IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


එල්.එන්.ජී බලාගාරය ඉදිකරන්නේ මුතුරා‍ජවෙල තෙත් බිම් කලාපයේ නොවේ

(ඩයනා උදයංගනී)

යෝජිත ද්‍රවීකෘත ස්වභාවික වායු (එල්.එන්.ජී) බලාගාරය ඉදිකරන්නේ මුතුරාජවෙල තෙත් බිම් කලාපය තුළ නොව කෙරවළපිටියේ වෙනත් ඉඩමක බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම බලාගාරය ඉදිකිරීමෙන් විශාල පරිසර හානියක් සිදුවන බවට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ඇතුළු පිරිසක් චෝදනා කර තිබූ බව කී ඇමතිවරයා ඉදිරි දෙසතිය තුළ ඒ සියලු පාර්ශ්ව සමග අදාළ ස්ථානයටම සාකච්ඡා් කිරීමට තමා බලාපොරොත්තු වන බව ද කීවේය.

මෙම ඉඩමේ වැලි පිරවීම සඳහා මුහුදෙන් වැලි පොම්ප කිරීමට යෝජිත බව කී ඇමතිවරයා ඒ සම්බන්ධ පරිසර වාර්තාව සම්බන්ධ මහජන අදහස් ලබා ගැනීමේ කාලසීමාව අගෝස්තු 17 දක්වා දීර්ඝ කර ඇතැයි ද පැවසීය. ද්‍රවීකෘත ස්වභාවික වායු බලාගාරයක් යනු සම්පුර්ණයෙන්ම පරිසර හිතකාමී විදුලි ව්‍යාපෘතියක් බැවින් ඒ සම්බන්ධව කිසිවකුත් අකැමැති වේයැයි තමන් නොසිතන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

වසර 2030 වනවිට රටේ සමස්ත විදුලි බල සැපයුමෙන් සියයට 70ක් පුනර්ජණනීය බලශක්තිය තුළින් නිපදවීම ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇතැයි කී මහින්ද අමරවීර මහතා කෙරවළපිටියේ ස්ථාපිත වන්නේ මෙරට දෙවන එල්.එන්.ජී බලාගාර ව්‍යාපෘතිය බවද පැවසීය. එමගින් මුතුරාජවෙළ පරිසර පද්ධතියට කිසිම හානියක් නොවන බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ඉතා වැදගත් පාරිසරික කලාපයක් වන මුතුරාජවෙළ තෙත් බිම විනාශ කරන්නට ඉඩ තබන්නේ නැතැයි කී ඇමතිවරයා එය ආරක්ෂිත කලාපයක් ලෙස සංරක්ෂණය කර වනජීවි දෙපාර්තමේන්තුවට පවරන බව ද කීය.

පසුගිය කාලය තුළ ඇතැම් පුද්ගලයින් බලහත්කාරයෙන් අල්ලාගෙන තිබූ මෙම තෙත්බිමට අයත් ඉඩම් අක්කර 600ක් නැවත පවරා ගැනීමට තීරණය කර ඇති බවත්, එහි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබු ව්‍යාපෘති රැසක් නවත්වා මුතුරාජවෙළ විනාශ කරන්නන් අත් අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇති බවත් ප්‍රකාශ කළේය.

මුතුරාජවෙළ සංරක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉතා හොද වැඩ පිළිවෙළක් යෝජනා කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් හාතාක්ෂණික පහසුකම් වනජීවී දෙපාර්තමේන්තුව සතුව නොමැති නිසා නාගරික සංවර්ධන අධිකාරිය යටතේ එය ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් මහින්ද අමරවීර මහතා පැවසීය.

අදාළ පාරශව සමඟ සාකච්ඡා කර මෙම බලාගාරය ඉදිකිරීමේ පසුබිම සකසා දුන්නේ තමා විදුලිබල ඇමතිවරයාව සිටියදී බව කී අමරවීර මහතා වත්මන් ඇමති ඩලස් අලහප්පෙරුම මහතා එම කටයුතු ඉතා හොඳින් කරගෙන යන බව ද කීවේය.

 



අදහස් (0)

එල්.එන්.ජී බලාගාරය ඉදිකරන්නේ මුතුරා‍ජවෙල තෙත් බිම් කලාපයේ නොවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1080 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site