ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් අරලියගහ මන්දිරයේදී රැස්වී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මාධ්‍යට අදහස් දක්වමින් පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේ සිට පැමිණි පසු සාකච්ඡාව ආරම්භ කරන බවයි.
‘‘අද සවස පාර්ලිමේන්තුවෙදි මමයි මංගල ඇමැතිතුමයි එක මේසේ වාඩි වෙලා තේබොද්දි මහින්ද රාජපක්ෂ මහතා එතනට ආවා. ඇවිත් කිව්වා හර්ෂ දැන් අවුරුද්දු තුනක් තුන හමාරක් ආණ්ඩුවේ හිටියානේ දැන් අපි එක්ක විපක්ෂෙට එන්න කියලා. මම හිතුවේ විහිළුවක් කළේ කියලා. මමත් කිව්වා ඔබතුමා එක්ක අපි එන්නේ නැහැනේ කියලා. මෙහෙම දෙයක් ගැන අපි දැනගෙන හිටියේ නෑ.
මම නීතීඥයෙක් නොවන බව හැමෝම දන්නවා. මම දන්න ව්‍යවස්ථාවට අනුව මෙහෙම කරන්න බෑ. අගමැතිතුමා ගාල්ලේ ඉඳන් දැන් එනවා. ආවට පස්සේ අපි සාකච්ඡා කරනවා. ‘‘
ඡායාරූප - හර්ෂ ද සිල්වාගේ ට්විටර් ගිණුමෙන්
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
එජාප මන්ත්‍රීවරු අරලියගහ මැදුරේ සාකච්ඡාවක
sirimal Friday, 26 October 2018 05:01 PM
සාකච්ඡා කරන්න දෙයක් නැහැ. එක්සත් ජාතික පක්ෂය වැනි පාරම්පරික වැදගත් පක්ෂයක් ඉදිරියට ගෙනයාමට හැකියාවක්, දැනුමක් සහ වුවමනාවක් ඇති කෙනෙකුට වැඩේ බාරදීලා පක්ෂය මේ තැනට වට්ටපු ගජමිතුරු සමනල සන්ධානය එක්කම අයින් වුනොත් හොඳයි.
BamunuarachchiSaturday, 27 October 2018 11:15 AM
සීයාද එජාප ඉතිහාසය කියලා දුන්නේ?
chathuri Friday, 26 October 2018 05:12 PM
අගමැති වෙන්න කලින් පුරුදු රස්සාව පටන්ගන්න යනවද? මහින්ද සල්ලිදීලා මිනිස්සු ඇමේට ගන්න. පොල්ලකින් ගහන්න ඕනෑ ඔය කතාවලට... මෛත්‍රිගේ මේ වැඩ නිසා ජීවිතහානි කීයක් වෙයිද?
gunarathna Saturday, 27 October 2018 01:31 AM
දැන් ඉතින් කතා කරකර ඉඳලා හරියන්නේ නැහැ. මහින්ද එනවා ඔතෙන්ට. ඉක්මනට මාරු වුනොත් හොඳයි.. මෛත්‍රීට කපන්ට ගියවලට තමුන්වම වැටුණා නේද රනිල් මහත්තයෝ...?