(අංජුල මහික වීරරත්න)
කාබනික පොහොර ආනයනය කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වුවද මේ වන විට ලැබී තිබෙන තොරතුරු අනුව පොහොර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
එළඹෙන මහා කන්නයේ සිට ගොවින්ට අවශ්‍ය කාබනික පොහොර සහනාධාර මට්ටමින් සියළු ගොවි ජනතාවට ලබා දෙන අතර රටට අවශ්‍ය පොහොර දේශීය මට්ටමින් නිෂ්පාදනය කර ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවද අලුත්ගමගේ මහතා කියයි.
කාබනික පොහොර ආනයනය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සොයා බැලීමට වයඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රමුඛ කමිටුවක් පත් කර තිබෙන බව කී අමාත්‍යවරයා පොහොර හිඟයක් සම්බන්ධයෙන් කිසිදු අනිසි බියක් ඇති කරගත යුතු නැතැයිද සඳහන් කරයි
යල සහ මහ කන්න සඳහා හිඟයකින් තොරව පොහොර ලබා දීමට රජය කටයුතු කරන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා විදේශ රටවල කසල කාබනික පොහොර ලෙස ගෙන එන්නට හදනවා යැයි කතාවක් පැතිරීම අමූලික බොරුවක් බවත් මෙරටට විදේශයන්ගෙන් කාබනික පොහොර ආනයනය කරනවා නම් එලෙස ගෙන්වන්නේ ජීවානුහරණය කරන ලද ඉහළම ප්‍රමිතියෙන් යුතු පොහොර බව ද අවධාරණය කළේය .
COMMENTS
කාබනික පොහොරත් පිටරටින් ගෙනාවොත් දෙයියන්ගේම පිහිටයි ලංකාවට...
පිටරටවල් වලින් කිසිම දෙයක් ගෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මුළු රටටම අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කර ඉතිරි සියල්ලම පිටරටවල් වලට විකිණීමට තරම් හැකියාවක් අපට තියෙනවා. කාබනික පොහොර මේ රටේ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන සියලුම අමුද්‍රව්‍ය ලබාදෙන්න සැදී පැහැදී සිටින 69 ලක්ෂයක්ම අපට ඉන්නා බව අමතක කරන්න එපා. අවශ්‍ය වෙන්නේ ඔවුන්ට පෝෂ්‍යදායි තණකොළ මදි නොකියන්න ලබාදීම පමණයි...
ගොම, පොහොර නම් ඕනෑතරම් තියෙනවා නේද ඇමැතිතුමෝ...!!!
කාබනික පොහොරත් නෑ.. රසායනික පොහොරත් නෑ. එළවලුත් නෑ. හාලුත් නෑ. මාලුත් නෑ. තව මොනවද නෑ... නෑ...!!!
පිටරටින් ගෙන්නන අයට වාසි තිබෙන නිසා වෙන්නැති එක් වරක් එංගලන්තෙනුත් කසල ගෙන්නුවේ... අපේ රටේ කසළ ප්‍රතිචක්‍රීකරණය කළා නම් මෙය කල හැකියි. අවංකව රට වෙනුවෙන් තීරණය ගන්නවා නම් එම අංශය ගැන හදාරා ඇති පක්ෂ විපක්ෂ සෑම විද්වතුන්ගේම අදහස් ලබාගත යුතුයි. මේ රටට මේ වූ විපත් දැනටමත් දරාගත නොහැකි බව සිතා අසාර්ථක අත්හදා බැලීම් නොකරන්න.
ඉස්සරහට තිබ්බ කකුල පිටිපස්සට ගන්න හදන්නේ...
මේ වගේ නූගත් අයගේ කතා අහලා එපා වෙලා දැන්නම්. ලියන්න අදහස් එන්නෙත් නෑ.
මුලින්ම බෙරගහලා සියරටදේ සිරිසැප දේ කියලා පටන් ගන්නවා. ඊට පස්සේ වැඩේ කරන්න බැරිවෙන්න... ඊටත් පස්සේ අපේම කෙනෙක් කාබනික පොහොර පිට රටින් ගෙන්වනවා. අපිත් ඉතින් ඔප්පු ගහනවා. අපේ ළමයිත් අප්පුඩි ගහනවා. අපේ දූ මුණුබුරෝත් අත්පුඩි ගැහුවා.
බොරු කියන්න එපා..
69 ලක්ෂය
අපේ රටේ උපාධි ධාරීන්ගෙන් වැඩි හරියක් සිටින්නේ කෘෂි විද්‍යාවට සම්බන්ධව.. ගොවිජන සේවා මධ්‍යස්ථානවලට අනුයුක්තව විශාල පිරිසක් සේවය කරනවා. නමුත් රජයේ පැළ තවානක හදිසියට ගන්න පොල් පැළයක් නැහැ. මධ්‍යස්ථානයකට ගියොත් උපදෙසක් ගන්න නිලධාරියෙකු හමුවෙන්න බැහැ. කෘෂි කර්මාන්තය තිබෙන්නේ ඉතාම ප්‍රාථමික මට්ටමේ... මේ කොරෝනා කරදර අස්සේ ඔවැනි ව්‍යාපෘති දියත් කරන්න ගියොත් වෙන්නේ බඩගින්නේ මැරෙන්න.
මුනුත් එකයි, ආණ්ඩුවත් එකයි. බොරු කියලා මිනිස්සු රවට්ටනවා.
පාර්ලිමේන්තු වැසිකිළියෙන් රටටම අවශ්‍ය කාබනික පොහොර ඔබතුමාලට හදන්න පුළුවන්...
ජීවානුහරණය කෙරුවට අනික් ඒවාට මොනද කරන්නේ..?
මේ අර ඊයෙ ලංකාවට ජීවානුහරනය කල කාබනික පෝර ආනයනය කරපු කෙන නේද? මොන ඉස්කෝලෙට ද ගියෙ මචං?