(අංජුල මහික වීරරත්න සහ නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පෙරමුණේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් කිසිවෙකුත් නම් නොකිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අද (3) දහවල් අවසන් තීරණයකට එළැබිණි.
එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඉහත තීරණයකට එළැබියේ අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ විශේෂ සාකච්ඡාවකදීය.
එක්සත් ජාතික පෙරමුණ විසින් එළැබි ඉහත තීරණය අද සවස පැවති සාකච්ධාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිල වශයෙන් දැනුම් දීමට ද පියවර ගැණිනි.
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ හයේම නායකයෝ ඉහත තීරණය ගත් සාකච්ඡාවට සහභාගී වු බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පක්ෂයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.
එක්සත් ජාතික පෙරමුණේ හෝ එක්සත් ජාතික පක්ෂයේ හෝ නායකයා තීරණය කිරිමේ බලය කිසි ලෙසකින්වත් ජනාධිපතිට නොදෙන බව අවධාරණය කළ මනෝ ගනේෂන් මහතා ජනාධිපති කැමති වුණත් නැතත් පාර්ලිමේන්තුවේ බහුතර සහය හිමි මන්ත්‍රීවරයා රටේ අගමැතිවරයා ලෙස නම් කළ බවද කීවේය.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
එජාප නායකයන් අවසන් තීරණයකට
sirimal Monday, 03 December 2018 10:11 AM
උසාවියෙන් "අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට" අතුරු නියෝගයක් නිකුත්කරලා. දැන් ඉතින් හැමදෙයක් ගැනම මෙච්චර කාලයක් කිව්වා වගේ "රනිල් අගමැති වුනොත් එක විනාඩියක්වත් ජනාධිපතිකමේ ඉන්නේ නැහැ" කියලා කිව්වේ විහිළුවට කියලා තමයි කියන්න වෙන්නේ...
wedage Monday, 03 December 2018 10:23 AM
රට විනාශ වුනත් කමක් නෑ ඔබලාගේ නායකයා තමයි ඕනේ
දිල්මු Monday, 03 December 2018 10:25 AM
පාර්ලිමේන්තුවේ බහුතරය නෙමෙයි, දෙමළ සහ මුස්ලිම් බහුතරය කියල දාන්න ඒ අයට ඕනදේ කරගන්න පුළුවන් කෙනාව එපැයි අගමැති කරන්න. ඊට පස්සේ ඒ අයට රජ මගුල්. අපි යන්නම් වෙන රටවලට. ඕකේ ඉන්න කාලකන්නි 225 අහන්නේ රටේ ජනතාවගෙන් අහපල්ලකෝ ඡන්දයක් තියලා. ඕකේ ඉන්න අය රට ගැන හිතල තීරණයක් ගත්තේ කවද්ද? මේ රටේ ජීවත් වෙන මිලියන 21ක ජනතාවගේ අනාගතේ මේ නූගත් කසිප්පු කාරයන් කනවා කියල විතරයි මට හිතෙන්නේ. හොඳක් නම් වෙන්නේ නෑ. අපේ ළමයින්ගේ අනාගතේ කනවට...
wikiMonday, 03 December 2018 10:54 AM
දෙමළ, මුස්ලිම් කියන්නේ මේ රටේ ජනතාව නොවේද?
januMonday, 03 December 2018 11:53 AM
ඒ අය රටේ ජනතාව තමයි... ප්‍රශ්නේ තියෙන්නේ ඒ අය අනිත් ජාතින් රටේ ජනතාව විදිහට හිතන්නේ නැති එකයි.
සමන්තMonday, 03 December 2018 12:03 PM
ජාතිවාදී රස්තියාදු කාරයින්ට වඩා දෙමළ මුස්ලිම් වැඩකරන, බදු ගෙවන ජනතාව රටට වටිනවා. ඒ මිනිස්සු බදු ගෙවන නිසා ඔබලා වගේ මිනිස්සු බෙහෙත් පෙත්තක් වත් ගන්න...
nisarMonday, 03 December 2018 12:43 PM
මට ඇමරිකන් සිටිසන්ෂිප් දෙනවානම් දැන් වුණත් කමක් නැහැ පන්නන්න..
BamunuarachchiMonday, 03 December 2018 04:48 PM
ට්‍රම්ප් මහතා කැමති නැහැ ඕගොල්ලන්ට පුරවැසිභාවය දෙන්න. අපිත් කැමති නැහැ මෙහෙ පුරවැසිභාවය දෙන්න. ඉන්දියාවම තමයි ඕගොල්ලන්ගේ එකම පිහිට.
අනුර පැස්කුවල් Monday, 03 December 2018 01:33 PM
මේ රටේ ජීවත්වන දමිළ මුස්ලිම් ජනතාව නොරටුන් විදියට සලකන මේ උදවියම අහනවා දමිළ මුස්ලිම් වීම නිසාම ඔවුන්ට තිබෙන ප්‍රශ්න මොනවද කියලා. ඊළඟ විහිලුව තමයි පිටරටවල ජීවත්වෙන මේ කතා කියන කට්ටියම, අරාබියගෙන් හරි සුද්දාගෙන් පොඩි කෙනෙහිලි කමක් වූ ගමන් අන්ත කුණුහරපෙන් ඔවුන්ට බැනවැදීම...
BamunuarachchiMonday, 03 December 2018 04:26 PM
ඔබත් පැස්කුවලනේ එහෙම කීවාට ප්‍රශ්නයක් නැහැ නමුත් ආරච්චි කෙනෙක් කීවානම් තමයි අපිට තරහා යන්නේ.
Hafeel Monday, 03 December 2018 04:05 PM
දෙමළ, මුස්ලිම්, සිංහල ජනතාවගෙන් නොවේ ප්‍රශ්න. දේශපාලකයෝ තමයි ප්‍රශ්න ඇති කරමින් රට විනාශ කරන්නේ. ජනතාව අතර කිසි ගැටළු නැත. අපි දැකල තියනවා ආපදාවලදී කිසිම භේදයකින් තොරව උදව් උපකාර කරනවා. ඒ නිසා ජනතාවට දොස් කියල හරි යන්න නැහැ. මේ වගේ දේශපාලන සංස්කෘතිය නැති කරන්න ඕනේ.
Bamunuarachchi Monday, 03 December 2018 10:50 AM
ජනාධිපතිගේ කතා දෙකෙන්ම කියැවුනා ඇයි රනිල් අගමැතිකමින් ඉවත්විය යුත්තේ කියලා... මේ රටේ ජීවත් වුණු පුරවැසියන් හැටියට මේ අවුරුදු 4 තුළ මෙරටට කිසිම සෙතක් රනිල්ගෙන් සිදු නොවුණු බව අපි දනිමු. මීට අවුරුදු 6 කට පමණ පෙර මේ බව තේරුම් ගත් එජාප පාක්ෂිකයෝ රනිල්ට ගල්ගසා එලවා දැමීමට ගිය බව අපිට හොඳට මතකයි...
AP kumara Monday, 03 December 2018 11:05 AM
ජාතිවාදී වෙන්න එපා සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාම ශ්‍රී ලන්කන්....
Sudda Monday, 03 December 2018 11:49 AM
60 නෙවෙයි, 70 පැන්නත් 2030 වනතුරු මමයි යූඑන්පී ලොක්කා. සජිත් සහ නවීන් අකුලගනු...
sandy123 Monday, 03 December 2018 12:36 PM
නිල් පාට හෝ කුරහන් පාට පොහොට්ටු ලාංඡනය සහිත කණ්නාඩි විකිණීමට හෝ කුලියට දීමට ඇත. වැඩිම ලංසුවට.
Ruwan Monday, 03 December 2018 01:41 PM
රනිල් ආණ්ඩුවේ මන්ත්‍රීවරු 46 දෙනෙක්ම සිංහලයන් නොවන බව ඔබ දන්නවද? එනම් සිංහල රාජධානියේ රජයේ මැති ඇමති මණ්ඩලයෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් සිංහලයන් නොවන බවයි.
gihan Monday, 03 December 2018 01:55 PM
ෆාදර් ට්‍රාවිස් ගේබ්‍රියල්ගේ මේ පිටිපස ඇති භූමිකාව වහා සොයා බැලිය යුතුයි. ඔහු හා කෝට්ටේ එකම පාසලේ සිටි ඔහුගේ පවුලේ මිතුරාගේ තීරණ පිටුපස ෆාදර් ට්‍රාවිස් ගේබ්‍රියල්...
silva Monday, 03 December 2018 02:00 PM
විජේවර්ධන කෙනෙක් ඉස්සරහට එනකම් ඔය මනුස්සයා ඕක කීයටවත් අත අරින්නේ නැහැ.
Bandula. Tuesday, 04 December 2018 03:51 AM
අනේ මෙහෙමත් නාටක? ඔය කට්ටියගේ වෙන කෙනෙක් ඇත්තෙම නැද්ද නායකයෙක් වෙන්න? බැරිද නැත්නම් හැටිද?
A Tuesday, 04 December 2018 04:55 AM
ඔය එක ඇමතියෙක් වත් ඔන් නැහැ රාජ්‍ය පරිපාලනය වහාම නිලධාරීන්ට බාරදෙන්න්න පාර්ලිමේන්තුවේ 225 ගෙදර යවන්න ඔ්ය කට්ටිය නැතිව රට පාලනය කර ගත හැකිය