IMG-LOGO

’’එන්නත් තුනක බලය බිඳිලා’’

(සුජිත් හේවාජුලිගේ)

ෆයිසර, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත්වලින් ලැබෙන ආරක්ෂාව (ඵලදායිත්වය) සැලකිය යුතු ලෙස අඩුවී ඇති බව ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂණ කණ්ඩායමක් කර ඇති පරීක්ෂණයකදී තහවුරුවී  ඇතැයි  ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.

එම එන්නත්  ලබාගත් පුද්ගලයන් ලක්ෂ 8කට වැඩි පිරිසක්  යොදාගෙන කරන ලද පරීක්ෂණයකදී හෙළිදරව් වී ඇති මෙම තොරතුරු ඇමරිකාවේ පළ වන "සයන්ස්"නැමැති සඟරාවේද  පළ කර ඇති බව හෙතෙම සඳහන් කළේය

මේ අනුව  පසුගිය  මාර්තු මාසයේදී සියයට 89ක් ලෙස පැවති  ෆයිසර්  එන්නතේ ඵලදායීත්වය මේ වන විට සියයට  58ක් දක්වාත් මාර්තු මාසයේදී සියයට  අසූ හතක් ලෙස පැවති මොඩර්නා එන්නතේ ඵලදායිත්වය  මේ වනවිට  සියයට 43දක්වාත් මාර්තු මාසයේදී සියයට 86ක් ලෙස පැවති ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නතෙ ඵලදායිත්වය මේ වන විට සියයට 13දක්වාත්  පහත බැස ඇතැයි චන්න ජයසුමන මහතා කීවේය.



අදහස් (19)

’’එන්නත් තුනක බලය බිඳිලා’’

mihira Saturday, 06 November 2021 05:56 PM

අමූලික බොරු... එහෙම කොහේවත් සඳහනක් නෑ...

:       76       41

සුද්දාSunday, 07 November 2021 07:54 AM

බොරුවක් නෙවෙයි. එය දැන් මාස දෙක තුනක ඉඳලා බටහිර රටවල පවා ප්‍රසිද්ධයි. ලංකාවේ දන්නේ දැන් වෙන්න ඇති. ඇස්ට්‍රා සෙනෙකා එන්නත පවා මාස 6ක් යනකොට බලය අඩු වෙන බව පර්යේෂණ වලින් හොයා ගන්න බව පුවත්වල තියෙනවා. ඒ නිසා තමයි බුස්ටර් වශයෙන් දෙවෙනි එන්නත දීලා හය මාසයකින් තුන්වන එන්නත දෙන්නේ. අලුත් ප්‍රභේද සඳහා පමණක්ම නොවෙයි. ඕස්ට්‍රේලියාවේ හෙට, නොවැම්බර් 8, ඉඳලා දෙවෙනි එන්නත මාස 6ක් කලින් ගත්තු අයට බූස්ටර් එක දෙනවා. මෙහේ බොහොම වෙලාවට තමන් ගහපු එකම ලැබෙන්න පුළුවන්. ඒ වගේම කතාවක් තියනවා වෙනත් වර්ගයකින් බුස්ටර් එක දුන්නම ප්‍රතිශක්තිය වැඩියි කියලා. ඒ නිසා මිහිර ඔයා බොරු කියලා කෑගහන්න කලින් හොඳට ගූගල් කරලා හරි අනික් රටවල විස්තරත් කියවන්න. අපේ පරණ උගතුන් කිව්වානේ කියවීම මිනිසා සම්පූර්ණ කරයි කියලා. ඒ කියන්නේ පිරුණු කළේ දිය නොසැලේ කියලා. නැත්නම් බාගෙට පිරුණු කලෙන් නොයෙක් සද්ද පිටවෙනවා.

:       0       1

SithsaraSunday, 07 November 2021 10:15 AM

කොහේද හෙව්වේ? රොයිටර් පුවත් සේවයේ ඔක්තෝම්බර් 5වෙනිදා මේ ප්‍රවෘත්තිය පල කරල තියෙනවා. මේ පිලිබඳ පර්යේශණ පත්‍රිකාව ලාන්සෙට් මෙඩිකල් ජර්නලයේ පල වෙලා තියෙනවා. අඩු ගානෙ ගූගල් සර්ච් එකක්වත් කර ගන්න ඉගෙන ගන්න.

:       0       1

Wasantha Saturday, 06 November 2021 06:14 PM

මේ මහත්මයා මොකද චීන එක ගැන කියන්නේ නැත්තේ.

:       0       1

nuwa Saturday, 06 November 2021 06:51 PM

ඕකට හේතුව තමයි ඔය එකක්වත් චීනෙ හදපුවා නෙමෙයිනේ.. ඒ අතින් අපි වාසනාවන්තයි..

:       45       36

de silva Saturday, 06 November 2021 07:09 PM

කොමිස් ගහලා හරි ගෙනාපු සයිනොෆාම් එකට එහෙම වුණේ නැහැනේ... ? සර් සහ ගෝලයින් නේද වැඩේ හරියටම කළේ? කොමිස් එකත් සාක්කුවේ දාගෙන වැඩෙත් ගොඩදාලා, අර අපි කුණ්ඩසාලේ හදපු එන්නත් ෆැක්ටරියේ නිපදවන එන්නත් ඇමෙරිකාවට යවමු... පව්නේ... අපේ ලොක්කන්ගේ මව් රටනේ..?

:       50       42

ravin Saturday, 06 November 2021 07:32 PM

අපි ඔය එන්නත් වැඩිපුර ගෙන්නුවේ මේ ලඟදි නේද.?

:       0       0

gunarathna Saturday, 06 November 2021 08:25 PM

ඇමෙරිකන් කාරයෝ බලන්නේ අපිව ගොනාට අන්දලා ඒ අයගේ එන්නත් ටික විකුණගන්න කියලා මම හිතන්නේ. අපිට පුළුවන්නේ අපේ රටේ මේ ගැන පරීක්ෂණයක් කරලා හරියටම දැනගන්න මේ එන්නතේ ක්‍රියාකාරීත්වය කොපමණ කාලයක් තියෙනවද කියලා බලන්න...

:       4       1

kamalSunday, 07 November 2021 03:03 PM

69 ලක්ෂයේ ආනිශංස පේනවා නේද?

:       0       5

ඩේටා ඩිලීට් Saturday, 06 November 2021 08:59 PM

මේ සට්ටන් රාළ චීන එන්නතට සුජාතභාවය දෙන්න පුදුම විදිහට වළිකන්නේ. ඒකට ලෝක බොරු ඇදබානවා. මොඩර්නා, ෆයිසර්, ජොන්සන් ඇන්ඩ් ජොන්සන් වලට පිටරට වාර්තා ගෙනැත් දුර්වලයි කියන අතරේ චීන එන්නතට ජපුරේ වාර්තා වලින් සාර්ථකයි කියනවා. කබරයා තලගොයා කරන ආචාරියෝ...

:       0       1

sandul Saturday, 06 November 2021 09:22 PM

තව ණය ටිකක් අරගෙන තුන්වෙනි මාත්‍රාවත් ගෙන්නමු.

:       0       0

naradas Saturday, 06 November 2021 09:28 PM

ඇත්ත...සියලුම එන්නත් වලින් වැඩක් නෑ....දැන් එන්නේ පෙත්ත...

:       0       0

Prabha Saturday, 06 November 2021 09:37 PM

කෙලින්ම කියන්න හොන්දම් එන්නත හදන්නේ චීන්නු කියලා.

:       0       0

Amara Saturday, 06 November 2021 11:34 PM

ආව්.. ආව්... චීනා දෙයි ෂැප වාහන.

:       0       0

සෙනෙවිරත්න Saturday, 06 November 2021 11:44 PM

සයිනොෆාම් මාස තුනයි

:       0       0

Sriland Sunday, 07 November 2021 01:43 AM

කොරෝනා කියන්නේ තනිකරම බොරුවක් මේක ජාත්‍යන්තර ජාවාරමක් කියලා මුල ඉඳලම කිවුවා .දැන් මේවාට වගකියන්නේ කව්ද ?අපේ රටේ මුදල් දැන්වත් ඔය වක්සින් බොරුව නවත්වන්න .දේශීය බෙහෙත් වලට යොමු වෙන්න ප්‍රමාධ වෙලා හරි

:       1       0

Don perera Sunday, 07 November 2021 04:50 AM

තනිකර බොරු.

:       0       0

Lelwala Sunday, 07 November 2021 09:14 AM

මහාචාර්ය තුමනි මහජනතාවට මුසා බස් දොඩවලා. කිසිම පදනමක් නොමැතිව බේගල් දෙසාබාල ඖෂධ කොම්පැනි වලින් ජාතන්තර උසාවියක ඔබ වැරදි කාරය කර, මහාචාර්ය පට්ටම නැතිකර, විදිලි පුටුවට යවන්න පුලුවනි.

:       0       0

fairoos Sunday, 07 November 2021 03:43 PM

අපි තමයි හොඳටම කරලා තියෙන්නේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 795 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1207 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site