(යොහාන් භාසුර)
නිරෝධායන ඇදිරිනීතිය කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳාම කළ හැක්කේ කොව්ඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදෙන ඇති වෙළෙඳුන්ට පමණක් බවත් එන්නත් මාත්‍රා දෙකම නොගත් පුද්ගලයන් ජංගම වෙළෙඳාමේ නිරත වුවහොත් නිරෝධායන නීති යටතේ පියවර ගන්නා බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.
නිරෝධායන සමයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව සැපයීම සඳහා මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තිබෙන බවත් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 13 ආවරණය වන පරිදි ජංගම වෙළෙඳුන් 12,294 ක් ද තොග වෙළෙඳසල් 1,489 ක් ද ලියාපදිංචි කර බෙදාහැරීම් මාර්ග 2345ක් හඳුනාගෙන ඇති බවත් යසරත්න මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිසාපතිතුමෝ.., ඔබතුමා දේශීය වෙදකම ගැන තැකීමක් නැද්ද? හිටපු අගවිනිසුරු සිල්වා මැතිතුමා ප්‍රකාශයක් කළා එතුමාත් ගත්ත දේශීය ඔසුවකින් මෙම රෝගය සුවවෙනවා කියලා. ඉතින් එම ඔසුව ගත් අය සුවවී සිටී නම් ඔබතුමා කරන්නේ දේශීය දෙයට පයින් ගැසීමක් නොවේද?
බරපතළ වහල් ප්‍රකාශයක්. තරයේ හෙලා දකිමි.
ලංකාවේ තැනින් තැන කිසිම සැලැස්මක් නැතිව කොරෝනා එන්නත ලබා දෙනවා . ලැබෙන එන්නත් ප්‍රමාණය කොපමණදැයි ගණන් බලා සෙනග එක්රැස් නොකර පිළිවෙලකට කරන්න කෙනෙක් ලංකාවේ නැද්ද දෙයියනේ?. ඊයේ දන්කොටුව ප්‍රදේශයේ සෙනග එක්රැස් වුන හැටි හොද උදාහරණයක් . හවස්වෙනකල් පොරකාල ගෙදර ගිය සෙනග බොහෝයි . එයින් දන්කොටුව කොරෝනා පොකුරක් බෝ වෙයිද දන්නෙත් නැහැ . ග්‍රාම නිලදාරින්ටත් බෝ වුනේ මේ නිසා . ඇයි චන්ද ලැයිස්තුව අනුව ග්‍රාම නිලදාරී කොට්ටාශ මට්ටමින් මෙය කරන්න බැරි.
මේක දරුණු බලහත්කාරකමක්.. එන්නත් දෙකම ගත්ත අයටත් මේක හැදෙනවා, දැනටම 60කට 70 කට වඩා (රජය කියන දත්තවලට අනුව විතරක්) එන්නත් දෙකම ගත්ත අය මියගිහින් තියෙනවා. මංගල සමරවීර මහතාත් ෆයිසර් 2ම ගත්ත කෙනෙක්. දැන් කියනවා වෙන වෙන ලෙඩ නිසා මැරුණලු. එන්නත ගත්තම හැදෙන්නෙම නෑ කියලා දෙයක් නෑ. එහෙම තියෙද්දී බලෙන් එන්නත් කරන්න පුළුවන් ද ? අදාල සෞඛ්‍ය නිර්දේශ, පිළිවෙල අනුගමනය කරනවනම් එන්නත් නැතත් පරිස්සම් වෙන්න බැරිද ?