(පාලිත ආරියවංශ ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල ඇටම්පිටිය වත්තේ දී පුද්ගලයකු පිහියකින් කපා ඝාතනය කර ඇතැයි ඇටම්පිටිය පොලිසිය පවසයි .
මරණයට පත්ව ඇත්තේ එම වත්තේම පදිංචි සිටි සාමි ජෙයරාම් (58) පස් පියෙකි.
මරණකරුගේ එළු ගාලේ සිටි එළවන් දෙදෙනෙකු සැකකරුගේ මිතුරෙකුට අයත් සුනඛයෙක් විසින් හපා කෑම නිසා ඇතිවූ බහින් බස් වීමක් මෙම ඝාතනය හේතු වී ඇතැයි පොලිසිය පවසයි.
එම වත්තේම පදිංචි 35 හැවිරිදි සැකකරු අද (7) අත්අඩංගුවට ගත් අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇටම්පිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.