IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එල්.ටී.ටී.ඊ හැඳුනුම්පත් හැදීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට

(වසන්ත චන්ද්‍රපාල)

එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩ නැගීම සඳහා කටයුතු කරායැයි සැලකෙන පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ කල්මුණේ කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට  ගනු ලැබුවේ පිල්ලෙයි නාදන් ආනන්ද රාජා නැමැති 40  හැවිරිදි පුද්ගලයෙකි.

කල්මුණේ ප්‍රදේශයේ ඡායා පිටපත් ලබාගන්නා වෙළඳසැලකට පැමිණි මොහු විසින් එල්.ටී.ටී.ඊ.ලාංඡනය සහිත හැඳුනුම්පතක් පෙන්වා එවැනි හැඳුනුම්පත් රැසක් සකස් කරගැනීමට හැකිදැයි විමසා තිබේ. එසේ  කළ නොහැකි බව කඩ හිමියා පවසා  ඇති අතර ඔහු පසුව පිටත්ව ගොස් තිබේ.

පසුව වහාම ක්‍රියාත්මක වූ කඩ හිමියා ඔහු පැමිණි යතුරුපැදියේ අංකය සටහන් කරගෙන පසුව ඔහු මේ පිළිබඳව  කල්මුණේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් දි තිබේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කල්මුනේ ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කල්මුනේ පොලිසියට භාරදි තිබේ.



අදහස් (6)

එල්.ටී.ටී.ඊ හැඳුනුම්පත් හැදීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට

jagath Wednesday, 28 August 2019 01:51 PM

ඔය එන්නේ එළියට, මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයට කොචර කිව්වත් තේරෙන්නේ නැහැනේ. රට කැඩිලා ඉවරයි. දැන් ප්‍රසිද්ධියේම හැඳුනුම්පත් හදන්න විතරයි ඉතුරුවෙලා තින්නේ. දැන් ඉතිරිවෙලා තිබෙන එකම විසඳුම රට හමුදා පාලනයකට ගෙනියන්න විතරයි.

:       19       32

Acantha Wednesday, 28 August 2019 03:17 PM

සංහිඳියාව කිය කිය ඉන්න. එතකොට ඔක්කොම හරියයි. පොලිසියට තොරතුරු ලබාදුන් අයට අපගේ ප්‍රණාමය..

:       12       76

dumindaThursday, 29 August 2019 05:26 AM

මෙතන තියෙන්නේ සංහිඳියාව ප්‍රශ්නයක් නෙවෙයි. සංහිඳියාවක් නොතිබුණා නම් ෆොටෝකොපි අරන් දීලා වැඩේට උදව් කරන්න තිබුණා.

:       0       86

Aris Wednesday, 28 August 2019 08:52 PM

මම හිතන්නේ මේ මිනිස්සු ඉස්ලාම් අන්තවාදීන්ගෙන් බේරෙන්න කොටියට පණදෙන්න හදනවා වෙන්න ඇති...

:       2       5

මුණසිංහ Thursday, 29 August 2019 01:52 AM

නිර්භයව ඔත්තුව ලබාදුන් අයට ජාතියේ ප්‍රණාමය...! ඔවුන්ව ආරක්ෂා කරගෙන දිරිමත් කිරිම රජයේත් ආරක්ෂක අංශවලත් යුතුකමක්....

:       0       82

Ruchira Thursday, 29 August 2019 04:54 AM

ඔත්තුව ලබාදුන් කෙනා ගැන දැනගත් නිසා අනාරක්ෂිත වුණා කියලයි මටනම් හිතෙන්නේ...

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31252 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13430 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10984 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 85 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 920 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 276 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site