
(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකත්වය සමඟ සාකච්ඡා කිරීමට සමගි ජනබලවේගය කිසිදු සූදානමක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹදී අද (28) පැවසීය.
එක්සත් ජාතික පක්ෂයට නව නායකත්වයක් පත්වන්නේ නම් පමණක් සාකච්ඡා සඳහා සළකා බලන බවද අබේසිංහ මහතා සඳහන් කළේය.
ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
සමගි ජනබලවේගය හා එක්වන්නැයි එක්සත් ජාතික පක්ෂයේ සියලු පාක්ෂිකයන්ට විවෘත ආරාධනාවක් කරන බවද අශෝක් අබේසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්ද ලක්ෂ 55ක් ලැබුණි. සජිත් පක්ෂයෙන් වෙන්වී සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලා සිටි විට ඡන්ද ලක්ෂ 26ක් ලැබුණි. එම නිසා කවුරු මොනවා කිව්වද තවම ලක්ෂ 28ක ප්‍රමාණයක් පාක්ෂිකයන් අලියා සමග සිටි ඔවුන් කිසිදිනෙක පක්ෂය මාරු කරන්නේ නැත. පක්ෂයෙන් මොන ජගතා වෙන්ව ගියද පාක්ෂිකයා ඔවුන්ගේ ප්‍රතිපත්ති සිට කටයුතු කරනු පෙනේ. සජිත්ට එක්සත් ජාතික පක්ෂයට අවශ්‍යම පුද්ගලයකු නොවන බව මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනේ. මැතිවරණයට පෙර සජිත් සහ කණ්ඩායම කියා සිටියේ සියලු එක්සත් ජාතික පාක්ෂිකයන් සිටින්නේ සජිත් සමග බවයි. නමුත් එය සත්‍ය නොවේ. එක්සත් ජාතික පක්ෂයට අවශ්‍යවන්නේ තරුණ නායකයෙකි. නමුත් සජිත් යලි එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ කොට ගෙන පක්ෂයට ගමන් නොමැත. යළිත් පක්ෂයට අර්බුද අවශ්‍ය නොමැත...
ප්‍රශ්නය තිබෙන්නේ රනිල්ගේ නොව, පක්ෂ නායකයා පිළිබඳව නිවැරැදි අවබෝධයක් ලබා නොගැනීමට නොහැකි සහ ඔවුන්ගේ පුද්ගලික අරමුණු ඉටුකර ගැනීමට නොහැකි පිරිස පක්ෂය තුළ අර්බුද ඇතිකර තිබේ. රනිල් වෙන නායකයන් මෙන් වටේ ඉන්න පිරිස සහ මන්ත්‍රීවරුන් නලවන නායකයෙක් නොවේ. ඔහු ප්‍රතිපත්ති මත දේශපාලනය කරන්නා වූ නායකයෙකි. මේ වනවිට ඔබ දන්නා පරිදි ඔවුන් පක්ෂයෙන් පිටව ගොස් ඇත. ලක්ෂ 28 ඡන්දය සජිත්ට නොදුන් හේතුව කුමක්ද?
ඔය කියන ලක්ෂ 28 ඡන්ද පොළට ගොස් පුරුදු පරිදි අලියාට කතිරෙ නොගහ ගෙදරට වෙලා හිටියේ රනිල්ගේ නායකත්වය නොපිළිගන්නා නිසා බව... සාමාන්‍ය සිහිබුද්ධියක් තිබෙන සියලු දෙනාටම වැටහෙනවා.
මේ ඉරයි, හඳයි එක අහසක පායන දවසක තමයි.
ඔයගොල්ලෝ මොන බම්බුවක් කරන්නද?