IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


එන්නත් සම්පූර්ණ කළ පසුත් කොරෝනා පැතිර යයි නම් ඊටත් පිළියම්

(සුජිත් හේවාජුලිගේ)

එන්නත ලබාදී අවසන් කිරීමෙන් පසුවත් කොරෝනා පැතිරීම දිගටම සිදු වන්නේ නම් ඊළඟට ගත යුතු සෞඛ්‍යමය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය කමිටු පත් කිරීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව සියයට 100කට පමණද දෙවෙනි මාත්‍රාව සියයට පනස් හයකට පමණද ලබාදී අවසන්ව ඇති බව පැවසූ ජනාධිපතිවරයා මේ මස අවසන් වීමට පෙර තවත් සැලකිය යුතු පිරිසකට එන්නත ලබා දී අවසන් කිරීමට හැකිවනු ඇති බවද ප්‍රකාශ කළේ‍ය.

මීළඟට ප්‍රමුඛත්වය දැක්විය යුත්තේ වයස 30ට පහළ අයට එන්නත ලබාදීම සම්බන්ධයෙන්ද එසේ නැතිනම් වයස 60ට වැඩි අයට බූස්ටර් එන්නතක් ලබාදීම සම්බන්ධයෙන් දැයි සොයා බලා කරුණු ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට වැඩිදුරටත් දැනුම්දී ඇත.

 



අදහස් (39)

එන්නත් සම්පූර්ණ කළ පසුත් කොරෝනා පැතිර යයි නම් ඊටත් පිළියම්

මහසෙන් Saturday, 28 August 2021 09:44 PM

පුන පුනා කියන ලෙසට සහ හැම තිස්සේම මතුරන විදියට එන්නත නම් හොදම දේ මොකටද වෙන පිලියම් සර්

:       229       74

ජනක සම්පත් Saturday, 28 August 2021 09:51 PM

අනේ අම්මෝ ඔයා කරපුවා ඇති

:       402       208

බමුණු. Saturday, 28 August 2021 11:34 PM

වාසුලා ඇතුළු කට්ටිය කිව්ව දේවල් අහලා කලට වේලාවට ජනතාව එන්නත් කළේ නැහැ. පැණි පස්සේ ගියා විතරක් නොවෙයි පාර්ලිමේන්තුවට ගෙනත් කට්ටිය පැණි බිව්වා.නි සි කළමනාකරණයක් නොමැතිව වැඩ කළ නිසා තමයි රට මේ තත්වෙට පත්වුනේ.

:       678       263

RathnayakeSunday, 29 August 2021 08:21 AM

අනේ ඔව්. උද්ඝෝශන කරපු ලක්ශ ගානක් දේශීය ගව සම්පත ඒකට පොඩ්ඩක් වත් වග කියන්න ඕන නෑ. උද්ඝෝශන 850ක් කියන්නේ පොඩි ගානක්නේ. ඩෙල්ට නම් නිකන් බුල්ටො වගේ. ඒ වගේද අවුරුදු 23ක් කලින් ඉඳන් තිබ්බ ප්‍රශ්න. ඒව විසඳන්න හොඳම වෙලාව මේක. උද්ඝෝශන වලට ආපු නැති අයට තර්ජන එහෙමත් තිබුනලු නේ. ඔහොම යන්කො.

:       37       133

ඇත්තටම වෙන හැටිSunday, 29 August 2021 08:30 AM

එන්නත හදලා, ටෙස්ට් කරලා, තමන්ගේ රටේ විදලා, සාර්ථකයි කියලා රිපෝට් ලෝක සෞඛ්‍ය සංවිධානෙට පෙන්නලා, ලෝක සෞඛ්‍ය සංවිධානෙන් අනුමැතිය ගන්නකං එන්නතක් ගෙන්නන්න බෑ. ඒක තමයි ලෝකේ ඕනම රටක ක්‍රමවේදය. අනිත් එක තමයි එන්නත් නිපදවන රටවල් වලට නිශ්පාදන ධාරිතාවක් තියෙනව. ඒ රටවල් ඉස්සෙල්ලම එන්නත් දෙන්නෙ තමන්ට වඩාත්ම ආර්ථික, දේශපාලන වශයෙන් වැදගත් රටවල් වලට. ඇමරිකාවට නම් එංගලන්තය සහ ඊස්‍රායලය. ඒව සේරම සෙට් වෙලා එනකං පැණි බොන එක ඇර වෙන දෙයක් නෑ ඉතින්.

:       28       122

AkilaSunday, 29 August 2021 05:00 PM

බොරු නොකිය ඉන්නවද , ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැත කරන්න ඉස්සෙලා හුඟක් රටවල් එන්නත් විදින්න පටන් ගත්ත , පිලිපිනෙත් අපිට මාස 6ක විතර කලින් එන්නත් ඔර්ඩර් කරලා තිබ්බ

:       44       10

gamageTuesday, 31 August 2021 02:49 PM

මෙතන ඉනන හැමෝම 69 ලක්ෂයමද දන්නැ

:       0       0

බමුණු.Sunday, 29 August 2021 12:27 PM

ඇත්ත කියැවෙන කොට ගැත්තන් පරල වෙනවා. අනේ මේ රත්නායකගේ මොළේ කොහේද තියෙන්නේ. උද්ඝෝෂණ කරේ දීපු පොරොන්දු ඉටුනොකල නිසා බව දන්නේ නැතිද ? විපක්ෂෙ හැමෝම ත්, රටේ බුද්ධිමතුන් කීවා වෛරසය මෙරටට එන නිසා එයාපෝට් වහන්න කියා. ආසාධිතයන් අරගෙන එයාපෝට් වැහුවා. ලෙඩේ බෝවුනා. විශාල මුදල් ගෙන ආසාධිතයන් ගෙන්වා ප්‍රතිකාර කරා. කොවීඩ් බෝවෙනවාද කියා අත්හදා බැලීමක් කිව්වා. කෙලින්ම වාසු නැගිට එන්නත ගෙන්න විරුද්ධ උනා. කොරෝනා හැදී සුවවු චීන කාන්තාවට ඇමතිනිය උම්මා දුන්නා. ඇත්තටම නොවෙන හැටි නමින් ලියූ කෙනාගේ අසත්‍ය අදහස් තම පැත්තේ අය බේරාගන්න ලියූ බොළඳ දේ බව ඕනෑම අයෙකුට පෙනේ. අනේ .. පව් ..

:       142       38

Sriland Sunday, 29 August 2021 01:38 AM

කොරෝන කවදාවත් ඉවර කරන්න දෙන්නේ නැහැ. මේක බලවත් රටවල් එකතු වෙලා ගහපු මාස්ටර් ප්ලැන් එකක්.

:       14       76

සෙනවි Sunday, 29 August 2021 01:43 AM

මෙතුවක් කල් කරපු හැටි දන්නවනෙ. බලමු කොරන හැටි.

:       74       27

Chandima Sunday, 29 August 2021 03:34 AM

එන්නත් දෙකම දීලත් මේ ලෝකේ ඉන්න බැරිනම් ඒ අතලොස්සක් විතරයි. ඒ නිසා අපේ ළමයි ටික බේරාගන්න මුල්තැන දෙන්න.

:       2       76

Rata Perata Sunday, 29 August 2021 04:10 AM

අසන්නෝ සිහි නුවණින් අසත්‍වා.

:       36       20

දාස Sunday, 29 August 2021 05:23 AM

පන්ඩිත කම ඉහ වහා ගිය අසාර්තක පාලකයා.

:       58       40

චමිල Sunday, 29 August 2021 06:08 AM

පන්සියගම 100% ක් නැත.

:       4       14

Nuwan Sunday, 29 August 2021 06:24 AM

බැරිනම් සජිත් මහත්තයට දීලා ගෙදර යන්න.

:       63       24

pushkars Sunday, 29 August 2021 07:24 AM

දුර්වල එන්නත් තේරීම

:       46       18

lal Sunday, 29 August 2021 07:45 AM

විශේෂඥ වෛද්්‍යවරුන් ලොවම එකතුවෙලා පරික්ෂන කරලා ඒවා විද්‍යාත්මක ජර්නල්වල ප්‍රසිද්ධ කරනවා. ඒවා ප්‍රෙයා්ජනයට ගත්තානම් අපේ අය පත්කරගෙන නැවත මුලට ගිහින් කරන්න ඒතරම්ම උවමනාවක් වෙන්නෙ නැහැ.

:       70       17

mp Sunday, 29 August 2021 08:05 AM

මෙහි සඳහන් සාධාරණ විවේචනවලට ඩිස්ලයික් දාන කෙනා කවුද?

:       53       24

රෝහිත Sunday, 29 August 2021 08:10 AM

අපෝ ඔයාගේ පොර ටෝක් අහලා ඇතිවෙලා.

:       40       35

Tiron Sunday, 29 August 2021 08:22 AM

හොඳම දේ නෙමෙයි මේ වෙලාවෙ ඇත්තටම විසඳුමක් වෙන එකම දේ.

:       22       15

සමරේ Sunday, 29 August 2021 08:34 AM

එන්නත දුන්නත් පැතිරෙන එක 100% වළක්වන්න අමාරුයි ජනතාව පරිස්සම් වෙන්නෙත් නැත්නම්. ඒ කියන්නේ රස්සාවට යාම හෝ දවසේ කුලිය හොයාගන්න එළියට යාම නෙවෙයි. ගෙදර ඉන්න බෑ කියලා එළියේ පවුල් පිටින් යෑම සහ කට්ටිය එකතුවී පාටි දැමීම වගේ දැනුත් සිදුවන දේවල්. නමුත් යම්කිසි පාලනයක් ඇතුව එළියේ හැසිරෙනවා නම් වයිරසය තරමක් පැතුරුණත් රෝහල් ගත යුතු ප්‍රමාණයත් මරණ ප්‍රමාණයත් සෑහෙන්න අඩු කරන්න පුළුවන්. හොඳම උදාහරණයක් තමයි ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ අවට පළාත්වල තත්ත්වය.

:       5       23

mp Sunday, 29 August 2021 09:19 AM

සාධාරණ අදහස්වලටත් විරුද්ධව 158ක් අදහස් දැක්වූ කෙනා කවුද?

:       58       14

සෑම් Sunday, 29 August 2021 09:29 AM

මේ වගේ පාලකයෙක් ලෝකේ කොහේවත් නැතුව ඇති.

:       40       38

සමන්ත Sunday, 29 August 2021 09:56 AM

විද්‍යාත්මකව කල්පනා කිරීම වෛද්‍ය විශේෂඥයන් දැන්වත් ආරම්භ කළ යුතුය. සියලු දෙනාම එන්නත් කළ පසුවද කෝවිඩ් 19 රෝගය පවතිනවා නම් රට ලොක් ඩවුන් කිරීම පවතින එකම විසදුම වශයෙන් වෛද්‍ය විශේෂඥයන් දක්වන්නේද? එසේනම් එන්නත් නොකරම රට ලොක් ඩවුන් කර ජනතා ජීවිත ආරක්ෂා කළ හැකිවූවා නේද යන ප්‍රශ්නයට පිළිතුර කුමක්ද? එන්නත මගින් කෝවිඩ් 19 රෝගයට පූර්ණ ආරක්ෂාව නොලැබෙන්නේ නම් එන්නත සමග විකල්ප වෛද්‍ය ක්‍රම (ආයුර්වේදීය හෝ දේශීය) භාවිතා කිරීම තුලින් නැවත ජනජීවිතය යථා තත්වයට පත්කළ හැකිද? කෝවිඩ් 19 වැඩිවන විට රට වැසීමත් එය අඩුවන විට රට ඇරීමත් යන්න විසදුමක්ද නැතහොත් පැලැස්තරයක්ද යන්නත් විමර්ෂණාත්මකව සිතිය යුතු වූයේ මීට බොහෝ කලකට පෙරය.

:       41       9

පිටිගල මිලානෝ Sunday, 29 August 2021 10:01 AM

වියත්තු කියලා පාර්ලිමේන්තුවට පැන්න අය කල හරිය මදැයි........ ඇයි මොකෝ... ආයෙත් හට්ටි ටිකක්වත් බෝක්කුවකින් පහලට දාන්නද....?

:       47       29

lakvidu Sunday, 29 August 2021 11:31 AM

අනේ බුදු සර්... මේ දුන්න පිළියම් ටික හොඳටෝම ඇති.

:       38       30

කල්පනා Sunday, 29 August 2021 12:24 PM

දැන්වත් දේශීය දෙයට කැමති පිරිස් වලට වත් දේශීය ප්‍රතිකාර කරන්න අවස්ථාව ලබාදෙන්න හරිගියොත් එය අනුමත කරන්න.

:       18       13

lakvidu Sunday, 29 August 2021 06:44 PM

එන්නත වෙලාවට ගෙන්නගන්නෙ නැතුව දේශීය පැණි බොන්න ගිහිං හෝල් සේල් ඇනගත්තා මදිවෙලාද? (ප්‍රභාකරන් කිව්ව හරි... සිංහලයට යමක් මතක තියෙන්නෙ සුමාන දෙකයි!).

:       4       3

කල්පනා Monday, 30 August 2021 07:05 AM

පැණිය හැදුවෙ වෙදෙක් නොවෙයි දේශීය වෙදකම නැති කරන්න ආපු ලක්විදු වගෙ කට්ටඩියෙක්.යකෝ පරසුද්දන්ට අවශ්‍ය වුන දේශීය වෙදකම නැති කරන්න හවුල් වෙන්න එපා (දේශීය වෙදකම ගැන සුදු ජාතික රොබට් නොක්ස් ලියපු එදා හෙලදිව පොත කියවනු)

:       1       6

Buddhika Sunday, 29 August 2021 12:30 PM

අපොයි... මේ තාක්කල් කරපු හරියම මදැයි තවත් මොකටද.?

:       31       21

විපරමා Sunday, 29 August 2021 06:13 PM

මැදමූලනේ උදවියත් මුලු රටටම එක්තරා විදියක කොරෝනාවක් තමා..

:       1       7

fairoos Sunday, 29 August 2021 12:55 PM

සර් ගේ පී.එච්.ඩී එක ඉවරද ?එහෙනම් සර් පාස්ද ?

:       54       19

shirleyphillips Sunday, 29 August 2021 12:56 PM

ඔව් සර් . ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය අනුමත කරන්නේ නම්, අපට සිසොන්කේ ජොන්සන්ගෙන් එකක් දිය හැකිය

:       23       4

nadun Sunday, 29 August 2021 01:16 PM

ඔබට කල හැකි උපරිමයෙන් ඔබ මේක මර්ධනයට වැඩ කරනවා .විශේෂයෙන් සෞඛ්‍ය අංශවල උපරිම සහාය නැතුවත් .අපේ මිනිස්සුන්ට ඕනේ රටත් වහලා ,පඩිත් අරන් ,බෝනසුත් ගන්න.බඩු මිල අඩුවෙන්නත් ඕනේ .පුදුම මිනිස්සු ඉන්න රටක් මේක නම් .

:       21       133

aloka Sunday, 29 August 2021 03:44 PM

මේ කාරණාව දේශපාලන ඇසකින් නොබලමු.

:       1       2

Nihal Sunday, 29 August 2021 08:47 PM

ඔබ තුමා නොහිටින්න මේ රට මේ වෙනකොට අඩක්ම සුන්.

:       6       4

අජිත් වීරතුංග කටාර් රාජ්‍යයේ සිට Sunday, 29 August 2021 09:35 PM

හා හා හා….. අපි තමයි හොදටම කරේ... ලක්ෂ 69ටම, කමක් නෑ දැන් හොඳටම සනීපයි. අපි කැමැත්තෙන් දුන්නේ……. කටාර් වල අපි.

:       1       3

Chandima Monday, 30 August 2021 04:32 AM

එතකොට අර රනිල් නින්දෙන් ඇහැරලා වගේ හිටපු ගමන් පණ්ඩිත කතා කියවන්නේ මාර සාර්ථක පාලකයෙක් නිසා වෙන්න ඇති නේද?

:       1       4

jayasekara Monday, 30 August 2021 12:06 PM

කඩේ යනවා නෙමෙයි .ඔයා හිතනවද අරගොල්ලෝ ආණ්ඩු කරානම් හරිම සාර්ථකයි කියලා .අඩුපාඩු තියනවා .නමුත් සාපේක්ෂව බැලුවොත් සාර්ථකයි .(සීනි මිල වැඩි වීම ,බදු ගණන් යන ඒවා මේකට අදාළ නැත .ඒවා අසාර්ථකයි )

:       1       7

ඔබේ අදහස් එවන්න

දියත

පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 579 0

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 512 0

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 2101 2

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 2119 1

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


විහාරහල්මිල්ලෑවේ ගොවීහු කුඹුරට යන්න පාරක් නැතිව හූල්ලති
2024 ජුලි මස 26 222 0

කැබිතිගොල්ලෑව විහාර හල්මිල්ලෑව ගමේ ’’මහ කාඩිගල’’ වැව යටතේ ඇති කුඹුරු යායට පාරක් නොමැති නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බව මහා කාඩිගල කුඹුර


‘තරුණ පරපුර ඉල්ලූ වෙනස දෙන්න මම එනවා’
2024 ජුලි මස 26 2552 3

රටේ තරුණ පරපුර වෙනසක් ඉල්ලා ගාලුමුවදොර අරගලයක් කළ බවත් ඔවුන් ඉල්ලා සිටින වෙනස ලබාදීමට තමන් ඉදිරිපත්ව සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site