(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් විනය කැඩූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනෙක් පක්ෂයෙන් ඉවත් කළ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ විජේදාස රාජපක්ෂ, දුනේෂ් ගන්කන්ද, එස් බී නාවින්න, අශෝක් ප්‍රියන්ත සහ ආනන්ද අලුත්ගමගේ මහත්වරුන් මෙලෙස එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ බවට වන ලිපි අදාළ මන්ත්‍රීවරුන් පස්දෙනා වෙත අද ලියාපදිංචි තැපෑලෙන් යැවූ බව පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
COMMENTS
එතකොට සජිත් කියන පුද්ගලයා එජාප ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා නැද්ද? එයත් සිරිසේන සමග එකතුවෙලා පෞද්ගලිකව හරි ජනාධිපති තරඟෙට එනවා කීවනේ... දැනටමත් පක්ෂ නායකත්වයට විරුද්ධව වැඩකරනවානේ...
අර වෙන්ඩ අපේක්ෂකතුමාට මොකුත් නැද්ද?
දැන් ඉතින් ඔය නඩේ පොහොට්ටු වන්දනාව තමයි..
ඔය අර අවබෝධතාවයට ආණ්ඩුවට මුක්කු ගහන්න ඇවිත් කාලේ ඉවර වුණාම අපහු උන්නු තැන්වලටම ගිය කට්ටියනේ නේද? කලින් අර රාජපක්ෂ ආණ්ඩුවටත් ඔයපැත්තෙන් කට්ටියක් ඇවිත් අවුරුදු තුනෙන් අාපහු ආවේ. මිනිස්සුන්ට ඒ ආපසු එන එක නොතේරෙන්න ඔයවගේ සද්දයක් දාන්නම ඕනෑ.