(සිතුම් චතුරංග)
යුද හමුදා බුද්ධි අංශ භාවිතා කරන ව්‍යාජ රබර් මුද්‍රා , එල්.ටී.ටී.ඊ සංවිධානය භාවිතා කළ ලිපි ශීර්ෂ සහිත ලිපි ද්‍රව්‍ය සහ හැඳුණුම්පත් කිහිපයක් සමඟ පුද්ගලයකු අද (02) කිලිනොච්චිය විවේකාන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව කිලිනොච්චිය පොලිසිය කියයි.
අත්අඩංගුවටගත් සැකකරු කිලිනොච්චිය විවේකානන්ද ප්‍රදේශයේ පදිංචි සෙල්ලතුරෙයි මෝහන් විජින්ගරන් නැමති 37 හැවිරිදි පුද්ගලයකි.
ආරක්ෂක අංශ භාවිතා කරන ව්‍යාජ රබර් මුද්‍රා සහ ලිපිලේඛන සකස් කරන පුද්ගලයකු සම්බන්ධයෙන් කිලිනොච්චිය යුද හමුදාව වෙත ලැබුණ තොරතුරකට අනුව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී සැකකරුගේ නිවසෙහි සඟවා තිබූ මෙම උපකරණ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළේය.
වවුනියාව යුද හමුදා බුද්ධි අංශය නමින් ව්‍යාජ රබර් මුද්‍රවක් , මානව හිමිකම් කාර්යාලයේ ව්‍යාජ රබර් මුද්‍රාවක් , වවුනියාව හා කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රබර් මුද්‍රා සහ කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයා භාවිතා කරන ව්‍යාජ රබර් මුද්‍රාවක්ද සැකකරු සතුව තිබී සොයාගත් බව පොලිසිය පැවසීය.
එල්.ටී.ටී.ඊ සංවිධානය දැක්වෙන හා ඊළාම් සිතියම සහිත සකස්කළ හැඳුණුම්පත් හා එම සංවිධානයේ ලිපිලේඛන තොගයක් ඇතුළු පෙන් ඩ්‍රයිව් (මතකය ගබඩා කළ හැකි උපකරණ) කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සොයාගෙන තිබේ.
පොලිසිය පැවසූයේ සැකකරු මෙම ලිපි ලේඛන සහ රබර් මුද්‍රා භාවිතා කරමින් කිසියම් අපරාධයක් සිදුකිරීමට සූදානම්වූයේද යන්න මෙතෙක් අනාවරණය නොවූ අතර මෙම මුද්‍රා භාවිතා කර විවිධ ව්‍යාජ ලිපි සකස් කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවත්ය.
සැකකරු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකිරීමට නියමිත අතර කිලිනොච්චිය පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන සිදුකරති.

2025 දෙසැම්බර් මස 04
436
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
456
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
එල්ටීටීඊ සංවිධානය භාවිතා කළ ලිපි කිහිපයක් සමඟ අයෙක් අත්අඩංගුවට
MD Monday, 03 February 2020 01:48 AM
ඉක්මන් පරීක්ෂණයකට යන්න. එයාලා කනරන දේවල් අනූව දැනටමත් අපි ප්‍රමාදයි. ඔවුන් නිදි නැහැ. හොදට ක්‍රියාත්මකයි. ඉක්මන් කරන්න.