(නිමල කොඩිතුවක්කු)
එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ නමින් නව සන්ධානය පිහිටුවීම තවදුරටත් ප‍්‍රමාදවීමේ තත්වයක් උද්ගතව පවතී.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට අදාළ කටයුතු අවසන් කිරීමේ අරමුණින් එක්සත් ජාතික පෙරමුණු පක්ෂ නායකයින් අරලියගහ මන්දිරයේ දී හමුවුවද සන්ධානය පිහිටුවීමේ එකඟත්වයක් ඇතිකරගැනීමට නොහැකි වූ බව පක්ෂ නායකයකු පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ නියේජ්‍ය නායක සහ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාද අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවට සහභාගී වී සිටියේය.
එක්සත් ජාතික පෙරමුණේ මූලිකත්වයෙන් සන්ධානය පිහිටුවීමේ කටයුතු දිගින් දිගටම ප‍්‍රමාදවීමෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීම තවත් කල් යාමේ තත්වයක් උද්ගතව ඇතැයිද එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයකු වැඩිදුරටත් පැවසීය.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට පෙර ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් නොකළ යුතු බවට එක්සත් ජාතික පෙරමුණු නායකයින් අතර පවතින මතය ද ඊයේ (13) රාත්‍රී පැවති හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කර තිබිණි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණ පිහිටුවීමට අදාළ තවත් සාකච්ඡා වටයක් ලබන සෙනසුරාදා (17) පස්වරුවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙන බවත් එම හමුවේදීවත් සන්ධානය පිහිටුවීමට අදාළව අවසන් තීරණයකට එළැඹීමට අපේක්ෂා කරන බවත් එක්සත් ජාතික පෙරමුණු පක්ෂ නායකයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
හුඟක් මිනිස්සු දැන්නම් දන්නවා මේ රටේ මීළඟ නායකයා කව්රුන්ද කියන වග...? මම හිතන්නේ මේ පක්‍ෂය ඇතුළු අනෙක් පක්‍ෂ හෝ සංවිධානවල අපේක්‍ෂකයින් දැම්මත් නොදැම්ම ගානයි. ඒ නිසා දැනට කරළියේ ඉහත්තාවේ වැජඹෙන අපේක්ෂකයාටම මෙදා පාර දිනන්න දීලා සජිත් 2030දී වගේ බැලුවොත් නරකද?
දැන් කියාවි... තවත් කට්ටිය එකතු වෙන්න ඉන්න නිසා කල්දැම්මා කියලා. ඉන්න ටිකත් අද, හෙට පනිනවා.. අනිත් පැත්තට..
අර බ්‍රේකින් නිවුස් වල වුවමනාවට වැඩකරන්න ගියොත් "සොරි ඩොට් කොම් " තමා ඉතින්. ඒ ගොල්ලන්ගේ මීළඟ රැස්වීම මාතරදී පවත්වන්නැයි සුදානම. මතක තියාගන්න ලංකාවේ මාධ්‍ය අතරින් දැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ වුවමනා, එපාකම් හේතුවෙන් සම්පුර්ණ ප්‍රචාරයන් ගෙනියන්නේ දැනටම තරඟ පිටියට බැහැලා ඉන්න අපේක්ෂකයාට කියලා...
දැන් ෆීල්ඩ් මාෂල්තුමත් ඉල්ලන්න ඕනෑ කියන නිසා අලි වලිගේ වෙලාද? ගෝඨාභයට ඡන්දෙ නොදෙන සුළු ජාතිකයන් සරත් ෆොන්සේකාට ඡන්දෙ දේවිද? එතකොට කරු ජයසුරිය සහ රනිල් වික්‍රමසිංහ මහත්වරු ඉල්ලන්නේ කොහෙන්ද?
අපි නම් රනිල් සර්ට...!
ආණ්ඩුව හදාගෙන රට කෑව අයට අායෙමත් ආණ්ඩුවක් ලැබෙන්නේ නැහැ. එයාලා කොහොමද එක තීරණයකට එන්නේ...? ටික දෙනෙක් සතුටු කරගෙන රට විනාශ කෙරුවා. එ්කනේ මේ අවුරුදු 4ක් කරේ. දැන් එකඑකා මරා ගන්නවා. මිනිස්සු හොඳට තෙම්පරාදු වෙලා ඉන්නේ. මේ ගමන හදන ආණ්ඩුවට පුළුවන් රටට හොඳ දෙයක් කරගන්න ශක්තිය ලැබේවි.. (එය පොහොට්ටුව විය හැක.) කොහොමත් දැන් රැවටෙන අය අඩුයි ලංකාවේ... සමහර ආණ්ඩුවලට ඕනෑ මිනිස්සු හැමදාම දුප්පත්කමෙන් තියාගන්න. මොකද ගම්වල නොතේරන අය දැනුම දියුණුවට අාවොත් මෙයාලට බොරු කියලා හෝ එමිටේෂන් දේවල් දීලා රවට්ටා ගන්න අමාරුයි. ලංකාවේ ඉන්න සමහර අඩු ජාතිය අයට රට ගැන කැක්කුමක් නැහැ එයාලා කැමති නැහැ. මේ රට ලෝකේ හොඳ තැනකට එනවට...
අපි නම් නාගානන්ද කොඩිතුවක්කු මහත්තයාට... මේ දෙගොල්ලොම කලේ රට කෑව එක... නාගානන්ද චරිතය ගැන නෙමෙයි.. ඒ වැඩපිළිවෙල ගැන බුද්ධිමත්ව බලන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.
සජිත් සජිත්...
"නොකෙරෙන දීගෙට කෝදුරු තෙල් හත් පට්ටයක් තිබුනත් මදි"
ලංකාවේ ඉන්න එකම ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපති නායකයා රනිල්
පොඩ්ඩක් ඉන්නකෝ, බැරිවෙලාවත් පළාත් සභා මැතිවරණෙ ඉස්සරවෙලා තිබ්බොත්, සජිත් ලොක්ක වෙලා බැහැනේ?
එක්සත් ජාතික පක්ෂය දැන් හරියටම සිරියාව වගේ ....කවදාවත් නැගිටිල්ලක් නැහැ...ජනාධිපතිවරණයෙන් පස්සේ ඔය කියන සන්ධානය හදා ගන්න 30% වත් චන්ද ලැබෙන්නේ නැහැ.වගකීමෙන් කියන්නේ.
ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න . ඊට පස්සේ පුළුවන් කැමති කෙනෙකුට ඔහු සමග සන්ධාන ගතවෙන්න
රටේ හරි විදිහට හිතන පසුගිය වසර 70 පුර මෙම සියලුදෙනා කරපු දේවල් බලල ජනතාව තීරණය කරවී කාවද දිනවන්න ඕනේ කියලා , නැතිනම් රටේ ජනතාව ඡන්දය නොදී ඉන්න එක හොඳයි කාටවත්ම.
ප්‍රශ්නයක් නැහැ කල් අරගෙන හරි දූෂණ, වංචා, භීෂණ පවුල්වලට සම්බන්ධයක් නැති පුද්ගලයෙක් නම් කරන්න. එහෙම නැතිව කොටින්ට ආයුධ දීලා ඒ ආයුධ වලින්ම රජයේ හමුදා කඳවුරු නිලධාරීන් විනාශ කිරීමට මග සලසා දීපු නායකයෙකුගේ ලේ තිබෙන ගෑවෙන ඒ ගියමග යනවා කියන කෙනෙකුව පත්කළොත් නම් වහකෑවා තමයි.
ඉක්මණට සංධාන ගතවෙලා සජිත් අපේක්ෂකයා ලෙස නම් කරන්න..