(ප‍්‍රදීප් කුමාර)
උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වි විග්නේෂ්වරන් මහතාගේ සංකල්පයකට අනුව පැවැත් වූ එළුහ තමිල් උලෙළ අද (16) යාපනයේ දී ඒ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
මෙම උත්සවය යාපනයේ දී පැවැත් වූ අතර උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් එළුහ තමිල් බැනරයට අත තබා නිල වශයෙන් පෙළපාලිය ආරම්භ කරන ලදී.
දෙමළ ජනතාවගේ පිබිදීම සඳහා යනුවෙන් පවසමින් මෙම පෙළපාලියට එක් වූවන් සටන් පාඨ කියමින් ප්‍රකාශ කළේ ඔවුන්ගේ ප‍්‍රධාන ගැටළු හතකට තවමත් කිසිඳු රජයකින් සහනයක් නොලැබී ඇති බවයි.
යුද අපරාධවලට විසඳුමක් නොලැබීම, දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය, අතුරුදන්වූවන්ගේ ප‍්‍රශ්නය සහ උතුරේ ඉඩම් ප‍්‍රශ්නය ආදී වශයෙන් වූ දෙමළ ජනතාවගේ ප‍්‍රධාන ප‍්‍රශ්න 7කට විසදුම් ලැබෙන තුරු මේ රටේ දෙමළ ජනතාවට නිදහසක් නොමැති බව මේ උලෙළ ආරම්භ කරමින් සී.වී විග්නේෂ්වරන් මහතා පැවසීය.
දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නවලට කිසිඳු රජයකින් විසඳුමක් නොලැබෙන්නේ නම් අරගල තුළින් හෝ ඒ ප‍්‍රශ්වලට විසඳුම් ලබා ගත යුතු බව පැවසූ ඔහු මේ සඳහා බෙදී වෙන්ව සිටින සියලුම දෙමළ දේශපාලන පක්ෂ ද එකට එක් විය යුතු බව සී.වී විග්නේෂ්වරන් මහතා පැවසීය.
මෙම උලෙළට විශාල පිරිසක් යාපනය දිස්ත්‍රික්කයට පැමිණ සිටි අතර මෙම පෙළපාලිය වෙනුවෙන් උතුරු පළාතේ දිස්ත්‍රික්කවල වෙළදසැල් වසා දමා තිබූ අතර ගමනාගමනයටද යම් යම් බාධා එල්ල විය. ඒ හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිතයටද බාධා එල්ල විය.



COMMENTS
තව කළා මදි.තව ඕනෙද ?
ගම්මාන වලට පැනල මරපු මිනිස්සු සහ කොළඹ බෝම්බ තියල මරපු මිනිස්සු වෙනුවෙන් අපිත් කරමු මෙහෙම දෙයක්.
පරණ කතා අමතක වෙමින් පවතිනවිට, සාමාන්‍ය ජනතාව තම ජිවන මගේ සතුටින් ගමන් යනකොට දේශපාලනය ජිවන වෘත්තීය කරගත් මෙවැනි අය පරණ අතීතය ගොඩ දමමින් තම පැවැත්ම සදහා මෙවැනි දෑ කරති. දකුණේද මෙවැන්නෝ සිටිති. වෙනසක් නැත .