(වසන්ත චන්ද්‍රපාල)
එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩ නැගීම සඳහා කටයුතු කරායැයි සැලකෙන පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ කල්මුණේ කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ පිල්ලෙයි නාදන් ආනන්ද රාජා නැමැති 40 හැවිරිදි පුද්ගලයෙකි.
කල්මුණේ ප්‍රදේශයේ ඡායා පිටපත් ලබාගන්නා වෙළඳසැලකට පැමිණි මොහු විසින් එල්.ටී.ටී.ඊ.ලාංඡනය සහිත හැඳුනුම්පතක් පෙන්වා එවැනි හැඳුනුම්පත් රැසක් සකස් කරගැනීමට හැකිදැයි විමසා තිබේ. එසේ කළ නොහැකි බව කඩ හිමියා පවසා ඇති අතර ඔහු පසුව පිටත්ව ගොස් තිබේ.
පසුව වහාම ක්‍රියාත්මක වූ කඩ හිමියා ඔහු පැමිණි යතුරුපැදියේ අංකය සටහන් කරගෙන පසුව ඔහු මේ පිළිබඳව කල්මුණේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට දැනුම් දි තිබේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කල්මුනේ ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කල්මුනේ පොලිසියට භාරදි තිබේ.
COMMENTS
ඔය එන්නේ එළියට, මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයට කොචර කිව්වත් තේරෙන්නේ නැහැනේ. රට කැඩිලා ඉවරයි. දැන් ප්‍රසිද්ධියේම හැඳුනුම්පත් හදන්න විතරයි ඉතුරුවෙලා තින්නේ. දැන් ඉතිරිවෙලා තිබෙන එකම විසඳුම රට හමුදා පාලනයකට ගෙනියන්න විතරයි.
සංහිඳියාව කිය කිය ඉන්න. එතකොට ඔක්කොම හරියයි. පොලිසියට තොරතුරු ලබාදුන් අයට අපගේ ප්‍රණාමය..
මම හිතන්නේ මේ මිනිස්සු ඉස්ලාම් අන්තවාදීන්ගෙන් බේරෙන්න කොටියට පණදෙන්න හදනවා වෙන්න ඇති...
නිර්භයව ඔත්තුව ලබාදුන් අයට ජාතියේ ප්‍රණාමය...! ඔවුන්ව ආරක්ෂා කරගෙන දිරිමත් කිරිම රජයේත් ආරක්ෂක අංශවලත් යුතුකමක්....