IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඒකාබද්ධයෙන් අයවැයට විකල්ප යෝජනා - සුසිල් ප්‍රේමජයන්ත

(හර්ෂණ තුෂාර සිල්වා)

ආණ්ඩුව ලබන වසර සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කළ පසු රටේ ආර්ථික ප්‍රශ්නවලට සමගාමීව විකල්ප අයවැය යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (25) පැවැසීය.

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමයන්ත මහතා එම කරුණු සඳහන් කළේය.

තවදුරටත් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ ද කීය.

        “ආණ්ඩු බලයක් නොමැතිව අපට අයවැය යෝජනා ඉදිරිපත් කරන්න බැහැ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් හොයන්න කමිටුවක් පත් කළා. සභාග ආණ්ඩුවක් පිහිටවුවහොත් රටේ තිබෙන ආර්ථික ප්‍රශ්නවලට අපට විසඳුම් තියෙන්න ඕනේ.

අපිට රටේ ආර්ථික ප්‍රශ්නවලට පිළිතුරු තිබෙන්න ඕනේ. ඒ නිසා ආණ්ඩුව අයවැය යෝජනා ඉදිරිපත් කළ පසු අපි අපේ අදහස් යෝජනා ඉදිරිපත් කරනවා. අයවැය විවාදයේදී අපි කරුණු ඉදිරිපත් කරනවා”.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේදී ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී රටේ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතාගේ ප්‍රධානිත්වයෙන් යුතු කමිටුවක් ද පත් කළේය. 

 



අදහස් (7)

ඒකාබද්ධයෙන් අයවැයට විකල්ප යෝජනා - සුසිල් ප්‍රේමජයන්ත

සෙනෙවි Thursday, 25 October 2018 06:50 PM

තමන්ට බලය තිබුන කාලේ හොඳ ක්‍රමයක් අනුගමනය කලා නම් අද රට මේ අගාදයට යාවිද?

:       0       162

athura Friday, 26 October 2018 03:42 AM

නියම ආර්ථික කමිටුව. හිටපු මහ බැංකු අධිපති තුමා මොනවා හරි පිරිමිඩ වගේ සුදුවක් ගෙනල්ල මහින්ද බලයට ආවහම සාමාන්‍ය මිනිස්සුන්ට කෙසේ වෙතත් තමන්ගේ මඩිය නම් නියමෙට තරකර ගනී.

:       30       152

Thilak Friday, 26 October 2018 03:56 AM

අනේ මෙයා දන්නා ආර්ථික විද්‍යාව..... දැන් මෙයා මොන පක්ෂයේද

:       29       247

sathyapala Friday, 26 October 2018 05:35 AM

හෙජින් ගිවිසුම වගේ අය වැයක් ගෙනාවානම් හරි කාගේ කාගේත් සාක්කු පිරින්න !

:       27       294

Saththaya Friday, 26 October 2018 05:52 AM

මේ රටම සුරා කාල විනාස කරපු කට්ටියද යෝජනා ඉදිරිපත් කරන්නේ ? කොහොමද ඒක?

:       0       527

මල්ලි Friday, 26 October 2018 06:03 AM

මහින්ද සහ සමාගම මේ රටට අනවශ්‍ය, ආර්ථිකයට දරාගන්න බැරි චීන ණය අරන් ආර්ථිකය කෑවා.... ඒවා ගැන පොඩ්ඩක් හරි දුක් උනොත් තමයි හොද? ........

:       0       326

Hafeel Friday, 26 October 2018 10:38 AM

බලයේ ඉන්නකොට පැට්‍රෝලියම් එක හොඳට කාලා, දැන් රටේ ආර්ථිකය ගැන කතා කරනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 29 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 826 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site