එක්සත් ජාතික පක්ෂයේ තනතුරු කිහිපයක් සඳහා අකිල විරාජ් කාරියවසම්, පාලිත රංගේබණ්ඩාර, වජිර අබේවර්ධන සහ ඒ.එස්.එම් මිස්බාහ් යන මහත්වරුන් පත්කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය අද(13) පියවර ගෙන තිබේ.
ඒ අනුව, පාලිත රංගෙබණ්ඩාර මහතා මහලේකම්වරයා ලෙස ද, අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා ලෙස ද, වජිර අබේවර්ධන මහතා සභාපති ලෙස ද, ඒ.එස්.එම්. මිස්බාහ් මහතා භාණ්ඩාගාරික ලෙස ද පත්කර ඇත.
COMMENTS
එජාපයට ගිය කලක්. කොහොමට තිබුණු පක්ෂයක්ද?
දැන් එක්කෙනාට තනතුරු කීපයක් දරන්නත් පුළුවන් වේවි. තනතුරු ගන්නටවත් සාමාජිකයින් සොයන්න පුළුවන් කමක් නැහැනේ.. මෙයාලා රටත් කාලා, පක්ෂෙත් කෑවා.
ඉතා බලවත් පුද්ගලයෙක්.. මෙයාට සුලු මොහොතකින් පුලුවන්... වොඩ්කා වතුර බවට පත්කරන්න. තමන්ගේ දරුවාට නීතිය ක්‍රියාත්මක කරන්න නොදුන් මෙයා කොහොමද පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදේ කරන්නේ? තමන්ට ආදර්ශයක් වෙලා රටට ආදර්ශයක් වෙන්න ඕනේ...!!!
අලුත්ම මුහුණු ටිකක්. ජය නියතයි.
මාර පොරවල් ටිකක්.. ඉක්මණටම පක්ෂය කනත්තට තල්ලු කරන්න නියම වෑයමක්... අයියෝ වජිර ...!!!
ලොකු දෙයක් !!! රවීව අයින් කරගත්ත එකනම්...
යූඑන්පී එක ආණ්ඩුවක් පත්කර ගන්න දවස ලියාගන්න.. 2072...!!!!
පාර්ලිමේන්තුවේ ආසනයක් දිනාගන්න බැරි මේ වගේ අය ඉන්න පක්ෂයකට කවුද ඡන්දෙ දෙන්නේ..?
මේ අයගේ නම් ටික දැක්කාම මට තනි ඇහැට ඇඬෙනවා.
එජාපයින් නැති හිස් පක්ෂයක් වෙලා...
මේ කමෙන්ට් දාපු අයට හරි දුක හිතිලා වගෙයි. කලබල නොවී ඉන්න. මේ නිලධාරීන් වසරකට වරක් අලුත් වෙනවා. පක්ෂයකට නීතියක් ඇත. කලබල නොවී කිඹුල් කඳුලු නොසලා බලාගෙන ඉන්න.
ලූලා නැති තැන කණයා පණ්ඩිතයා කියලා කියමනක් තියෙනවා නේද?
හොඳ වෙලාවට හැටහුටහමාරක් දරුමල්ලෝ උන්නේ නැහැ. උන්නා නම් මේ ගොල්ලන්ට හුළං තමයි.
මට නම් පාලු ගෙදරක ගෘහමූලික කම් එපා.