(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙක ගත් අයට තෙවැනි මාත්‍රාවක් (බූස්ටර් එකක්) ලබාදීමට රජයේ අවධානය යොමුවී ඇත.
මේ සම්බන්ධයෙන් අප ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගෙන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස දැනුම් දුන් බවයි.
එසේ ලබා දීමට අවශ්‍ය නම් ලබාදෙන එන්නත කුමක්ද , එය ලබා දෙන ආකාරය සහ ලෝකයේ වෙනත් රටවල් මේ සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රමවේද යනාදිය පිළිබඳව සොයා බලන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස්දී ඇති බව රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.
කොරෝනා පාලනයට ගත යුතු සහ ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිවරයා කෝවිඩ් මර්දන කමිටුව හමුවේ ප්‍රකාශ කළේ යැයිද චන්න ජයසුමන මහතා කීවේය.
ඊශ්‍රායලය කොරෝනා මර්දනය සඳහා තෙවැනි මාත්‍රාවක් එරට ජනතාවට මේ දිනවල ලබාදෙමින් සිටින බව රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේය .
COMMENTS
තුන්වැනි එකක් ගහන්න කළින් පළවෙනි එක නොගහපු අය තව කීයක් ඉන්නවද කියලා හොයලා බලන්නකෝ පොඩ්ඩක්... මොකද 03 වැනි එක අනිවාර්යයෙන්ම ගහගන්න බලන් ඉන්න කණ්ඩායම කවුද කියලා රටම දන්නවා... පළමුවැනි, දෙවැනි මාත්‍රා රටටම හොරෙන් මුලින්ම ගහගත්තේ කවුද කියලා නොදන්නේ කවුද?
මොන විකාරයක්ද මේ? ලෝක සෞඛ්‍ය සංවිධානය පවා තවම මාත්‍රා 03ක් දෙන්න නිර්දේශ කරලා නැහැ. අපේ ලංකාවේ ඉන්න 8 පාස් මහාචාර්යලාද, ලෝක සෞඛ්‍ය සංවිධානයටත් උපදෙස් දෙන්නේ..?
රටක රජයක් කියන්නේ ගමේ, පන්සලේ හදාගත්ත මහිලා සමිතියක් නෙවෙයි. හොඳට හොයලා බලලා පුරවැසියාගේ හිත සුව පිණිස යමක් කරයි. මෝඩ වෙන්න එපා..
මොකටද 3 වැනි වැක්සීන් එකක්? එන්නත් දෙන ආයතන ගොඩදාන්නද? අනේකාලේ වනේ වාසේ කිව්වලු..