩ්ස්’ වැඩසටහන සිය වාර්ෂික වාර්තාව නිකුත් කරමින් මෙම කරුණු සඳහන් කර ඇත. 

1990 දශකයේ මැද භාගයේදී ඒඩ්ස් වසංගතයක් බවට පත්වීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛව එක්සත් ජාතීන්ගේ ‘එච්.අයි.වී./ඒඞ්ස්’ වැඩසටහන විශාල ප්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි එම වාර්තාව කියයි.

එම ප්‍රගතිය නිසා එච්.අයි.වී. ආශ්‍රිත මරණ සංඛ්‍යාව 2017 වසරේදී 800,000 දක්වා අඩු වූ අතර පසුගිය වසරේදී එය 770, 000ක් දක්වා අඩු වී ඇත.

2010 වසරේදී ඒඞ්ස් ආශ්‍රිත මරණ සංඛ්‍යාව මිලියන 1.2ක් වූ අතර 2010 වසර හා සැසඳීමේදී පසුගිය වසරේදී එම මරණ සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු වී ඇත. 

කෙසේ නමුත් ඒඩ්ස්වලට එරෙහිව ගෙන යන සටන අරමුදල් නොමැති වීම යනාදී ගැටලු නිසා දුර්වල වී ඇතැයි ද එම සංවිධානය අනතුරු අඟවයි. 

ඒ.එෆ්.පී. ඇසුරිනි 

055



අදහස් (0)

ඒඩ්ස් තුරන් කරන්න ගෝලීයව ගත් ක්‍රියාමාර්ග අඩපණ වෙමින් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 250 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site