IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


එන්නත් ලක්ෂ හයක ගැටලුවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )

එන්නත් ලක්ෂ හයක ගැටලුවක් ඇති බවත් එය හැංගිය යුතු කාරණයක් නොවන බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී  අද (4) පැවැසුවාය.

එය අප රටට කිව යුතු යැයි ද ඇය කීවාය.

එවැන්නක් ඇතිවුණේ රජයේ වරදකින් නොවේ යැයි කී රාජ්‍ය ඇමතිවරිය නිෂ්පාදකයන්ට අවශ්‍ය තරම් සැපයුම් දීගැනීමට නොහැකි වීම නිසා මේ තත්වය ඇති වී තිබෙන බවද ප්‍රකාශ කළාය.

ස්පුට්නික් හා ෆයිසර් එන්නත් ගෙන්වීමට රජය කටයුතු කරගෙන යන බවද ඇය පැවසුවාය .

පළමු මාත්‍රාව එක් එන්නතකින් ලබාදී දෙවෙනි මාත්‍රාව වෙනත් එන්නතකින් දීමට හැකියාව ඇත්දැයි පරීක්ෂණ පවත්වාගෙන යන බවත් එම පරීක්ෂණ වාර්තාවල ප්‍රගතිය අනුව එන්නත් "කොක්ටේල් " එකක් දීමට ඉදිරියේදී හැකිවනු ඇති බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය කීවාය.

රාජ්‍ය ඇමතිවරිය මෙසේ පැවසුවේ කොවිඩ් අවදානම හමුවේ රට මුහුණ දී ඇති තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ ඉදිරිපත් කෙරුණු යෝජනාව පිළිබඳ විවාදයේදීය



අදහස් (8)

එන්නත් ලක්ෂ හයක ගැටලුවක්

asanka Tuesday, 04 May 2021 11:00 AM

අර ඇමරිකාවේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් මිලියන 60 ක් තියනවා.. එකෙන් ලක්ෂ 6ක් ඉල්ල ගන්නවකෝ...

:       0       0

pradeepa Tuesday, 04 May 2021 11:14 AM

අපේ සර් ඒ වැඩේනුත් අසමත් නේ.. ඔහොම අසමත් වුණොත් එකම පන්තියේ ඉන්න වෙයි හැමදාම...

:       0       0

mihira Tuesday, 04 May 2021 12:14 PM

ස්තුතියි දැනුවත් කළාට... අපි මොනවා හරි කරන්න බලන්නම්... වෙනරටක නායකයෙක්ටවත් කියලා...

:       0       0

DewA Tuesday, 04 May 2021 12:26 PM

ඔබතුමිය හරි..!!! 

:       0       0

ranjith Tuesday, 04 May 2021 03:55 PM

මෙවන් උගත් අය අවංකවම කතා කරනවා.

:       4       11

Sanath Tuesday, 04 May 2021 10:24 PM

මම හිතන්නේ මුළු රටටම අවම වශයෙන් එන්නත් මිලියන 30 ක් (එක් පුද්ගලයෙකුට 2) අවශ්‍යයි. මම දන්නේ නැ ඇය එන්නත් ලක්ෂ 6 ක් ගැන පමණක් කතා කරන්නේ මන්දැයි මම නොදනිමි. ඇයට රටේ සෙසු ජනතාව ගැන අමතක වුනාද?

:       2       3

නඳුන්Wednesday, 05 May 2021 02:09 AM

මැය සඳහන් කරන්නේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත පිලිබඳ විය යුතුයි... පලමු මාත්‍රා ලක්ෂ 9 ක් පමන ලබා දුන් නමුත් දෙවැනි මාත්‍රාව වෙනුවෙන් ලැබී ඇත්තේ මාත්‍රා ලක්ෂ 3ක පමන ප්‍රමානයක්.. මේ ගැටලුව එනිසා විය යුතුයි...

:       0       5

Lelwala Wednesday, 05 May 2021 02:12 AM

කොළඹට සහ ගම්පහට කියලා ගෙනාවට මේවා ඇමතිවරු සහ ගෝලබාලයින්ට

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site