( +++ අංජුල මහික වීරරත්න)
ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානයෙන් ඉදිරිපත් වන්නේ අලියා ලකුණින් යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙ බණ්ඩාර මහතා ඊයේ (3) පැවැසීය.
පොදු සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 58 දෙනකු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී බහුතරයේ තීරණය දැනුම් දුන් බව කී රංගෙ බණ්ඩාර මහතා ඉදිරි කෘත්‍යාධිකාරි මණ්ඩලයට බහුතර තීරණය දැනුම්දී තීන්දුවක් ගන්නා බවද සඳහන් කළේය.
ඉදිරි මැතිවරණයට අලියා ලකුණින් ඉදිරිපත් විය යුතුය යන එජාප බහුතර මන්ත්‍රීන්ගේ තීරණය එක්සත් ජාතික පක්ෂයේ ඉතිරි මන්ත්‍රීවරුන් 19 දෙනා සමග ඉදිරියේදී සාකච්ඡා කරන බවද ඔහු කීය.
ලකුණු මාරු කරන්නට ගොස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වූ ඉරණම එක්සත් ජාතික පක්ෂයට අත්වීමට ඉඩ දිය නොහැකි බවද පාලිත රංගෙ බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඔහු මෙසේ පැවැසුවේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ජාතික ප්‍රශ්නයක් නෙවෙයිනේ... තම බලය රැකගැනීම පිළිබඳ කුළල් කා ගැනීමක්. අලියා බැරිනම් නරියා ලකුණෙන් ආවත් කමක් නෑ. පක්ෂ බදාගෙන නැති බුද්ධිමත් ජනතාව නිවැරදි තීරණය ගනීවි. මහා මැතිවරණයේදී... අපට අවශ්‍ය රට ගොඩනැගීම මිසක් කාගෙවත් බලතල රැකීමවත් පක්ෂ රැකීමවත් නොවේ...
මොන ලකුණින් ආවත් හැමදාම විපක්ෂයේ තමා ඉන්න වෙන්නේ. නායකත්වයට කුළල් කා ගන්නවා මිසක් පක්ෂය ඇතුලේ ඉන්න අයගෙවත් කිසිම සමගියක් නැහැනේ. සමගිය බලය වේ කියලා කියමනක් තියෙනවා. ඉන්න අය ඒකවත් දන්නවද මන්දා ?
අලියා ලකුණට වැඩිය බූරුවා ලකුණ හොඳ නැද්ද ?
මොකෙන් ආවත් මෙදාපාර අන්ත පරාදයි.
මොන ලකුණෙන් හරි රනිල්ව හලලා එන්න. නැතිනම් මිනිස්සු ඡන්දෙ නොදෙති...
හොඳම ලකුණ වතුර පුරවපු වොඩ්කා බෝතලය...
එන්නේ අලියා ලකුණින්, යන්නේ...?