IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


එල්.ටි.ටී.ඊය සමග අපේ සම්බන්ධයක් නෑ-තලේබාන්වරු කියති

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් නැතැයි තලේබාන් සංවිධානය අවධාරණය කරයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත්වීමෙන් පසු ඉන් පෙර එම සංවිධානය සමඟ කිසිදු සම්බන්ධතාවයක් පැවැත්වූයේ නැතැයි තලේබාන් සංවිධානය සඳහන් කරයි.

ඩේලිමිරර් පුවත්පත කරන විමසීමකට පිළිතුරු දෙමින් තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සහ ජාත්‍යන්තර සාකච්ඡාකරු වන සුහායිල් ෂහීන් එම කරුණු පැවැසීය.

තලේබාන් සංවිධානය යනු ස්වාධීන විමුක්ති බළකායක් යැයි ද හෙතෙම කීය.

“ද්‍රවිඩ කොටින් සමඟ අපේ කිසිදු සම්බන්ධයක් නැහැ. අපි ස්වාධීන විමුක්ති බළකායක්. අපි වසර 20ක් තිස්සේ අපේ රට, ඇෆ්ගනිස්තානය විදේශ ග්‍රහණයෙන් මුදාගන්න/නිදහස් කරගන්න සටන් කළා” යැයි ඔහු කීය.

ෂහීන් දෝහා නුවර සිට ඩේලිමිරර් පුවත්පතට අදහස් දැක්වූ අතර ඔහු එලෙස අදහස් දක්වන අවස්ථාව වනවිටත් තලේබාන් සංවිධානය කාබුල් නුවර බලය අල්ලාගැනීමට සමත්ව තිබිණි.

සාමකාමී ලෙස බලය හුවමාරු කරගැනීම සඳහා ඇෆ්ගන් ආණ්ඩුව සමඟ සාකච්ඡා කරන බව ද හෙතෙම පැවැසීය.

ලොව උසම බුද්ධ ප්‍රතිමාව ලෙස සැලකෙන බුද්ධ ප්‍රතිමාව පිහිටියේ ඇෆ්ගනිස්තානයේ බාමියන් නිම්නයේ ය. තලේබාන් සංවිධානය 2001 වසරේ මාර්තු මාසයේ දී එය විනාශ කළේය.

මෙම පිළිමය ඇතුළුව එෛතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන සහ බිතු සිතුවම් යනාදි බොහෝමයක් තලේබාන් සංවිධානය අතින් විනාශයට පත්විය.

තලේබාන් සංවිධානය නැවත බලයට පැමිණීමත් සමඟ දැනට තිබෙන බෞද්ධ සිද්ධස්ථානවලට තර්ජනයක් එල්ල වනු ඇතැයි පැවසේ.

කෙසේ නමුත් තලේබාන් සංවිධානයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන පාලනයක් යටතේ බෞද්ධ සිද්ධස්ථානවලට කිසිදු හානියක් සිදුවන බව සුහායිල් ෂහීන් පැවැසීය.

“බෞද්ධ සිද්ධස්ථානවලට කිසිදු තර්ජනයක් නැහැ. මේ එල්ල වන චෝදනා මම ප්‍රතික්ෂේප කරනවා” යැයි හෙතෙම කීය.

ශ්‍රී ලංකාව තලේබාන් සංවිධානය ත්‍රස්තවාදීන් ලෙස සැලකිය යුතු නැති බව ද ඔහු කීය.

“අපි විමුක්ති සටන්කාමීන්. අපි ඔබේ මුතුන් මිත්තන් මෙන් නිදහස වෙනුවෙනුයි සටන් කළේය. ඔබේ මුතුන් මිත්තන් ඔබේ රට වෙනුවෙන් සටන් කළා. අපි ත්‍රස්තවාදීන් නෙමෙයි. අපි විස සහිත ප්‍රචාරණ යාන්ත්‍රණයක ගොදුරු/වින්දිතයන් බවට පත්වෙලා” යැයි ද ඔහු තවදුරටත් කීවේය. ඊස්වරන් රත්නම් (ඩේලිමිරර්)



අදහස් (6)

එල්.ටි.ටී.ඊය සමග අපේ සම්බන්ධයක් නෑ-තලේබාන්වරු කියති

Ahmed Nazeer Monday, 16 August 2021 10:04 PM

එල්ටීටීඊය නෙමෙයි, අයි එස් එකත් එක්ක තියෙන සම්බන්ධතා අහන්න. ත්‍රස්තවාදීන්ට සුදු හුනු ගාන්න යන්න එපා. දැන් ඔය වගේම ඇෆ්ගන් සිවිල් වැසියෙක්ගෙන් අහන්න මොකද උන්ට වෙන්නෙ කියලා. කාන්තාවන්ට ඉගෙන ගන්න නෑ, රස්සාවක් කරන්න නෑ. ඔය බබා පාට් සේරම ජාත්‍යන්තරේට හොඳ සතා වෙලා උන්ගේ පාලනයට ජාත්‍යන්තර සහය ගන්නකන් විතරයි.

:       0       2

Dara paan Monday, 16 August 2021 10:31 PM

සිත නිවන කතා තමයි..

:       0       0

chandima Monday, 16 August 2021 10:58 PM

ඒත් අර පල්ලිවලට බෝම්බ තියන කට්ටියත් එක්කලා සම්බන්දයි කියනවද ?

:       0       2

de silva Tuesday, 17 August 2021 12:03 AM

සිද්ධස්ථාන වලට අලුතෙන් හානි කරන්න දෙයක් ඉතුරු වෙලා නෑ .ඒවා දැනට වසර 30 කට විතර පෙර ඩයිනමයිට් දාලා පුපුරවලා විනාශ කරලා ඉවරයි

:       1       3

මුණසිංහ Tuesday, 17 August 2021 07:21 AM

මේ තත්ත්වය ආසියාවටම බරපතලයි . ඒ නිසා ලංකාවේ බුද්ධි අංශ දැඩි අවධානයෙන් සිටිය යුතුය . සැහැල්ලුවෙන් හිතුවොත් ඊළඟට ලෝකෙටම ලොකු අනතුරක් .

:       0       3

Bamunuarachchi Tuesday, 17 August 2021 08:41 AM

ලංකාවේ ගොයියොත් කියන්නේ ඔයටික තමයි. ඇෆ්ගනිස්තානයේ ඉන්නේ නිජ බිමට අයිති කාරයෝ. අපේ රටේ බුදුපිළිම කඩන්නේ ගම්මිරිස් හොයාගෙන ආපු හම්බයෝ.

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 328 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 423 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 396 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site