(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවන දිනයේදීම පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ද නම් කරන බව එම පක්ෂයේ සභාපති, මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද(15) කොළඹදී පැවසීය.
ඒ සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් අනිද්දා (17) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන බව ද සභාපතිවරයා ස`දහන් කළේය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවන මොහොතේම ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීමට එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කැමැත්ත පළ කර ඇතැයිද ඔහු පැවසීය.
අමාත්‍ය කබීර් හෂීම් මහතා මේ බව පැවසුවේ මහාමාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ අද(15)පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
පොඩි ඉඟියක්වත් දෙන්නකෝ අපිට? කියන්නකෝ ඔච්චර ආඩම්බර වෙන්නේ නැතුව..
ආණ්ඩුවේ සංවර්ධන වැඩ වගේම තමා ඒකත්. ඡන්දෙ ඉවර උනාට පස්සෙම සංධානේ හදලා නම් කරන්න
මුන්නැහෙට අමුකැවිලද කොහෙද? එක්කෙනෙක් අර නාලිකාවේ උදව්වෙන් දැනටමත් පෙරහැර පටන් අරගෙන තියෙද්දී තවත් මොනවද නම් කරන්න ඉතුරුවෙලා තියෙන්නේ. එයා " කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හරි " ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා වෙනවා මයි කියලා කියන බවයි ඇහෙන්නේ. මෙයත් කලින් එයාට අත උස්සපු බව අපි දන්නවා...
සජිත් ගෙනාවට අපිට කමක් නැහැ. හැබැයි මෛත්‍රීගේ ජනපතිකම් ඉවර වෙලා නඩුවලට එන්න වුනොත් එයාට කියන්න ඔහුට බේරෙන්න පොටවල් පාදන්න එපැයි කියලා.
දැන උගත්කම් ඇති ජනපති හා පාර්ලිමේන්තු නියෝජිතයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් නඩත්තු කරන්න යන වියදම හැකිතාක් අඩුකර මහජන මෙහෙවර කරන්නට කැමති යහපත් පුද්ගලයෙක් ඉදිරිපත් කලොත් කවුරුත් ඡන්දය දෙයි. දැන් පක්ෂ පාට එපාවෙලා කිසිකෙනෙකු විශ්වාස කළනොහැකියි. ගිහි පැවිදි මිනිස් ප්‍රතිරුපක වලින් සමන්විත ලෝකයක අතරමංවූ එවැනිම මිනිස් ප්‍රතිරුපක තමයි ඉන්නේ.