IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


එරාවුර්හි නිදහස් වෙළඳ කලාපයක් ඇරඹීමට යයි

(තිළිණි ද සිල්වා)
 
මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ නව නිදහස් වෙළඳ කලාපයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
 
මේ සඳහා ඉඩම් අක්කර 200 ක් දැනටමත් හඳුනාගෙන ඇති බවත්, ඒ සඳහා ආයෝජකයන් සෙවීමේ කටයුතු ද මේ වන විට සිදුකරමින් පවතින්නේ යැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.
 
මෙම නව නිදහස් වෙළඳ කලාපය සැකසීමට අදාළ පරිසර ඇගයිම් වාර්තා ලබා ගැනීමට මේවන විටත් අවශ්‍ය  පියවර ගෙන ඇතැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
 
නව නිදහස් වඳ  කලාපය ස්ථාපිත කළ පසු ඊට අදාළ යටිතල පහසුකම් රජය විසින් ලබා දෙන බවද කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යවරයා කියා සිටී.
 
මේවන විට දිවයින පුරා ආයෝජන මණ්ඩලයට අයත් කටුනායක, බියගම, කොග්ගලසීතාවකපුර, බිංගිරිය හා වගවත්ත ආදි ප්‍රදේශවල නිදහස් කලාප 15 ක් ස්ථාපනය කර තිබෙන අතර  එම නිදහස් වෙළඳ කලාප හා අපනයන සැකසුම් කලාපවල යටිතල පහසුකම් නැංවීමේ  කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
 
ඒ අනුව එම නිදහස් වෙළඳ කලාප ආශ්‍රිතව පානීය ජලය ඇතුළු වෙනත් පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇති අතර , දැනටමත් එම අවශ්‍යතා හඳුනාගෙන අමාත්‍යංශයට ඒ පිළිබඳ තමන්ට  වාර්තාවක් ලබා දෙනලෙස අදාළ අංශවලට උපදෙස් දී ඇති බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී.



අදහස් (2)

එරාවුර්හි නිදහස් වෙළඳ කලාපයක් ඇරඹීමට යයි

Sriyani Tuesday, 04 February 2020 08:49 AM

ඇමතිතුමනි, මෙය හොඳින් අධ්‍යයනය කර ක්‍රියාත්මක කළයුතු ප්‍රතිපත්තියකි. මෙවන් කර්මාන්ත පුරවලට ශ්‍රම ශක්තිය රටට තිබෙද්දී හොඳින් සොයා බලන්න...

:       0       2

කපුරුහාමි Tuesday, 04 February 2020 09:18 AM

මෙයා යමක් කිව්වොත් එ්කේ ආයේ අහන්න දෙයක් නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1650 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1399 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 498 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site