(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා තවමත් රහසක් යැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹදී අද (23) පැවසීය.
කෙසේ වෙතත් ඉතාම ඉක්මණින් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේ පැවති ෆියුචර් ඔෆ් ටුවරිසම් සමුළුව - 2019 ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
එහිදී සී.එන්.එන් නිවේදක රිචඩ් ක්වෙස්ට් මහතා සමඟ පැවති පිළිසඳරක දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
ජනාධිපති අපේක්ෂකයා වීමට සියලූ දෙනා උත්සාහ කලත් ජනතාවගේ මතය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ 225 ම ගෙදර යැවීම බවත් අග‍්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
COMMENTS
සුමන්තිරන් නෙමේ නේද? රහසක් නිසා ඇහුවේ!!
රස රහසක්ද සර්?
ඔයා තමයි...
මේ මනුස්සයට අත්තන ඇට කැවිලද? පට්ට ඩීල් එකක් දන්න හදන්නේ.කඩි මුඩියේ කැබිනට් එක රැස් කරලා විධායක ජනාධිපති කම අහෝසි කරන්න ගේමක් ගහන්න හැදුවා. ඒක හරි ගියෙත් නැහැ.මෙතුමා අපේක්ෂකකමට එන තැනටම වැඩ කරලා තම පස්ස බලන්නේ.සමස්ත ජනතාවම ඔබතුමාට නම් කැමති කියල හිතන්න එපා මහත්තයෝ.
තව නොබෝ දිනකින් ,යූ.ඇන්.පි ජනාධිපති අපේක්ෂක (පොදු අපේක්ෂක ) ශිරාණි බණ්ඩාරනායක බව ප්‍රකාශ කරමු.
ඔබතුමා තමයි අපිට ඕන සජිත් කියන්නේ ළදරුවෙක් අත්දැකීම් නැත. ඔබතුමා එන්න ජය නියතයි.
225 ම කෙසේ වුවත් ඔබනම් රටේ ජනතාව පරදවලා ගෙදර යවනවා සිකුරුයි .ඒ නිසා රටත් ජනතාවත් පාක්ෂිකයවත් අගාදයට හෙලන්නේ නැතුව ගෞරවාන්විතව දේශපාලනයෙන් විශ්‍රාම යන්න.
ඔබතුමා ඇතුළු කිහිප දෙනෙක් අයින් වුණාම ඇති..
බොහෝ පාක්ෂිකයන් කියන්නේ 2010 ,2015 ජනාධිපතිවරණ දෙකේදීම ඔබතුමා පක්ෂයේ ජයග්‍රහණ වලක්වූ බවයි..
ජනතාවගේ මතය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ 225 ම ගෙදර යැවීම නම්, ඒ 225 ඔයත් ඇතුළු. එහමනම් නොකියා කියන්නේ ඔයා නුසුදුස්සක් කියල.
රහස් අපේක්ෂකයා 70 % වඩා ගන්නවා.ඊළඟ අවුරුදු දහයටත් අපිට ඕනේ යහපාලනය.
දාගන්න පුළුවන් කෙනෙක් නැත්ද?
මෙයාට තියෙන්නේ ආසයි බයයි ලෙඩේ.
මෙතුමා නම් එජාපය නැත්තටම නැති කරන්න ආපු නායකයෙක්. මොකද දිනන අශ්වයෙක් අතේ තියාගෙන මේ කියන විකාර විගඩම් කතා අහලා එජාප කාරයන් අද අනාථ වෙලා ඉන්නේ. මේ හැමදාම පත්තරවල තියෙන කාටූන් ටික බලලාවත් හිත හදාගෙන නම්බු පිටින් ගෙදර ගියා නම් හොඳයි. හරිම ලැජ්ජා සහගතයි.
ජනපතිවරණයට සුදුසු නම් රනිල් තමයි...
ඇත්ත කිව්වා... 225 මකබෑවුණා නම්...
රහස හෙළිවේවි ගෝඨා දිනන දාට..
මට නම් හිතෙන්නෙම ඇමරිකාව අනික් පැත්තේ එක්කෙනාට නිශ්ශබ්දව දෙන පුදුමාකාර සහයෝගය බරපතල ඩීල් එකක් බවයි. පටන් ගත්තු දා ඉඳන් රාජපක්ෂ විරෝධී ඇමරිකාව දැන් ඇයි එහෙම කරන්නේ? ඇයි රනිල්ට සහය නොදෙන්නේ? සමහර විට ඒක අපට තේරෙන්න තව මාස කීපයක් යාවි. යථාර්තය නම් අපි ලෝක බලවතුන්ගේ උවමනාවන්ට අනුව නටන රූකඩ පමණයි යන්නයි, ඔවුන් යන යන තැන කරන්නේ තමන්ගේ පදයට අනුගත වන කෙනෙකු බලයට ගෙන ඒමට උත්සාහ කිරීමයි. අපේ හැම නායකයෙක්ම කරන්නේත් ගෙදර ප්‍රශ්න ඇතිවුණාම අඬඅඬා ලෝක බලවතුන් ලඟට දුවන ඒක නේද?
රහසක්, පොඩි රහසක්, කවුරුත් නොදන්න රහසක්....