(රංජිත් රාජපක්ෂ)
තරුණයන් දෙදෙනෙකුට වෙඩිතබා තුවාල කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාගේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනා නොවැම්බර් 25 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර කිරීමට අද (11) හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජෙ.ස්ට්‍රොස්කි මහතා අද නියෝග කළේය.
එම සැකකරුවන් දෙදෙනා අධිකරණය මගින් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබූ අතර ඔවුන්ව අද (11) හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ද ඉදිරිපත් කරනු ලැබ ඇත.
ඉකුත් 7 වෙනිදා ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේදී වෑන් රථයකින් ගමන් කරමින් සිටි තරුණයන් පිරිසක් සහ සැකකාර පොලිස් නිලධාරීන් අතර ඇති වුවේ යැයි කියන බහින් බස්වීමක් දුරදිග යාමෙන් තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා තුවාල සිදුකළේ යැයි සැකකාර පොලිස් නිලධාරීහු දෙදෙනා චෝදනා ලබා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොක්කත් එක්කම කූඩුවට දැම්මා නම් තමයි හොඳ...