(මනෝප්‍රිය ගුණසේකර)
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට යෝජිතව තිබූ එම්.සී.සී. ගිවිසුමේ සමහර කරුණු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතීපතිවරයා ජනාධිපති ලේකම්වරයාට අද (19) දැනුම් දී ඇත.
පසුගිය යහපාලන රාජ්‍ය සමයේ දී ඇමෙරිකාව සමඟ එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණත් අදාළ ගිවිසුම අත්සන් නොකරන බව ජනතාවට දැනුම් දුන් අතර රජය බලයට පත්වීමෙන් පසුව එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කරන ලදී.
එම කමිටු වාර්තාව හා කරුණු සළකා බැලීමෙන් පසුව එම්.සී.සී. ගිවිසුමේ සමහර කරුණු ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතීපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති ලේකම්වරයාට දැනුම් දුන් බව ඔහුගේ සම්බන්ධීකරණ නිලධාරිණිය දැනුම් දුන්නාය.
COMMENTS
දැන් ඇමෙරිකාව mcc වෙනුවට ජිනීවා වලට ලංකාවට විරුද්ධව යෝජනාවක් ගෙනාවා.
එහෙනම් සර් මේක ඉරලා දාවි.
අනේ මොනවද දන්නේ නැහැ... ඔය ව්‍යවස්ථාවට පටහැනි කරුණු? ගිනිපොලියට ගන්න චීන ණය එතකොට ව්‍යවස්ථාවට අනුකූලද? එම්.සී.සී. ගිවිසුම ක්‍රියාත්මක වුණා නම් ලංකාවේ සියලුම ඉඩම් මැන ලියාපදිංචි වන නිසා, දැනට හොරෙන් අල්ලාගෙන තිබෙන ඉඩම් සහ අනාගතයේදී හොරෙන් රජයේ ඉඩම් අල්ලා ගැනීමට නොහැකි වීම තමයි මේ රටේ තක්කඩින්ට ඔය ගිවිසුම සම්බන්ධයෙන් තියන ප්‍රධානම ගැටලුව. ඒ වගේම දැනට විවිධ වර්ගයේ ඔප්පු හිමි ඉඩම් හිමිකරුවන්ට... නිසි සින්නක්කර හා විකිණීමට අයිතියක් නොමැති වීමේ අපහසුවත් මේ ගිවිසුම මගින් විසඳිය හැකිව තිබුණා. නමුත් මේ රටේ මන්ද බුද්ධිකයින් එයටත් අකමැතියි. ගමනාගමන හා ඉඩම් ලියාපදිංචි කිරීමේ ව්‍යාපෘති දෙකම ශ්‍රී ලංකා රජයේ යෝජනාවක් අනුව සිදුකිරීමට නියමිත ක්‍රියාවලියක් බවවත් ඔවුන් දන්නේ නැහැ. අනික ඉතින් හොරකම් කරන්නත් බැහැනේ. ඒ නිසා ඒ ගිවිසුම් වලින් පොකට් එකට වැඩකුත් නැහැ... ලෝකෙන් හිඟාකෑවට ඇමරිකාවට ලොකුව පෙන්නන්නත් ඕනෑනේ ලංකාවේ ගෝත්‍රිකයින්ට පේන්න.
පිල්ලෙයාන්ට එරෙහිව තිබුණු නඩු විභාගයේදී මේ නීතිපතිගේ හැසිරීම බලද්දී, අනාගතයේ මේ නීතිපතිම මේ ගිවිසුමේ කිසිම අඩුපාඩු හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැහැ කියලා කිව්වත් පුදුමයක් නැහැ. අධිකරණ හෝ වේවා නීතිපති දෙපාර්තමේන්තු හෝ වේවා ආණ්ඩු වෙනස් වනවිට වෙනස් වෙනවා. ජනතාව ආණ්ඩු වෙනස් කළා මිස නඩු ටික අහෝසි කරන්න නොවේ වරම දුන්නේ...
මේක හොයාගන්න ගිය කාලේ කොහොමද?
ව්‍යවස්ථාව කෙසේ වෙතත්, උතුරු නැගෙනහිර පළාත සංවර්ධනය කිරීමට තිබූ අනගි අවස්ථාවක් මේ ගිවිසුම අවලංගු කිරීමෙන් අපට නැති වුණා.
දැන් සර් බනියි හොඳටම...!!!
මේක ඉතාම හොඳ දෙයක්.. මේක කළානම් ලංකාවම විකුණුවා වගේ තමයි... ලංකාවේ තියෙන සියලුම සම්පත් කොල්ලකාලා, හයිටිවලට වූ දේ වෙනවා. රජය කරන හොඳ දෙය, හොඳ දෙයක් විදිහට දකින්න බැරි ඇයි?
ව්‍යවස්ථාවට පටහැනි වුණත් නැතත් දැන් ඒක ඇමරිකාව විසින්ම අයින් කරගෙන නේද?
පිල්ලෙයාන් නඩුව, රන්ජන් නඩුව දිහා බැලුවාම නීතිපතිවරයා කියන දේ මුදුනින්ම පිළිගත යුතුයි.
මේ නීතිපති දෙපාර්තමේන්තුව මගින් ගොනුකරලා ආණ්ඩුව වෙනස් වූ විගස එම නඩුටික තවදුරටත් පවත්වාගෙන යා නොහැකියි ලෙස ඉල්ලා අස්කරගත් නඩු කිහිපයක් මේ දවස්වල ආරංචි වෙමින් පවතිනවා. මේකට පිල්ලයාන්ගේ නඩු හොඳ උදාහරණයක්. බලනකොට ජෝසප් හිටපු මන්ත්‍රී ඔහු විසින්ම ඔහුට වෙඩි තියාගත්තා වගේ. මේ විදියට බලන විට, අනාගතයේ මේ නීතිපතිම මේ ගිවිසුමේ කිසියම් අඩුපාඩු හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැහැ කියලා හෝ කිව්වත් පුදුමයක් නැහැ. අධිකරණ හෝ වේවා නීතිපති දෙපාර්තමේන්තු හෝ වේවා ආණ්ඩු වෙනස් වනවිට වෙනස් වෙනවා නම්...
ඔය කෙහෙල්මල් mcc විතරක් නොවෙයි. අපේ රටේ ලොක්කන්ගේ ඉඳලා බොහෝමයක් දෙනෙක් කරන වැඩ ව්‍යවස්ථාවට පටහැනියි.
මෙයා දැන් නැගිටලා තියෙන්නේ. ඕක සර් නැවැත්තුවා.