
(යොහාන් භාසුර)
ඉදිරි සතිය වන විට එළවළු තොග නොලැබීමෙන් දැඩි එළවළු හිඟයක් ඇති විය හැකි බවත් ඒ හේතුවෙන් එළවළු මිල තවදුරටත් ඉහළ යා හැකි බවත් පෑලියගොඩ තොග වෙළෙඳ පොළේ වෙළෙන්දෝ පවසති.
එළවළු වෙළෙඳපොළට සැපයීමට තමන් සතුව නෙලීමට අස්වැන්නක් නොමැති බවත් ඒ හේතුවෙන් එළවළු සැපයීමට නොහැකි වී ඇති බවත් උඩරට එළවළු ගොවියන් දැනුම් දී ඇති බවත් පෑලියගොඩ තොග වෙළඳපොලේ නිලධාරියකු පැවසීය.
බෝංචි, කැරට්, වම්බටු, ආදී බහුලව අලෙවි වන එළවළු වර්ග වල තොග මිල රුපියල් 300 ඉක්මවා ඇති බවත් මාලු මිරිස් කිලෝව තොග මිල රුපියල් 450 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පෑලියගොඩ තොග වෙළෙන්දෝ පවසති.
බෝංචි, කැරට්, වම්බටු ආදී එළවළු රැසක කිලෝවක සිල්ලර මිල රුපියල් 500ට ආසන්න වී ඇති බවත් මාළුපිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 600 ක් ද, තක්කාලි කිලෝවක් සිල්ලර මිල රුපියල් 450 ක් ද දක්වා ඉහළ ගොස් තිබේ.
2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
878
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
එළවළු හිඟයක් ඇතිවන ලකුණු
Kumara Hemanth Sunday, 21 November 2021 05:36 AM
මේ සෞභාගයේ දැක්මනේ. ගෝඨාගේ.ඉදිරියේදී මිනිසුන්ට කන්නවත් නැති වෙනවා.